ජීවිතේ හොඳම දවස් වෙන්න තිබ්බ දවස්

in hive-133716 •  2 years ago 

war-2930223_1920.jpg
source

මම මගේ රට ගැන හරි ආඩම්බරෙන් හිටිය කෙනෙක්. ඉස්සර ජාතික ගීය ඇහෙද්දී ඇඟ දිගේ සියුම් හිරියක් දැනෙනවා මට අද වගේ මතකයි. අද වගේ මතකයි කිව්වට එක මේ මෑතක් වෙනකන්ම වෙනස් නොවී තිබ්බ. ඒත් අද තත්ත්වේ නම් වෙනස්. කවුරු හරි පැහැරගෙන ගිහින් වෙන රටකට අරන් ගියත් හොඳයි කියල හිතිලා ඉන්නේ.

අපි කොච්චර මේ රටට ආදරේ වුනත් පිරිසක් ඉන්නවා තමන්ගේ වාසියට අම්මව උනත් විකුනන්න පුළුවන්. මේ රටේ මුල් පුටුවල දැන් ඉන්නේ ඒ වගේ පිරිසක්. මන් හිතන්නේ දැන් නෙවෙයි. කාලයක් තිස්සේ ඉඳල තියෙන්නේ එහෙම අය. කලාතුරකින් කෙනෙක් විතරයි ඇත්තටම රටට ආදරේ.

දැන් කාටවත් ගාණක් නෑ අවුරුදු 3ක් විතර හරියට වැඩක් නොකෙරුණ ඉස්කෝල ටික ගැන. එක වසරට අලුතෙන් ඉස්කෝලේ ගිය පොඩි උන් දැන් 3 වසරේ. හැබැයි හරියට බැලුවොත් ඉස්කෝල ගිහින් තියෙන්නේ සති ගානයි.

අපේක්ෂාභංග වෙච්ච මිනිස්සු ජීවිතේ අන්තිම හීන ටික ඇහිඳින අපේක්ෂා රෝහලේ කෑම බීම ටික නැති එක ගැන, ජීවිතයක් ජීවත් කරන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ ඉඳන් නැති කරපු එක ගැන දැන් මිනිස්සුන්ට ගානක් නැති පාටයි.

අලුතෙන් ආපු QR code එකේ ගුණ දොස් බලනවා මිසක් තෙල් කියන්නේ දවස් ගණන් නිදිමරන්, පෝලිම්වල ගිහින් ගහන්න ඕන දෙයක් නෙවෙයි කියල මිනිස්සුන්ට දැන් අමතක වෙච්ච පාටයි. කරන්ට් කපන එක වුනත් දැන් නොකපන දවසට ඇයි අද කරන්ට් කපන්නේ නැත්තේ කියල පුදුම වෙන ගානට මිනිස්සු හැදිලා ඉවරයි කියල මට හිතෙනවා.

ඉස්සර අපි හරියට බිස්කට් කෑවා. දැන් නම් බිස්කට් දිහා බලන්නත් බයයි. චොකලට් රාක්කේ ලඟට වත් යන්නේ නෑ දැන් බඩු ගෙන්න ගියාම. අයිස් ක්‍රීම් කියන ඒවා අමතකම වෙන තරමට හොඳයි. චීස් බටර් ගැන නම් කතා නොකර ඉන්න තරමට හොඳයි. හාල් පොල් මිරිස් කුඩු ටිකත් අමාරුවෙන් ගන්න මිනිස්සුන්ට මොන චීස් ද කියලත් මට හිතෙනවා.

ඒත් ඉතින් පොඩි කාලේදී, "කවද හරි ලොකුවෙලා රස්සාවක් කරද්දී ඇති වෙන්න අරන් කනවා" කියල හිතන් හිටපු අපේ පොඩි හීන අපේ අත් වලින්ම බෙල්ල මිරිකලා මරල දන්න වෙලා. පොඩි කාලෙටත් වඩා අසරණයි නේද කියලත් වෙලාවකට හිතෙනවා.

සමහර අයට මේකට හුරු වෙන්න පුළුවන් ඇති. එත් අපි පොඩි කලේ ඉඳන් දුක් වින්දේ මේ ජීවිතේ දිනාගන්න නම් නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි. හරිනම් මේ මගේ ජීවිතේ හොඳම කාලෙ වෙන්න ඕන අවධිය. කැමති තැනක යන්න නැති කැමති දෙයක් කන්න නැති කැමති දෙයක් අඳින්න නැති ජීවිතේ හොඳම කාලෙකින් වැඩක් තියෙනවද ඉතින්.

ඉස්සර රට දාල යන්න කිසිම ආසාවක් නොතිබ්බත්, දැන් නම් තිත්ත වෙලා.රටට තියෙන ආදරේට පාරට බැහැපු මිනිස්සුන්ව රටේ මහ පුටුවල ඉන්න අයයි ඒවාට හුරේ දාන අයයි එකතු වෙලා වැරදිකාරයෝ කරන හැටි දැක්කම මහා කාලකන්නි අප්පිරියාවක් තමයි දැනෙන්නේ.

කාලේත් එක්ක කවදාහරි දවසක මේ රට අයෙ කවද හරි තිබ්බ විදියට වඩා හොඳ වෙයි. ඒත් ඒ වෙද්දී මගේ ජීවිතේ හොඳම කාලේ නම් ගෙවිල ගිහින් තියෙයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඒත් ඉතින් පොඩි කාලේදී, "කවද හරි ලොකුවෙලා රස්සාවක් කරද්දී ඇති වෙන්න අරන් කනවා" කියල හිතන් හිටපු අපේ පොඩි හීන අපේ අත් වලින්ම බෙල්ල මිරිකලා මරල දන්න වෙලා. පොඩි කාලෙටත් වඩා අසරණයි නේද කියලත් වෙලාවකට හිතෙනවා.

බඩ පපුව දාගෙන ගියා මේ වචන ටික කියවද්දී. මොනවා කරන්නද මේක තමා සත්‍යය.

Welawakata pudumath hithenawa, me rata winasa wela yanawa kiyala dana danath nayakayo tamath eyalage bada reka ganna witarak dangalana hati dakkama. eyala inneth me ratemai neda kiyala amataka wela wage hariyata.

Ane mnd monawa karannada kiyannada kiyala therenne nee.

Hitha gnna ba monawa wenna ynwda kiylwath. 😑

ඇත්තටම ලොකු දුකකුයි කලකිරීමකුයි තියෙන්නෙ 😐 ඉස්සර කොහේහරි යන ගමන් වඩේ එකක් කන්න , බස් එකේ යද්දි රටකජු ගොට්ටක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බෙ දැන් ඒක ගනිද්දිත් පොඩ්ඩක් හිතන්න වෙලා 😐

කවදා හරි ලොකු වෙලා රස්සාවක් කරලා....

මාත් හීන දැක්කා කන්න , අඳින්න , ඇවිදින්න, කට්ටියට උදව් කරන්න... හිතට දැනෙන්නේ අප්පිරියාවක්...