කොහොමද යාලුවනේ. ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. රැකියාවේ කාර්ය බහුලත්වයත් එක්ක කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා. ඉතින් මම අද ඔයාලට "වැස්ස හා කුඩලිගම කවියා" කියන මාතෘකාව යටතේ කවි කිහිපයක් අරගෙන ආවා.
වැස්ස කියන්නේ සොබා දහමේ අපූරු නිර්මාණයක්. ලෝකයේ ම පැවැත්ම රඳා පවතින ජල චක්‍රයේ මුලිකම පියවරක් තමයි වැස්ස කියන්නේ. ඉතින් මේ අපූරු පාරිසරික සංසිද්ධිය මත පදනම් වෙලා සාහිත්‍ය නිර්මාණ රාශියක් බිහිවෙලා තියෙනවා. ඒ අතරින් කවි ලෝකයේ පතාක යෝධයෙක් වන එච් එම් කුඩලිගම කවියා අමතක කරන්න බැහැ. මොකද ඔහුගේ වැස්ස පද්‍ය නිර්මාණය එතරම් ම හරවත් සහ නිර්මාණශීලී නිසා. පහත යූටියුබ් වීඩියෝවෙන් ඔබට දකින්න පුළුවන් එතුමාගේ එම කවි පන්තිය.
ඉතින් මේ වැස්ස කවි පන්තිය ගැන කතා කරද්දි මගේ මතකය පාසල් අවදිය දක්වා දිව යනවා. එය 11 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය විෂයට මෙම පද්‍ය පන්තිය ඇතුළත් වෙලා තිබුන නිසා. ඒත් මෙම පද්‍ය පන්තියේ පළමු කවිය පාසල් පෙළ පොතට ඇතුල් වෙලා තිබුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නෑ. එදා ඒ විදිහට මට මගහැරුණු කවිය තමයි මේ.
"ගැබිනියකගේ තන පුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා"
උපුටා ගැනීම වැස්ස කවිපන්තිය එච්. එම් කුඩලිගම
එච් එම් කුඩලිගම මහතා කියන්නේ ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ට කවියෙක්. එතුමාගේ භාෂාව හැසිරවීම උපමා රූපක භාවිතය පද සංකලණය කාව්‍ය රීති වලට අනුකූලව ලිවීම අතින් එතුමා ප්‍රවීණයෙක්. එතුමාගේ කවීත්වය සමග සසඳා බැලීමේදී මම නම් තවම ළදරු අවධියේ කවියෙක්. ඉතින් මට හිතුනා වැස්ස ගැන හා එතුමාගේ කවි කවිත්වය ගෙනත් කවියෙන් ලියන්න. ඉතින් මේ තියෙන්නේ මගේ පෑන මවපු කවි කිහිපයක්. එන්න රසවිඳිමු
ගැබ්බර අහස දම් පාටින් වැසුව වලා
නිදහස් කුසක් පතමින් එති පොළව බලා
වට දියවරින් පිරි ගං දොල යද්දි ගලා
මුඩුබිම් පවා කොළ පාටින් එළිය කළා
නිදහස් සිතින් නිදියෑවෙමි වකුටු ගැසී
වයසින් තර වෙලා ගණනක් වෙද්දි විසී
පැටලුණු හිතට නම් මිහිරක් නැතිය කිසී
වැහි දිය වියළි බිම තෙමනා දූලි ගඳ
සුළඟට මුහුවෙලා එන විට ගනිමි විඳ
හමනා සුළඟ වැහි දිය හා ළඟම හිඳ
හරි නැකතක ම ඇත පෝරුවේ ඇඟිලි බැඳ
වැහිබර අහස පැහැයට උපමාව කරන්
එතුමා ලිව්ව කවි වල පණ ගැහෙන තරන්
සුවහස් කලක් දෙරණින් නොම වේය තුරන්
වැස්සට කලින් හනි හනිකට ඔරු තොටට
තොටියා එන බවක් නොකියා ගත් කටට
මේකුළු සමග තරගෙක සිරි ගෙන මිටට
මවලා තියේ කවි නොරිදා එළි වැටට
විහගුන් පවා අලසව පොරවාන ලැම
සිරි ගෙන නුවරඑළියක මා වෙසෙන ඉම
මට සිහිවුනේ ගරු එච් එම් කුඩලිගම
ඒ ආකාරයෙන් වැස්ස වහින හැම වෙලාවකම මට මේ කවි පන්තිය මතක් වෙනවා. කොළඹ යුගය වර්නවත් කල ඒ මහා කවියා මතක් වෙනවා. මට මතක විදිහට 2008-2014 සාමාන්‍ය පෙල කරපු හැමෝටම මේ කවි පන්තිය මතක් වෙනවා ඇති. එහෙනම් තවත් දවසක අපූරු කවි කිහිපයකින් හමුවෙමු. මගේ ලිපිය කියවන්න ඔයාලගෙ වටිනා කාලය කැප කලාට බොහොම ස්තූතියි. සියලු දෙනාටම ජය වේවා.
Very beautiful poem bro! Smoothly done..❤️🔥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කුඩලිගම කියන්නෙ විශිෂ්ඨ කවියෙක්. මේ වැස්ස පද්‍ය පන්තියෙන් මවන චිත්ත රූප හරිම ලස්සනයි.💜️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
තාමත් සමහර කවි කටපාඩම් 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit