පොත්

in hive-133716 •  2 years ago 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරන්නෙ මේ මාසෙ අලලා. ඉතින් ගොඩක් අය පොත් ගන්න කොළඹට යනව පොත් ප්‍රදර්ශනය තියෙන දවස්වලට. ගොඩක් වෙලාවට මේක සතියකට වඩා තියෙනවා. මට මතක විදියට මේ පාර ප්‍රදර්ශනේ තිබුනේ සැප්තැම්බර් 16-25 දවස් ටිකේ.

image.png

අපේ රසීටත් හැමදාම වගේ පොත් ගන්න යන්න ඕන වුණා. මේ දවස්වල පොත් හරි ගණන්. ඉතින් මං පොත් ගන්න අදහස අතෑරියා. රසීට යන්න ඕන නිසා එයත් එක්ක තනියට ගියා. තනියට ගියා කිව්වට ඉමන්තත් අපි එක්ක එහෙදි එකතු වුණා.

මට මතක විදියට අපි ගියේ සැප්තැම්බර් මාසෙ 18 වෙනිදා. ඉරිදා දවසක් නිසාම කට කපලා සෙනග. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවෙ පිවිසුම ළඟ්ටම පෝළිමක් තිබුණා. තිබ්බ අව්වත් එක්ක ඒ පොඩි වෙලාව අපි ගෙව්වෙ හරි අමාරුවෙන්.

කොහොම හරි රුපියල් 20ක ප්‍රවේශ පත්‍රයක් අරං අපි කෙලින්ම ගියේ 2022 අවුරුද්දෙ ස්වර්ණ පුස්තක පොත් ප්‍රදර්ශනය කරල තිබුණ වෙළඳ කුටියට. රසීගෙ ලිස්ට් එකේ එතනින් ගන්න පොත් දෙකක් තිබුණා. මට කියන්න බැරි වුණානෙ, ගන්න ඕන පොත් රසී කොලයක ලියන් ඇවිත් තිබුණා. ඒත් ඉතින් ටිකක් දුර යද්දි ම අපිට තේරුණා ලිස්ට් එකෙන් පිට පනින්න සිද්ධ වෙනවා කියල.

image.png

බලන බලන අත තිබුණේ ආස කරන පොත්. ඉතින් හරි අමාරුයි පොත් තොරන්න. සමහර පොත් ගෙදර එක්ක යන්න අපි අයෙ පාරක් එනවා කියල පොරොන්දු වෙලා තමයි අපි ගෙදර ආවෙත්. ඉස්සර වගේ නෙවෙයි. කඩදාසිවල තීන්තවල මිල ඉහල ගිහින් නිසා පොත් කිහිපයක් ගද්දිම බජට් එක පැන්නා.

අමාරුවෙන් පොත් තෝරන් ඉවර වෙද්දි තමයි ඉමන්ත ආවෙ. එයා මිනිස්සු අස්සෙ යන්න කම්මැලියා නිසාම එයා එද්දි අපි ගොඩක් ඒවා අරං ඉවර කරගත්තා. එන ගමන් අපි එක පැත්තේ යන්නත් අමතක කරේ නෑ. එතනටත් හොඳ ගාණක් පූජ කරල කාල බීල තමයි අපි ගෙදර එන්න පිටත් වුණේ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

බලන බලන අත තිබුණේ ආස කරන පොත්. ඉතින් හරි අමාරුයි පොත් තොරන්න.

ඔව් ඒක ඇත්ත!. අතේ සල්ලිත් නැති නිසා මං නොගිහින්ම හිටියා.

math gaththe na mukuth 😑

ඒ පොත් ටික දාලා ආවෙත් හරි දුකෙන් 🥺. මේ අපේ ටිකට් දෙකද 🙊

oyata ekai mata ekai 😊

😍

ටිකට් එක 20ක් උනාට පොත් වල නම් ගනන් හොදටම වැඩීනෙද.

ammo ow eka pothai ganna puluwan 😶

nice idea
ticket eken book mark ekak...🤗

mathaka hitina deyakne ethakota 🤗

මාත් සෙනසුරාදා දවසක ගියේ හොදටම සෙනග එදාත්...

weekend wala senaga wadi ithin niwadu dawasne