ගී පදරුත් |5% to SL Charity

in hive-133716 •  3 years ago 

මිනිස්සු වෙච්ච අපිට විවිධ විනෝදාංශ තියෙනවා. මේවා කෙටි කාලීන වෙන්න පුළුවන්, නැත්නම් ජීවිත කාලෙ පුරාම තියෙන්නත් පුළුවන්. මටත් ඒ විදියෙ විනෝදාංශ කීපයක්ම තියෙනවා. පොත් කියවන එක, සිංදු අහන එක, ක්‍රිකට්, මහන එක, කෑම හදන එක. ඒ මගේ වර්තමාන විනෝදාංශ. ඉස්සර තිබුණ දැන් නැති ඒවා තමයි එක එක ඒව එකතු කරන එක, මුද්දර, චොකලට් කොළ, පබළු ජාති...

මේ ඔක්කොටම එහා ගිය පොඩි කාලෙ ඉඳන් තිබුණ පුරුද්දක් ගැන තමයි මං මේ කියන්න යන්නෙ. මිනිස්සුන්ට තියෙනවනේ ආත්මීය විනෝදාංශ. මේක එහෙම එකක්. ඉස්සර ඉඳන් මං කැමති අර්ථාන්විත සිංදු අහන්න. ඒ කියන්නේ සංගීත රසයට වඩා වැඩි තේරුමක් තියෙන, නිකන් තාලෙකට පෙළගස්වපු වචන පෙළකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සිංදුවලට. ඉතින් මේ ආසාව හරි පුරුද්ද හරි නිසා, මං ගීතවල ගැඹුරු අර්ථය, වස්තු බීජය හොයන්න පෙළඹුණා.

image.png

ඉස්සර සිළුමිණ සතිඅන්ත පුවත්පතේ තිබුණා ලිපි පෙළක්. තත්සර ඇසුර💖. මං මේ කියන්නේ 2011 විතර කාලේ ගැන. එතකොට මං සාමාන්‍ය පෙළ පන්තිවල. මං වැඩිපුර හිටියෙ ලොකු අම්මලගෙ ගෙදර. එහේ හැම සතියෙම ගත්තේ මේ පත්තරේ. ඉතින් කරන්න වැඩක් නැති හැම වෙලාවෙම මං කරේ ඔ‍ය පත්තරෙ කියවන එක. ඒ විදියට තමයි මං පත්තර කියවන්න පුරුදු වුණේ. හැම සතියෙම තියෙන අර ලිපිය මගේ සිත් ගත් එකක්.

image.png

ඒකෙන් හැම සතියෙම ලස්සන තේරුමක් තියෙන සිංදුවක් ගැන කතා කරල තිබුණා. ධම්මික බණ්ඩාර මහත්මයා තමයි මේ ලිපිවල රචකයා. ඔහු හැමදාම තෝරගත්තේ පරම්පරා ගාණක් මිනිස්සු ආදරය කරපු සිංදු. පුරුද්දක් විදියට මං මේ පත්තර තීරුව එකතු කරා. පස්සෙ එකතුව වැඩි වෙද්දි ඒ ඔක්කොම පොතක් ඇලෙව්වා. ඒ විදියට අලවලා හදපු පොතක් මං ගාව තියෙනවා.

image.png

ඒකෙ පරණ සිංදු, ඒවගේ අර්ථය එක්ක, නිධාන කතාව එක්ක තියෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මොකක් හරි ගීතෙක ඇහෙන වචන ටික ඇහෙන විදියට කියන එකනේ. නිකන්ම සිංදුවක් කියනවට වඩා ඒකෙ අර්ථය දැනගෙන කියද්දි ලස්සනයි. හිතට දැනෙනවා වැඩි. එහෙම අත්දැකීම් ඔබටත් ඇති. ගැඹුරු තේරුමක් තියෙනවා වත් කියල නොදැන කියන සිංදු කොච්චර ඇතිද.

image.png

සිංදුවක් අලුතෙන් ඇහුණම ඒකෙ වචන ටික මුලින් හොයාගන්න. එතකොට ඒ සිංදුවම වෙනත් විදියකට ඔබට දැණේවි. ඊළඟ වතාවෙ ඒකෙම තේරුම හොයගත්තොත්, අත්දැකීම තවදුරටත් වෙනස් වේවි. ගීයක ගැඹුරු අර්ථය සොයාගෙන විඳින්න කියල මං හැමෝටම ආරාධනා කරන්වා. ඒ ගීතය ඇතුළේ ජීවත් වෙනවා වගේ දැණේවි. 💖

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අනේ මමත් ඔයා වගේම ඒ ලිපි එකතු කළා. සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ. මට උසස් පෙළට රසාස්වාද ලියන්න ලොකු උදව්වක් උනා ඒව. තව අර "නෙළුම් විල" විශේෂාංගයටත් මං හරි කැමති.

සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ

ඇත්තම ඇත්ත. ගොඩක් විශේෂාංග ලිපි තිබුණා. උසස්පෙළට ගණිතය තෝර ගත්තට මාත් ඒවා සෑහෙන වින්ඳා.

ගීයක ගැඹුරු අර්ථය සොයාගෙන විඳින්න කියල මං හැමෝටම ආරාධනා කරන්වා. ඒ ගීතය ඇතුළේ ජීවත් වෙනවා වගේ දැණේවි.

ඒක ඇත්ත. ඒ කාලේ ගීත හරිම ලස්සනයි. නිවිහැනහිල්ලෙ අහද්දී ඒවා කොච්චර ගැඹුරු අර්ථයක් එක්කද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. ඒ ගීත වලට මිනිස්සු තාමත් ආදරෙයි.

‌දැනුත් එහෙම ඒවා නැතුවම නෙවෙයි. ඒත් අඩුයි. මොකද මිනිස්සු බලන්නෙ ශබ්ද රසය විතරයි ගොඩක් වෙලාවට

අද කාලෙ කලාතුරකින් නිර්මානය වන සින්දු දෙකක තුනක විතරක් ගැබුරු අර්තයක් තිබුනට ඉස්සර තිබ්බ ගීත වල ගොඩක් දුරට තිබ්බෙ රචකයාගෙ හෝ ඔහුට සම්බන්ද සත්‍ය සිදුවීම්. ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

ඔව් ඒක නම් ඇත්ත. දැන් එහෙම ගීත ලියන, කියන අය අතළොස්සයි ඉන්නේ.

ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

බූට් නොකා බූට් කෑව වගේ අහන් ඉන්න පුළුවන්.

live the song, you are right that the songs of the era have meaning, but I have a hard time with the illusion of not being able to reach a song with a story if I don't see a little bit of video. good story to read

if we don't see a visual, then we can have our own feeling and visuals. it is like reading a book vs watching its film.

මමත් එකතු කරා පොඩි කළේ ගොඩක් දේවල්. සමහර දේවල් නම් නෑ ළඟ. දුකයි ඒකට නම්.

මං කැමති අර්ථාන්විත සිංදු අහන්න. ඒ කියන්නේ සංගීත රසයට වඩා වැඩි තේරුමක් තියෙන, නිකන් තාලෙකට පෙළගස්වපු වචන පෙළකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සිංදුවලට.

ඇත්තටම හොඳ පුරුද්දක්

කාලෙත් එක්ක ආසාවෙන් කරපු දේවල්වල වටිනාකම නැති වෙලා.

ඇත්තටම හොඳ පුරුද්දක්

💖

මමත් ඔය වගේ ලිපි කියවලා තියෙනවා. ඒ සිංදු වල සමහර වෙලාවට අපි හිතන්නෙත් නැති තරම් ගැඹුරු ලස්සන තෙරුම් තියෙනවා

මුලින් වචන ටික අහල ඉන්න පුරුදු වෙන්නකො බබා. 🙊

kochchara ahuwath mathaka hitinne na baba 🤣.

මෙලෝ රහක් නෑ ඔයා නම්

අනිවාර්යෙන්ම .හැම සින්දුවකම හරිම ලස්සන සංවේදී කථාවක් තියෙනවා .ඒක ටිකක් හරි දැනගෙන සිංදුව අහද්දී දැනෙන දේවල් ගැන වෙනම ලියන්න පුළුවන් .

අන්න ඒකයි. සිංදුවක තේරුම දැනගෙන අහද්දි තමයි හරියටම දැනෙන්නේ. 😍

@tipu curate

  ·  3 years ago (edited)

ධම්මික බණ්ඩාර සර්ගෙ විචාර තියනව Youtube එකේ. ගොඩක් රසවත් දේවල් ඉගෙනගන්න පුලුවන්

‌බලන්න ඕන ඒක. බොහොම ස්තූතියි දැනුවත් කලාට.

ඇත්තටම සිංදුවක් හරියට රස ව්ඳින්න පුලුවන් වෙන්නෙ අපි ඒකෙ අර්ථය ගැනත් හිතුවොත් තමයි. මොකද මතුපිටින් පේන වචන වලට වඩා ලොකු තේරුමක් ඒ ගීතයේ ගැබ් වෙලා තියෙන්න පුලුවන් නිසා. ♥️

සිංදුවක් දැනෙන්න ගන්නෙ වචනවල තේරුම එක්ක අහද්දි. නැත්නම් නිකන් ශබ්ද රසය විතරයි.

මාත් සිංදුවක පද රස විඳින්නයි උනන්දු. ඔයා තාමත් මේවා තියාගෙන ඉන්නෙක වටිනවා.

‌ අහන්නත් සතුටුයි. මේවා නම් තව ගොඩක් කාලයක් මං ළඟ තියේවි.

මං මහාචාර්‍ය ගංගානාත් දිසානායකගෙ පැණි වළලු එකතු කළා. ලස්සන කවි එහෙමත් එකතු කළා. හැබැයි මෙහෙම එකක් මට අහුවෙලා නෑ. ඔයාට පොතක්ම එකතු වෙලා තියෙන එක කොච්චර දෙයක්ද.

ගොඩක් කල් ඉඳන් එකතු කල නිසා ගොඩක් එකතු වුණා. ඒ නිසා පොතක ඇලෙව්වා.

මහාචාර්‍ය ගංගානාත් දිසානායකගෙ පැණි වළලු එකතු කළා

එකතු කරල නැති වුණාට කියවල නම් තියෙනවා.
ලස්සන කවිත් කියවන පුරුද්ද තිබ්බා ගොඩක් කල්.

Beautiful post from your side keep posting
@affable.

thank you for visiting this post.
have a nice day.

අනේ හරිම ශෝක්. ඒ වගේ ලිපි කියවන්නත් ආසයි. ඒ සින්දු කොච්චර ලස්සනයිද.. අරුත්බරද.. ඔයාට සතුටු හිතෙයි ආයෙමත් ඕව කියවනකොට. මේක දැක්කම මට මතක් උනේ තාත්තාව. අපෙ තාත්තාත් ඉස්සර වැදගත් ලස්සන ලිපි එකතු කරන්වා පස්සෙ කාලෙක කියවන්න කියලා

මාත් හිතන්නෙ එහෙමයි. දැන් නැතත් මං කවද හරි දවසක මේවා අයෙ කියවයි.
තාත්තත් එහෙමයි කියල අහන්න ලැබුණ එක ගැන සතුටුයි.

Sindu ewaye aththama therumath danagena ahaddi danena feeling eka godak watinawa.

ඔව් ඒක ඇත්ත නංගි. එතකොට තමයි නියම ෆීලින්ග් එක එන්නේ.