ඔයාලට කොහොමද යාලුවනේ. ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. මම අද ඔයාලට තවත් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ගැන කියන්නයි යන්නෙ. චූන් පාන් කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. එය වඩාත්ම ප්‍රසිද්ධ වුනේ එයටම සුවිශේෂී වූ සංගීත නාදය නිසාවෙනි. එය ලෝක ප්‍රසිද්ධ සංගීත නාදයක් වූවත් එය දැන් ලංකාවේ චූන් පාන් ටෝන් එක වෙලා ඉවරයි. මම අද කියන්න යන්නෙ එම පරිපථය සකස් කල හැකි සරලම ආකාරය පිලිබඳවයි. මෙය 3 - 6 වෝල්ටීයතාව යටතේ ක්‍රියාත්මක වන සරල පරිපතයක් බැවින් මෙය චූන් පාන් ජංගම රථයක සවි කිරීමට තරම් ප්‍රමාණවත් නෑ. මෙහි ඇම්ප්ලිෆයරය තවදුරටත් වැඩිදියුණු කිරීම තුලින් මෙය එම කාර්‍ය්‍ය සඳහා යොදා ගත හැකියි. එම පරිපථයේ පදනම මෙයයි.
Resistors | Description | Qty(Ea) |
---|---|---|
R1 | 6.8 K 1/4 W | 01 |
R2 | 220 ohm 1/4 W | 01 |
R3 | 68 K 1/4 W | 01 |
VR-1 | Pot meter 100K | 01 |
Capacitors | Description | Qty(Ea) |
---|---|---|
C1 & C2 | 470uf 25v (Electrolytic) | 02 |
Diode & Semiconductor Devices | Description | Qty(Ea) |
---|---|---|
T1 & T2 | Transister BC148 or BC548 | 02 |
T3 | Transister BEL 187 | 01 |
IC | UM 66 | 01 |
Other components | Description | Qty(Ea) |
---|---|---|
LS | speaker 4-8 ohm(1W) | 01 |
switch | Push button switch | 01 |
PCB | Vero Board | 01 |
- Soldering Iron
- Tweezer
- Plier
- Cutter
- Screw Driver
- De-soldering pump
- Solder
- Flux
- Conducting wire
T1 ට්‍රාන්සිස්ටරය හා T2 ට්‍රාන්සිස්ටරය හා C1 ධාරිත්‍රකය සමඟින් VR1 විචල්‍ය ප්‍රතිරෝධකය එකතුවී මෙහිදී ටයිමරයක් සාදයි. ඉන්පසුව PUSH බොත්තම එබූ විට C1 ධාරිත්‍රකය ආරෝපණය වී T1 ට්‍රාන්සිස්ටරයේ පාදමට ධන වෝල්ටීයතාවයක් ලබාදෙයි. එහිදී R1 ප්‍රතිරෝධකය හරහා T1 ට්‍රාන්සිස්ටරය හා T2 ට්‍රාන්සිස්ටරය සන්නයනය කිරීම ආරම්භ කරයි.
මේ අවස්ථාව වන විට UM 66 IC එකෙහි 3 වන pin එකට ඍණ විදුලිය සැපයෙන අතර එය ක්‍රියාත්මක වී සංගීත නාදය නිපදවයි. එම ඍණ විදුලියෙන් C2 ධාරිත්‍රකයද උපරිම මට්ටමට ආරෝපණය කරයි.
ඉන්පසුව VR1 විචල්‍ය ප්‍රතිරෝධකය හරහා C1ධාරිත්‍රකය විසර්ජනය වීම වේගයෙන් ආරම්භ වේ. VR1විචල්‍ය ප්‍රතිරෝධකයේ අගය වෙනස් කිරීම තුළින් C1 ධාරිත්‍රකයේ විසර්ජන වේගය අඩු කරගත හැකිය. එමගින් සංගීත නාදය බොහෝ වේලාවක් පවත්වා ගත හැකිය. අවශ්‍යතාවය අනුව විචල්‍ය ප්‍රතිරෝධකයේ අගය වෙනස් කරගත හැකිය. R3 ප්‍රතිරෝධකය මගින් C2 ධාරිත්‍රකය විසර්ජනය(discharge ) කරයි.
ප්‍රතිරෝධක R2 සමඟ translator T3 එකතු වී බලවර්ධකයක් (amplifier) සාදයි. මෙම පරිපථය සඳහා අවශ්‍ය වන්නේ DC 3-6 අතර සරල ධාරාවකි.R3 ප්‍රතිරෝධකය හා C2 ධාරිත්‍රකයේ අගය මත සංගීත නාදය පවතින කාලය සීමාවේ.
මම අද ඔබට පැහැදිලි කලේ සරල සංගීත නාදයක් නිපදවා ගත හැකි ඉලෙක්ට්‍රොනික පරිපථයක් පිලිබඳවයි. මා දන්නා අයුරින් උපරිමයෙන්ම මෙය පැහැදිලි කිරීමට මම උත්සහා කලා. තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ UM66 IC එක තුල සංගීත නාදයන් කිහිපයක් ඇතුලත් කර තිබෙනවා. එම නිසා ඔබ චූන් පාන් නාදය සෑදීමට IC මිලදී ගන්නවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මෙය පාසල් දරුවන්ට හා ආධුනිකයන්ට අත්හදා බැලීමට ඉතාමත් සුදුසු පරිපථයකි. අදට ලිපිය අවසාන කරනවා. තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.