මං ගිය සතියේ දවසක කිව්වනේ අපි ඉස්කෝලයක් හොයන් ගියපු ගමන ගැන. ගමනට සම්බන්ධ වුණේ මමයි ජනිඳුයි සුපුනුයි. ඒක දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කේ ඇත්කඳුර කියන පැත්තට ළඟින් තියෙන ඉස්කෝලයක්. නම පොල්ගහවිල ධර්මරාජ විද්‍යාලය. ඒ ඉස්කොලේට ගියපු ගමන ගැන මන් කලින් පොස්ට් එකේ කිව්වා. ඒක මෙතනින් බලන්න පුළුවන්. හීන පස්සේ දුවන සමනළුනට පාර කියන්න - 01
එදා මං කතාව නවත්තපු විදියට අපි ප්‍රින්සිපල් සර්ගේ කැඳවීම අනුව ගියා සර්ව මුණගැහෙන්න. ටිකක් මැදි වයසේ ගුරුවරයෙක්. ඉංග්‍රීසි භාෂාව තමයි උගන්නන්නේ. වචන දෙක තුනක් කතා කරද්දීම තේරුණා ගොඩක් ඇසු පිරූ තැන් ඇති පුද්ගලයෙක් කියල. සර් එයාගේ ඉස්කෝලේ අත්දැකීම් අපි එක්ක බෙදාගත්තා. ඒ පාසල ආරම්භයේ ඉඳන් ගොඩක් දුර ඇවිත් තිබුණා.
ඉස්කෝලේ තිබ්බ දුෂ්කරතා මග හරවගෙන ගොඩක් දේවල් දියුණු කරගෙන තිබ්බ. පාසලට අලුතෙන් පරිගණක විද්‍යාගාරයක්, පුස්තකාලයක්, පුළුවන් විදියට විද්‍යාගාරයක් එහෙමත් ගොඩනගාගෙන තිබුණා. ඔහුගේ පෞද්ගලික මුදලින් ශ්‍රමයෙන් අමතර සේවයකුත් එතැන ඉගෙන ගන්න අහිංසක ළමයින්ට කරලා තිබ්බ.
සර් කියපු විදියට ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රවාහන ප්‍රශ්නය. එන ගුරුවරුත් ගොඩක් අමාරුවෙන් තමයි ඉස්කෝලෙට එන්නේ. ඒ පාරේ බස් එකක් යන්නේ නෑ. ළමයි නම් ගොඩක් ම ළඟපාත අය. පාසලේ ළමයි 110ක් විතර තමයි ඉගෙන ගන්නේ. ගමේ ගොඩක් අය දුර, පහසුකම් සහිත පාසල්වලට ළමයි ඇතුළත් කරනවලු.
එතකොට මේ පාසලට එන්නේ ගොඩක්ම අමාරුකම් මැද්දේ ජිවත් වෙන අයලු. එතනිනුත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පිරිසක් නගරයේ පාසල්වලට යනවාලු. එතකොට ඉතිරි වෙන පිරිස තමයි මේ පාසලේ ඉගෙන ගන්නේ. ඒ අයත් සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ ගොඩක් වෙලාවලට අධ්‍යාපානය අත්හැරලා දානවලු.
මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය කුරුඳු ව්‍යාපාරය. මේක ලංකාවට කොච්චර ඩොලර් අරන් එන කර්මාන්තයක් වුණත් කුරුඳු තලන මිනිස්සුන්ට හැමදාම නැතිබැරිකම තමයි උරුම වුණේ. මේකට ගොඩකම හේතුව තමයි අවුරුද්දෙන් භාගයක්ම කුරුඳු තැලෙන්නේ නෑ. එතකොට හම්බකරගන්න මුදල් කුරුඳු තැලෙන්නේ නැති කාලේදී වියදම් වෙනවා.
අපි ඇහුව අපිට කොහොමද උදව් කරන්න පුළුවන් කියල. විදුහල්පතිතුමා තියෙන ප්‍රශ්න කිහිපයක් කිව්වා. ගොඩක්ම අපි බැලුවේ විද්‍යාගාරය වැඩිදියුණු කරන එක ගැන. අපි මේ වැඩේ ගැන අපේ බැච් එකේ කෙමිකල් 16 කණ්ඩායම සමග කතා කරලා ඉක්මනින් උත්තරයක් දෙන්නම් කියන පොරොන්දුව එක්ක විදුහල්පතිතුමන්ට සමු දුන්න.
ගුරුවරයා කියන වචනෙ හරියටම ගැළපෙන ගුරුවරු❤
You guys are doing a great job!💛
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඉස්සර මෙහෙම ගුරුවරු ගොඩක් හිටියලු. දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක එහෙම අය අඩුයි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හැමදේම මෙහෙම තමයි. අතරමැදියෝ තමයි ඒකෙන් එන ලාභය වැඩිපුරම ගන්නේ .😥
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක නම් ඇත්ත. බලමු අපි වත් එක වෙනස් කරන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
O/L wenakam witarak tiyena iskola walata yana duppath lamai godak ayage adyapanaya ethanin nawathina eka tamai wenne.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
paw ithin e lamai. godak welawata wenne para pennanna kenek nathi eka
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Demaupiyota terumak nati nisa hoyala balannet nane
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ekama kochchra watinwada e laminta
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow eka aththa. godak iskola thiyenawa harima dushkara mitath wada
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit