මා සමඟ තවත් මිතුරන් කිහිප දෙනෙකුත් මේ ගමනට මා සමඟ එකතු වුනා. ඔවුන් සමග ලබාගත් චායාරූපයක් තමයි ඉහලින් පල කරලා තියෙන්නෙ. පසුගිය 11වෙනිදා රෑ 10.45ට තමයි අපිට බැංගලෝරය බලා පිටත් වීමට නියමිතව තිබුනෙ. ඒක ඉන්ඩිගෝ ගුවන් සමාගමට අයත් ගුවන් යානයක්. අපි ඔක්කොම 8.30 වෙද්දි check in වුනා. 10.15 වෙද්දි අවසාන නිවේදනයත් සමග අපි ගුවන් යානයේ අසුන් ගත්තා. මගේ වාසනාවකට ජනෙල් කවුළුවක් ආසන්නයේ අසුනක් මට ලැබුනා. ඒ නිසා ගුවන් ගත් වීමේදී හා ගොඩ බැස්සවීමේදී පුංචි පුංචි තරු වගේ ගොඩබිමේ පෙනෙන ආලෝක රටා කැමරාවට හසු කර ගන්නත් මට පුළුවන් වුනා.
එහෙම ජනේලයක් අයිනෙ යද්දි පෙනෙන දර්ශනය ඇස් දෙකෙන් විඳින තරම් කැමරාවකින් විඳින්න අමාරුයි. යානයේ ප්‍රධාන පියාපතේ කෙලවර දැල්වෙන ආලෝක පහන අපූරු රටා මවන්න ගත්තා. ගුවන් යානා ඉන්ජිනේරු තාක්ෂණය ගැන මා සතු දැනුම පරීක්ෂා කර එය ප්‍රායෝගිකව සත්‍යදැයි සිතින් මා සිතින් විශ්ලේශනයක්ද සිදු කරා. ගුවන් යානය ඉහලට එසවීමේදී ප්‍රධාන පියාපතෙහි සිදුවන වෙනස් කම් (elivators), එවිට ගුවන් යානයේ වේගය, දැල්වෙන විදුලි පහන් වලින් ලබා දෙන සංඥා, ගුවන් යානය පිටත් වීමේදී හා ගොඩබැස්සවීමේදී නියමුවාට ගොඩබිමින් ලබාදෙන සංඥා සහ ගුවන් යානය හැරවීමේදී හැසිරීම (bank angle) වැනී දෑ සමඟ මා හිතින් තර්ක කරා. ඒ අකාරයෙන් පැය එකකුත් විනාඩි 5ක ගුවන් ගමන සාර්ථකව නිමා කරන්නට අපිට පුලුවන් වුනා. මේ පින්තූරයෙන් ඔබට එම ප්‍රධාන පියාපත හා එම සංඳා විදුලි පහන ඔබට පැහැදීව දකින්න පුළුවන්.
එදා පුර පසොලොස්වක පොහොය දිනය නිසා හොඳින් හඳ පායා තිබුනා. ඉතින් උඩු ගුවනේ සිටම සඳේ චායාරූපයක් ලබාගන්න මට පුළුවන් වුනා. මේ තමයි ඒ පින්තූරය.
ඔය විදිහට රාත්‍රී 11.50ට පමන අපි පැමින් ඉන්ඩිගෝ ගුවන් යානය බැංගලෝරයේ පොලව සිපගත්තා. අපිව පිලිගැනීමට පැමින් ඉන්දියානු බලධාරීන් අපිව සාදරයෙන් පිලිගත්තා. මධ්‍යම රාත්‍රිය නිසාත්, දුරුතු මාසය නිසාත් ඒ වෙලාවෙ තිබුනෙ දරාගන්න බැරි හීතලක්. සීතලෙන් මිදෙන්න කබායක් ගෙන ඒමට නොහැකි වීම ගැන හිතින් මටම බැනගනිමින් අපි නවාතැන් පොලට යාමට බස් රථය වෙත ගොඩ වුනා. ඔන්න ඔහොමයි මගේ ඒ ගුවන් ගමන අවසාන වුනේ. ඉතින් ඉදිරියට බැංගලෝරයේ විශේෂ දේවල් හා ඉන්දියානු ජීවිතය ගැන ලිපි ගෙන ගෙන ඒ මේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබ දවසක් ඔබ සැමට.