ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි මට ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ. අවුරුදු දවස්වලත් ගොඩක්ම කාර්යබහුල උනා අපේ මල්ලි කෙනෙකුගේ මරණයක් නිසා. ඊට අමතරව ඉඩ ලැබුණු ගොඩක් වෙලාවට අරගල භූමියේ තමයි කාලය ගතකලේ.
මං හිතනවා මගේ මේ කතාවේ පලවෙනි කොටස ඔයාලා හැමෝම කියවන්න ඇති කියලා. එහෙම බැරි උනකෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවලම එන්නකෝ.
ඔන්න ඉතින් අපි සැලසුම් කරපු වෙලාව වෙනකොටම රත්නපුරේට ආවා. එතනින් තමයි අපේ අනිත් යාළුවා අපිට එකතුවෙන්න තිබුනේ. එයත් මං වගේම මේ යන්නේ කොහෙද කියලා නොදන්න කෙනෙක්. එයා කෑගල්ලේ ඉඳලා තමයි රත්නපුරේට එන්නේ. එන අතරමඟ එයාට නිදිමත ගතියක් ඇවිල්ලා තේ එකක් බොන්න නවත්තලා. ඒ හින්දා එයා එනකන් අපිට විනාඩි 20 ක් විතර බලන් ඉන්න උනා. ඔන්න ඉතින් එයත් ආවට පස්සේ අපේ ගමන අපි නැවත පටන්ගත්තා. අපිට ලැබුණු උපදෙස තමයි බලංගොඩට යන්න කියන එක. ඒ යන අතරමගදී නිදිමත යන්නත් එක්ක තේ එකක් බොන්න කඩයක නවත්තන්න කියලත් යෝජනා උනා. වෙලාව පාන්දර දෙක වගේ වෙද්දී අපි බලංගොඩට කිට්ටු කරලා හිටියේ. පාර අයිනේ තිබුණු පොඩි කඩයක නවත්තලා සීතල යන්නත් එක්ක උණු උණුවේ තේ එකක් බොන ගමන් මං ගෙදරින් හදාගෙන ආව සැන්ඩ්විච් පාන් එක්ක කඩෙන් ඒ වෙලාවේ හදවලා ගත්ත උණු පොල් රොටියත් එක්ක ගමනට නව ජවයක් එකතු උනා.
නැවතත් අපි අපේ ගමන පටන්ගත්තා. අපේ ඊළඟ නැවතුම උනේ බෙරගල. බලංගොඩ පහුවෙද්දී තිබුණු ලොකු මීදුමත් එක්ක අපේ ගමන ටිකක් මන්දගාමී උනා. ඒකත් වෙනම අත්දැකීමක්. කොහොමහරි පාන්දර 3.00 වෙද්දී අපි බෙරගලට ආවා. එතන හන්දියේම තිබුණු කඩයකින් රස කෝපි කෝප්පයක් බොනගමන් ගමනේ ඉදිරිය ගැන ඊළඟ නැවතුම ගැන විස්තරයක් අපිට ලැබුනා. මං හිතුවේ හපුතලේ හරහා බණ්ඩාරවෙල පැත්තට යයි කියලා උනත් මගේ මතය වැරදි කරමින් අපේ ඊළඟ නැවතුම උනේ වැල්ලවාය. ඒ පාරනම් ටිකක් දුෂ්කර මාර්ගයක් උනා. පාරේ ගොඩක් තැන්වල වල ගොඩැලි. ඒ හින්දා අපේ ගමනේ වේගය ගොඩක් අඩාල උනා. වේගය අඩු වෙනවත් එක්ක මට පොඩි නිදිමත ගතියක් වගේ දැනුනත් ඒ ගැන නොහිතා ඉදිරියට ගියා. ඒත් ටික වෙලාවකින් අපේ එක්කෙනෙක් දැන්නම් නිදිමත වැඩියි අපි ටිකක් නවත්තලා යමු කියලා යෝජනාවක් ගෙනාවා. අපි යන පාර ගැන දන්න යාලුවෙක් කීවා දියළුම දිය ඇල්ල ලඟට තව පොඩි දුරයි තියෙන්නේ අපි එතනට ගිහින් නවතිමු කියලා. ඔන්න ඉතින් විනාඩි දහයක් වගේ කාලයක් ඇතුලත අපි අදාල තැනට ආවා. බයික් එක නවත්තලා ඒකටම හේත්තුවෙලා පැය බාගෙක වගේ නින්දක් දාගන්න අපිට පුලුවන් උනා. පාරක් අයිනේ නවත්තගෙන එහෙම ඉන්න එකත් වෙනම මට්ටමක අත්දැකීමක් උනා.
එතනින් එහාට කතාවත් එක්ක අපි ඊළඟ කොටසේදී මුණගැහෙමු. ඒකනම් මේ වගේ පරක්කු නොකර ගේන්න තමයි මගේ බලාපොරොත්තුව.
Getting started on steem can be super hard on these social platforms 😪 but luckily there is some communities that help support the little guy 😊, you might like school of minnows, we join forces with lots of other small accounts to help each other grow!
Finally a good curation trail that helps its users achieve rapid growth, its fun on a bun! check it out. https://som-landing.glitch.me/
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Obe kathawe ithurutika kiyawanna ashawen innawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
bohoma sthuthiyi...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
දැන් ඉතින් මෙහෙම ගමන් ගිහිල්ලා ඉවරයි🥺
මාත් දවස් දෙක තුනක්ම හිටියා
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steemt shirt eka adala neda hitiye
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow ow.dakkada innawa.😁 katha kalanm harinh.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
man eda awe na. wife dakala photo ekak gahala mata ewala thibuna
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ahh ekanh. Dakkoth katha krnna ona.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ත්‍රාසජනක කතාවක්.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
යන්නේ කොහෙද කියලා තවමත් දන්නේ නෑ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thimirage gedara giye nedda???
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
maha raa.. eda thimira wada site eke..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit