විලා O2

in hive-133716 •  2 months ago 

WhatsApp Image 2024-12-14 at 22.18.31_6203b73f.jpg

ඉතින් කොහොමද යාලුවනේ. මම අද කියන්න යන්නෙ පුංචි රවුමක් ගහන්න ගිය ගමනක් ගැන. අවිවේකී සති කීපයකින් පස්සේ ලැබුනු නිවාඩුවේ නිදහසේ මනස රිලැක්ස් කරන් එන්න වයිෆ් එක්ක විලා එකකට යන්න තීරණේ කරා. ක්ෂණිකව හිතුන ඒ සිතුවිල්ල එක්ක යන්න ප්ලේස් එකක් හොයන කොට තමයි The Villa O2 එක ගැන දැනගන්න ලැබුනෙ. ඇත්තටම එදා නා කපන වැස්ස. ඒත් අපි දෙන්නගේ පිස්සුවේ ගැලපීම උපරිම නිසා බයික් එකේ ජැකට් දෙකත් දාගෙනම අකුණු ගහන වැස්සේ විලා එකට යන්න පිටත් වුනා. ගියාට පස්සෙ තමයි තේරුනේ ඒ තෝරා ගැනීම නරකම නෑ කියලා. ඔයාලත් මේ තැන හොයාගන්න ලේසි වෙන්න මම ගූගල් ලොකේෂන් එක දාන්නම්. ගාල්ල වලහන්දූවෙ තමයි මේ විලා එක තියෙන්නෙ. නිවාඩුවක් තිබුනොත් ගිහින් බලන්න.

1000053155.png

Link

මේ විලා එක ගැන කිව්වොත් මේක හරිම නිස්කලංක පරිසරයක තියෙන හුරුබුහුටි විලා එකක්. මේකෙ ඉතාමත් සිත් ඇදගන්නා සුළු මීටර 25ක් විතර දිග අඩි 5ක් විතර ගැඹුරු ප්‍රයිවට් පිහිනුම් තටාකයක් තියෙනවා. ඒක දිනපතා පිරිසිඳු කරන නිසා ඉතාමත් පිරිසිඳු තත්වයේ තියෙනවා. පිහිනුම් ක්‍රීඩාවට ආස ඕනම කෙනෙකුට හරි පූල් එකේ බැහැලා නිදහසේ ඉන්න ආස ඕනම කෙනෙකුට මේ තැන ඉතාමත් හොඳයි. ඒ වගේම මේ පූල් එක වටේ පරිසරය ඉතාමත් ලස්සනයි. හොඳින් සැකසු මිදුලක් මෙහි තියෙනවා. ෆොටෝ ශූට් එකකට උනත් හරිම ලස්සනයි. මේ තියෙන්නෙ ඒ පූල් එක හා එහි පරිසරය මගේ දුරකථන කැමරාවෙන් දැකපු විදිහ.

1000032739.jpg

මේ විලා එකේ නවාතැන් පහසුකමුත් තරු පන්තියේ හෝටලයකට සමාන වන අයුරින්ම තියෙනවා. මෙහි වායුසමනය කල නිදන කාමරයක්, හෙයා ඩ්‍රයර් , හොට් වෝටර් ඇතුලු අනෙකුත් පහසුකම් සහිතව උසස් තත්වයේ බාත් රූම් එකක් තියෙනවා. ඒ වගේම වයි ෆයි පහසුකම් සහිතව ස්මාර්ට් රූපවාහිනියක්ද තියෙනවා. ඒ වගේම මේ පැකේජ් එකට ලිවින්ග් ඒරියා එකක් හා කිචන් එකක්ද ඇතුලත් වෙනවා. ඔබට ඒ පිලිබඳව අදහසක් ලබා ගැනීමට මං චායාරූප කිහිපයක් පහතින් අමුණන්නම්.

1000032870.jpg

1000032873.jpg

1000032875.jpg

1000032878.jpg

1000032882.jpg

මෙහි අපිට කෑම බීම උයාගෙන කන්නත් පුළුවන්. අපට එයාලගෙන් කෑම ලබා ගන්න ඕන නම් කලින් ඕඩර් කරන්න වෙනවා. අපි එහෙම කලින් ඕඩර් කරපු නැති නිසා අපිට කෑම ඌබර් එකක් දාගන්න සිද්ධ වුනා. මේ පැකේජ් එකට උදේ කෑම එක නම් අපිට ෆ්‍රී ලබාගන්න පුළුවන් වුනා. ඒක රසම රස ඉඳියාප්ප සමග කිරි මාලු හොද්දක්. ඊට අමතරව උනුසුම් කෝපි කෝප්පයක්ද රස විඳින්න අවස්තාව ලැබුනා.

1000032803.jpg

ඊට පස්සෙ අපි තීරනය කලා පූල් එකට බහින්න. හිමිදිරි උදෑසන ඒක හරිම ලස්සන අත්දැකීමක්. මීටර විසි පහක් පමන දිග තටාකයේ මම හති වැටෙනකන්ම පීනුවා. මගේ බිරිඳටත් පිහිනන්න පුලුවන් නිසා අපි තරගයට වගේ පීනුවා. ඒ ආකාරයෙන් ඒ උදේ වරුව ගෙවිලා ගියා.

1000032835.jpg

වෘත්තීයම ක්‍රීඩකයො නොවුනට මට ටිකක් පීනන්න පුළුවන්. මේ තියෙන්නෙ නෝනගෙ වීඩියෝ හැකියාවන් තමයි.

වීඩියෝ ලින්ක්

ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ නිවාඩු දවස අවසන් වුනේ. ඉතින් අපි විලා එකට ටටා බායි කියලා දවල් එකොලහට විතර ගෙදර එන්න පිටත් වුනා. ආයෙත් මේ විලා එක ගැන කිව්වොත් ගෙවන ගානට මේ තැන වටිනවා. ඇත්තට The Villa O2 එකේ සර්විස් එක ගොඩක් හොදට තිබුනා.ප්‍රයිවසි එක වගේම නිදහසේ මයින්ඩ් එක රිලැක්ස් කර ගන්න හොද තැනක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් . ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ තැනට ගිහින් මතක ටිකක් එකතු කරන් එන්න කියලා.

ස්තූතියි!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Niyamai machan vacation walata hoda thanak wage thank you machan article ekak dammata