ගෑස් හුටපටය 😎😎 - A True Story ☠️☠️ - 5% to Sl Charity

in hive-133716 •  3 years ago  (edited)

ඉතින් කොහොමද කට්ටියට... ටික දවසක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආවා අදත් කාලීන මාතෘකාවක් අරන්. කාලෙන් කාලෙට අපේ රටේ එක එක මාතෘකා ජනප්‍රිය වෙනවනේ. ඉතින් මේකත් ඒ වගේ එකක් තමයි. දැන් කාලයක් ඉඳලා එක එක දේවල් හොයාගන්න නැතුව පෝලිම්වල ඉඳලා ඒ බඩු ගන්න එකත් කලාවක් වෙලා.

ඒ අතර තවත් දෙයක් තමයි බඩු වල ගණන් වැඩිකරගන්න ඕනි උනාම පෙන්නන නාට්‍යය. ඉස්සර වෙලාම කරන්නේ මිල වැඩි කරන්න කියලා ඉල්ලන එක. ඊටපස්සේ කොටස තමයි මිල වැඩි කරන්න විදියක් නෑ කියලා අදාල පාර්ශව වලින් කියන එක. තුන්වන කොටස තමයි තියෙන බඩුටික හංගලා බඩු නෑ කියලා කියන එක. ඉතින් අන්තිම කෑල්ල තමයි තවත් රසවත් කියලා ඔයාලා අහලා තියෙනවනේ. ඒ කෑල්ල තමයි මිල වැඩි කරනවත් එක්කම නැති බඩුටික ආපහු මතුවෙන එක. ඉතින් කාලයෙන් කාලයට මේ නාට්‍යයේ භාණ්ඩය විතරක් වෙනස් වෙලා නළුවෝ ටික මාරුවෙලා පෙන්නනවා. මේක රගදක්වන්නත් හරිම ලේසියි. ලස්සනට පිටපත තියෙනවා, ඒකට ඕනි කරන දේවල් ටික දාගන්න විතරයි තියෙන්නේ.අපිත් ඉතින් ජිවිතේ පළවෙනි වතාවට මේක බලනවා වගේ හිතාගෙන බලන් ඉන්නවා. එහෙම නැතුව වෙන කරන්න දෙයකුත් නෑනේ. මේවට විරුද්ධ වෙන්නත් බැරි හින්දා අපි හැමදාම පිඩිත මහජනතාවගේ චරිතයට ඉතාමත් තාත්වික අන්දමෙන් රංගනයට දායක වෙනවා.

WhatsApp Image 2021-10-24 at 9.58.33 AM.jpeg

ඉවර උනු හිස් ගෑස් සිලින්ඩර් දෙක

දැන් මං හැරෙන්නම් මේ ගෑස් කතාව පැත්තට. අපි පොඩිකාලේ අපේ ගෙවල්වල ගෑස් කියලා දෙයක් තිබුනේ නෑ. අපි අහලා දැකලා තිබුණු එකම ගෑස් එක තමයි අපි යාලුවෙන්න අහපු ගෑනු ළමයි ළඟ තිබුණු ගෑස් 😁😁. අම්මෝ ඉතින් ඒවා මතක් වෙනකොට මාතෘකාවත් අමතක වෙනවා. ඉතින් අපි පොඩි කාලේ දර වලින් තමයි ගෙදර උයන වැඩේ කරගත්තේ. ඉතින් කාලයක් ගතවෙලා අපේ ජිවිත සංකීර්ණ වෙද්දී අපිට දර හොයන්න යන්න වෙලාවක් නැති උනා. ඒ හින්දා අපි පුරුදු උනා ගෑස් කියන ජාතිය දර වෙනුවට පාවිච්චි කරන්න. දැන්නම් ගොඩක් ගෙවල්වල දර ලිපක් තියෙන තැන කියන එක ගෙදර හදන සැලස්මෙන්ම අතුගාලා තියෙන්නේ. අපි මෙහෙ කුලියට ඉන්න ගෙදරත් ඒ වගේ එකක් තමයි. ඉතින් කෝකටත් වැඩි ආරක්ෂාවට කියලා අපි ගත්ත ගෑස් සිලින්ඩර් දෙකත් වර්ග දෙකකින් ගත්තේ. ලොකු එක නිල් පාටයි පොඩි එක කහ පාටයි. ඒ කියන්නේ සමාගම් දෙකක්. එකක ගෑස් නැති උනොත් අනිකෙන් හරි ගන්න පුළුවන්නේ කියන සංකල්පයෙන් තමයි වර්ග දෙකෙන් ගත්තේ.

WhatsApp Image 2021-10-24 at 9.58.33 AM (1).jpeg

ගෑස් රාජයා ගේනගමන්

ඉතින් කාලයාගේ අවෑමෙන් ඒ සංකල්පයෙන් යහපතක් උදා උනා මේ ලඟදි. කහ පාට සිලින්ඩරේ ගෑස් ඉවර උනා මුලින්ම. ඊටපස්සේ නිල් පාට එක පාවිච්චියට ගත්තා. ඒ අතර කහපාට එකක් හෙව්වා නිල්පාට එකත් ඉවරවෙන්න කලින්. කියන්න දුකයි කහපාට ඒවා මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා කියලා තමයි හැමෝගෙන්ම මට ආරංචි උනේ. ඒ අතර සමහර කඩවල මුදලාලිලා මගේ දිහා බැලුවේ "කහ පාට එකක් හම්බුනොත් අටපට්ටමට කියන්න ඕනි හොඳේ " කියලා වගේ කියන එක මගේ තීක්ෂණ බුද්ධියට අවබෝධ වෙන්න වැඩි කාලයක් ගියේ නෑ 🧐🧐. ඉතින් කහ පාට ගෑස් හොයන වැඩේ නවත්තලා මං බලන් හිටියේ නිල්පාට එක ඉවරවෙන දවසක් එනකන්.

ඔන්න ඉතින් දෙයියනේ කියලා ලස්සන දවසක උදේ පාන්දරම ආවා ඒ සුභ පණිවිඩය. නිල්පාට ගෑස් එකත් ඉවරයි කියලා. හරියටම ඒ දවසෙම ආවා තවත් සුභ පණිවිඩයක්. ඒ තමයි නිල්පාට ගෑස් එකක් රුපියල් 1275 කින් මිල ඉහලට කියලා. මගේ සතුට දෙගුණ උනා. ලාබෙට තියෙන ගෑස් ගන්න තරම් අපි පහත් තත්වෙට වැටිලා නෑ කියලා හිතාගෙන මං ගියා දවල්වෙලා හිස් ටැංකි දෙකම ත්‍රීවීලර් එකක දාගෙන ගෑස් ගේන්න. මං යන්න පැය බාගෙකට කලින් නිල්පාට එකේ මිල උදේ 1275කින් වැඩි කරපුඑක රුපියල් 75කින්ම අඩු කරලා 😒😒. මං එනවා කියන ආරංචියට බයවෙලාද කොහේදෝ එහෙම කරලා තියෙන්නේ. ඉතින් නිල්පාට එකක් ඉතාමත් වාසිදායක මිලකට අරන් ගියා ආයෙත් කහපාට පොඩි එකක් ගන්න බලන්න. එහෙම ඒවා තවම මේ ලෝකෙට ඇවිල්ලා නෑ කියලා සරදමට කියන ගමන්ම මුදලාලි දැක්කා ත්‍රීවීලර් එකේ තියෙන අලුත්ම වැඩිමිල නිල්පාට ගෑස් සිලින්ඩරේ. ඒ වෙලාවෙම මුදලාලිට ඉහින්කනින් දාඩිය වැක්කෙරුනේ මුදලාලි සරදමට අරන් තියෙන්නේ ලොකු සල්ලිකාරයෙක් කියලා තේරුණු හින්දා කියලමයි මට අදටත් හිතෙන්නේ. තවමත් මං ඒ කඩේ පැත්තේ යද්දී මුදලාලි බොහොම ගෞරවයෙන් ආ සර් කියලා කියනවා...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ දවස් වල නම් හැමදේම මෙහෙම තමයි.මොකක් හරි ඒකක මිල වැඩි කරන්න යෝජනා කරනවා.පස්සේ බඩු ටික හංගනවා.බඩු නැති නිසා තියෙන බඩු ටික මිල නිකන්ම වැඩි වෙනවා.ඊට පස්සේ හංගපු බඩු ටික එලියට දාලා වැඩි උන මිලෙන් ම විකුනනවා.😂🥴

ඒක තමයි තියරිය...

හරිම නිර්මානාත්මක විදිහට ලියල තියනවා. ඔයාට බයේ 75ක් අඩු කරපු එකනම් නියමයි😆

මගෙත් එක්ක ලේසි නෑ... එකයි අඩු කරේ... 🤣🤣

Gas gas pennanwa neh... maru maru....

Okkoma gas apita thamai 😂😂

maru kathawa.. pankadu pahai. aththma thmai ithin. ehe harila mehe baladdi ada thiyena ganan nemei heta. dan aye sahal milath wadi karnawalu ayema wathawak..

Apita nokiwata okkoma ganan wadi karala thiyenne... kadekata badu ganna giyama thamayi therenne wade ..

😅😅
මේ දවස් වල ගෑස් කියන වචනෙ හරිම නිර්මාණාත්මක විදියට පාවිච්චි වෙනවා. ඒක උපහාසයට ගත්ත වීඩියෝ ගොඩක් තිබුණා. මේකත් නියමයි.😁❤️

නම්කිලාගෙන් තමයි මේ ලෝකෙට ගෑස් කියන වචනේ ගොඩක්ම සමීප වෙලා තියෙන්නේ...😂😂

e kathwa niyami..mudalaith anthimata baya una ehnm

නැතුව නැතුව.. සල්ලි කාරයොන්ට බයවෙන්න එපැයි..😂

නිල්පාට ගෑස් එකත් ඉවරයි කියලා. හරියටම ඒ දවසෙම ආවා තවත් සුභ පණිවිඩයක්. ඒ තමයි නිල්පාට ගෑස් එකක් රුපියල් 1275 කින් මිල ඉහලට කියලා.

කොරේ පිටට මරේ 😂😂
එතකොට කහ එකට මොකක්ද කරේ.?

ඒක තවම එහෙමෙහෙ යද්දී අරන් යනවා... තිබ්බොත් ගේන්න කියලා... දැනට ඒක මගෙත් එක්කම කිලෝමීටර් 200ක් විතර ඇවිදලා තියෙනවා 😂😂

meka kiyawala iwara wenakota hinath giya 🤭🤭. issarahata kellonge gas, uyana gas dekama nathuwa mudalalilage gas balanna weida dan na..

ඒක කියන්නත් බෑ... හැබැයි මොන ගෑස් නැති උනත් කෙල්ලොන්ගේ ගෑස්නම් අඩුවක් වෙන එකක් නෑ.. ඒක නියතයක් ..😂😂

hammooooh 🤣🤣

Gas kiyana wachane dakkath dannam hina yanawa hadala thiyena ewata.

ඒ තරමට ගෑස් , ගෑස් උස්සලා.... 😂😂

නියමෙට කතාව ලියල තියනවා , ඔය ගැම්මටම නවකතාවක් ලියමු 😉😉👌හරිම තත්විකයි

😁😁

අයියගේ කතාව කියවනකොට නං හිනා ගියා. ඒ උනාට අපේ ලිප දැක්කම නම් දුක හිතුනා. මේ කොහේවත් කහපාට gas ගන්න නෑ. කරුමෙ කියන්නෙ අපේ ගෙදර ගෑස් ටැංකි දෙකම කහ.😥

හයියෝ.. දැන් ඉතින් නිල්පාට එකකුත් ගන්න වෙයි 😥

ගැසුයි සිමෙන්ති හින්දා හොඳ කට්ටක් කෑවා අපි 😪😪

සිමෙන්ති හොයාගන්නත් නෑ තමයි මේ ටිකේ