කොහෙවත් සැපක් නෑ - තරමට ගෙදර ඇඳ

in hive-133716 •  2 months ago 

1000014445.jpg

ඉතින් කොහොමද යාලුවනේ. ගොඩ දවසකින් මේ පැත්තට එන්න බැරි වුනා. හුස්මක් ගන්න බැරි වෙන තරමටම වැඩ. ඒ නිසා කාලෙකින් අකුරු ටිකක් අපේ කොමියුනිටියෙ කොටන්න බැරි වුනා. ඉතින් මම පහුගිය අවුරුද්දෙ හිටියෙ අධ්‍යාපන කටයුක්තක් සඳහා ඉන්දියාවට ගිහිල්ලා. ඉතින් පහුගිය මාසෙ අන්තිම මට පුළුවන් වුනා ආයෙත් ලංකාවට ගොඩ බහින්න. ඉතින් මම අද මේ කියන්න යන්නෙ ඒ ප්‍රීති ජනක අත්දැකීම කොච්චර ලස්සනද කියලා. අවුරුදු මාස ගනනාවක් රටින් පිට ඉඳලා කටුනායක ගුවන් පථය දකිද්දි දැනෙන සතුට වචන කරන්න අමාරුයි. මං මීට කලින් මුහුණු පොතේ ලියැවෙච්ච වදනක් දැකලා තිබුනා. "ලෝකෙ කොහේ ඉඳලා ආවත් කටුනායක ගුවන් තොට දකිද්දි දැනෙන හැඟීම විස්තර කරන්න බෑ " කියලා තමයි ඒකේ තිබුනෙ. ඒක ඇත්තම කතාවක් කියලා මට දැනුනෙ එදා මගේ රටට නැවත එද්දි. ඉතින් ඒ හැඟීමත් එක්ක මේ කවි කිහිපය ඔබේ රසවින්දනයට ඉදිරිපත් කරමි.

1000014464.jpg

හිටියත් කුමන ලෝකෙක යස ඉසුරු විඳ
කොහෙවත් සැපක් නෑ තරමට ගෙදර ඇඳ
මතකය හදවතේ පමනක් කොනක බැඳ
ආවෙමි නැවත භාරත දේසයේ හිඳ

ඔන්න ඔය විදිහට අවුරුදු විස්සක් විසිපහක් මතක පිරුණු මගේ නිවසට මම ආයෙත් ආවා.පරම්පරා තුනක් හතරක් පරන උනාට එයා තාමත් අපිව පරිස්සම් කරනවා. එයා තවමත් එදා වගේම ආදරෙන් මාව බාරගන්න බලන් හිටියා වගේ හැඟීමක් මට දැනුනා. අම්මා තාත්තගෙ ආදරය , සහෝදර සහෝදරියන්ගෙ ආදරය එක්ක දුරස් වෙලා තිබුනු නෑදෑ මිත්‍රකම් ආයෙත් අලුත් කරගන්න මට පුළුවන් වුනා. හැමදේම වෙනස් වෙලා. ඒත් පරන මතකයන් තාමත් එහෙමයි. ආයෙත් අම්මගෙ අතින් බත් කටක් කවා ගන්නකොට දැනෙන සතුට කන්නත් කලින් බඩ පිරෙව්වා.

1000015640.jpg

මුත්තගෙ කාලයේ හැදු රට උලු හෙව්ව
මේ කැනි මඩල යට නොදැනුනි වැසි අව්ව
ආදරෙ පුරවලා දෙවියන් මට මැව්ව
හැම මොහොතක්ම සතුටකි සෙනෙහෙන් ගෙව්ව

මගේ ගමත් එක්ක බැඳිච්ච තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සුන්දර ගිං ගඟ. පුංචි කාලයේදි නම් අපි ඕකේ පැනලා එහෙට මෙහෙට පීනනවා. ඒත් කාලයත් එක්ක රස්සාව , වගකීම් අපිව ඒ හැමදේකින්ම දුරස් කරා. පසුගිය අවුරුද්දක් එකහමාරක් විතර මට මේ හැම දෙයක්ම දකින්නවත් ලැබුණේ නැහැ.ඉතින් ගෙදර ආවහම මට ගඟේ පැනලා නාන්න හිතුනා. ඒ වගේම මට පුංචි බෝට්ටු සවාරියකුත් යන්න ලැබුණා. ඉස්සර නම් ටියුබ් එකක්, බැරල් එකක්, උණ බට පාරුවක් එහෙම හදාගෙන මේ ගඟේ පාවෙලා ගියපු තරම් ගණන් කරන්නවත් බෑ. ඒ මතකයත් එක්ක මම මේ බෝට්ටුවට ගොඩ වුණා.

1000020371.jpg

කොටු වී බිත්ති හතරක බොත්තමට ඇන
නෑවෙමි වතුර මල යට වැඩ කරපු තැන
නානවා වගේ රිසි සේ ගිං ගඟට පැන
එය ඒ තරම් නෑ දෙන්නේ හිතට ගුන

ඔන්න ඔය විදිහට තමයි ගෙදර ඇවිත් නිවාඩු දවස් ටික ගෙවිලා ගියේ. ආයෙත් ඉතින් සුපුරුදු පරිදි රස්සාවත් එක්ක කාර්‍යබහුල වුනු නිසා මේ පැත්තට මාස ගානකින් එන්න බැරි වුනා. ඉතින් ආයෙත් ලියන්න පටන් ගන්න හිතුවා. එහෙනම් දිගටම කවි රස විඳිමු. සුබ දවසක් හැමෝටම.

ස්තූතියි!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඔන්න ඔය විදිහට අවුරුදු විස්සක් විසිපහක් මතක පිරුණු මගේ නිවසට මම ආයෙත් ආවා

පරණ වලව්වක් වගේ ලස්සන ගෙදරක්
ලස්සන කවියක්❤️

ස්තූතියි ඇගයුමට

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @saku49539,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community