නවෝගෙ ගාලු ආගමනය

in hive-133716 •  3 years ago 

302017502_1348569912341326_1860674192400758866_n.jpg

අන්තිමට කැම්පස් කවදද කියලා මට මතක නෑ. ඒ අන්තිමට ගිය පාරත් නවෝ හම්බුනේ නෑ කියලා මට මතකයි. ඉතින් අවුරුදු දෙකකින් විතර මට නවෝ හම්බුනේ නෑ. නවෝ කියන්න මගේ බොඩිමෙ හිටපු යාලුවෙක්. මමයි රසී නවෝ මනෝ පියුමි ඉශාරා අපි හය දෙනෙක් බෝඩිමේ හිටියා. ඉතින් ඒ අය හම්බ වෙන්න තිබ්බේ ලොකු ආසාවක්. ඔය කියපු කට්ටියගෙන් මට නිතර හම්බෙන්නෙ රසී විතරයි.

ගිය සතියේ සෙනසුරාදා නවෝට මෙහේ එන්න ඕන වුණා. ඊයෙ ඉවර වෙච්ච කාලේ මං ටිකක් බිසී. ටිකක් කියන්නත් බැහැ හැබැයි. ඒත් ඉතින් ඉඳල ඉඳල එද්දි එන්න එපා කියන්නත් හිතුනේ නෑ. දවල් ගාල්ලෙ ඇවිදලා රෑට අපේ ගෙදර ඉඳලා උදේ ආයෙ යන්න තමයි ප්ලෑන් එක තිබුනේ.

පුදුම ලක් එකක් තියෙන්නෙ කියන්නේ කවදාවත් නැතුව මේ සතියේ සෙනසුරාදා ත් වැඩට යන්න වුණා. මම උදෙන් ගියේ ඉක්මනට එන්න බලාගෙන. ඒ තිබුන වැඩ ටික ඉවර කර ගනිද්දී තුන හමාර පහු උනා. එන්න වාහනේකුත් නැති නිසා පාරට ඇවිත් බස් එකේ තමයි එන්න උනේ.

උදේ වරුවේ මම නැතිව රසී, ඉමන්ත, නවෝ මිරිස්සෙ ගියා. මටත් යන්න ඕන උනත් යන්න විදියක් තිබුණෙ නෑ. ඊට පස්සේ එයාලා ගාල්ලට ගියාට පස්සේ තමයි මන් ගාල්ලෙන් බැහැලා එයාලා හිටපු තැනට ගියේ. කොච්චර ගියත් මට කොටුව ඇතුලෙ පාරවල් මතක නෑ.

රසී මට ලොකේශන් එව්වා. මග දිගටම pre shoot. pre shoot වලට ගොඩක් අය තෝරගන්න තැනක් තමයි ගාලු කොටුව. ගියපු අය දන්නවා ඒ ඇයි කියලා. photography වලට ලස්සන location ගොඩක් එකම තැනක තියෙන තැනක් තමයි ගාලු කොටුව.

location එකේ පෙන්නපු තැන් හොයාගෙන හොයාගෙන මම ඕන ඇතුලට ගියා. අදාල තැනට ගිහින් රසීට කෝල් එක්ක දුන්නම ගෝලයෙක් එළියට එව්වා පාර පෙන්නන්න. තැන තමයි Pedlar's Cafe Inn. https://g.page/pedlarsinncafe?share ඔන්න ලොකේශන් එක. වුණේ මොකක්ද කියල හෙට කියන්නම්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

උදේ වරුවේ මම නැතිව රසී, ඉමන්ත, නවෝ මිරිස්සෙ ගියා.

මිරිස්ස ගොඩාක් ලස්සනයි කියලා අහලා තියෙනවා. කාලෙකින් මුණ නොගැහුණ යාලොවෝ මුණ ගැහෙන එක ලොකූ සතුටක්❤

math gihin na ane mechchara langa indalath. yanna ona welawaka.

කාලෙකින් මුණ නොගැහුණ යාලොවෝ මුණ ගැහෙන එක ලොකූ සතුටක්❤

eka aththa. 🤍

oke location dala okata gihin gana kiwwama thamai kattiya oheta baninna ganne 🙊

ekata ithin mata karanna deyak na

මග දිගටම pre shoot.

Kawada giyath aniwa couples 3, 4kma dakinawa preshoot walata ena.

ekane appa me dawaswala bandinawa kiyanne mara sallikarayo wenna ona

Apith oya kittuwata giya podi trip ekk.ekath post ekakinma gennm.

balamuko enam e kathawath

ඒක හරිම ලස්සන හමුවක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම 😍