කැලේ වැද්දගේ යකඩ මනමාලි.......10% - SL-Charity

in hive-133716 •  2 years ago 

කැලේ වැද්දගේ යකඩ මනමාලි....

yakada manamali.jpg
Src

කාලෙන් කාලට වයිරල් වෙලා යන එක එක පන්නයේ සින්දු වර්ග එනවා...හැබැයි ඒවා ටික දවසයි සිස්ටම් එකේ රන් කරන්නෙහ්...නිකන්ම විසිවෙලා යනවා..අර්ථ් රසය...ශබ්ධ රසය ගත්තම කිසිම සම්බන්ධතවයක් නැහැ.. ඔය අතරේ හරිම සරල විදියට සමාජයට දැනෙන් විදියට..සමාජයට රිදෙන විදියට කාලොචිතව කතා කරන සින්දු අපට අහන්න ලැබෙනවා...නිකන්ම ඇහුවොතින් නම් ඒවා එහෙම දැනෙන්නේ නැහැ...ටිකක් සන්සුන්ව..නිදහසේ තමයි ඒවා අහන්න ඔනි...
ඒවා විචාරය කරන ක්‍රම අපි අහන පරිසරයත් එක්කත්, අපේ තියෙන දැනුම එක්කත් වෙනස් වෙන්න පුළුවන්... හැබැයි ඇත්තම කතාව දන්නෙහ් ලියපු කෙනාම තමයි...
යකඩ මනමාළී...
ටිකක් වෙනස්ම එකක්... අමු කටහඩකින්...සමාජෙට ඇහෙන්න කියන සින්දුවක්.

ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි....
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි...
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි...
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි....

එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි....
එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි....

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි..
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි....
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...

එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි....

Src

මෙම සින්දුවේ පද රචනය, සන්ගීතය වගේම් ගායනය යන තුනම කරල තියෙන්නේ සන්ජීව් ලොන්ලියස්... අමුතු රහකට සින්දු කියන පොරක්... මෙයාගේ සින්දු වලට පොදුවේ කියන්නෙහ් අමු සින්දු කියලා...
අහලා බලන්න පුළුවන් අය...හැමොම කැමතිවෙයිද දන්නේ නැහැ...ඒත් මම නම් කැමතියි...

මොකද අමු යකඩත් ලස්සනයි...මළකඩත් එක්ක...

Src

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Sanjeew මං කැමතිම artist කෙනෙක්. එයාගෙ නිර්මාණ මාරම ලස්සනයි. මේ සිංදුව දැක්කට අහන්න බැරි වුණා. අද අහන්න ඕනෙ.

අහන්නත් සතුටුයි ... අහලම බලන්න...ලස්සන සින්දුවක්...

මම දැන් ඇහුව හරිම ලස්සනයි. මම කලින් මෙයාගේ සිංදු අහලම නැහැ. ස්තුතියි බෙදා ගත්තට.

Bohomath sthuthi... Honda dewal bedaaganna epai api...

eyage godak sindu mn ahanawa.💖

Anna balanna... thawath honda lamayek...Mewwa ara @sandupi ge ewwa wagei newei...Lassanyi ...