නවෝගෙ ගාලු ආගමනය - නිකන් ලැබුණු බ්‍රව්නීස්

in hive-133716 •  2 years ago 

301848826_460681149318465_7151497782783267690_n.jpg

මන් කලින් දවසෙ කතාව නැවැත්තුවෙ කැෆේ එකේ එන්ට්‍රන්ස් එක ළගදි. නවෝගෙ ගාලු ආගමනය . නවෝව දැක්කෙ සෑහෙන දවසකින්. මන් ඇතුළට යද්දි කට්ටිය කන්න ලෑස්ති වෙලා හිටියෙ. මන් එන්න කලින්ම මටත් එක්කම ඔඩර් කරල තිබුණා. මන් ගොඩක් පරක්කු වුණ නිසයි, වෙලාව යන නිසයි තමයි එහෙම කරේ.

ගිහින් වාඩි වෙලා කන්න විතරයි තිබුණේ. ඔක්කොටම කලින් මන් කරේ හති ඇරපු එක. අනිත් අය නම් හොදටම බඩගින්නෙ හිටපු නිසා මන් එනකන් හිටියෙ කන්න බලාගෙන. හති ඇර ඇර හිටියොත් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ කියල තේරුණ නිසා මාත් කන්න පටන් ගත්තා.

301934566_614161610219650_3543002988882357358_n.jpg

මේසෙ උඩ තිබුන බීම තුන මොන ජාතියෙ ද කියල මට හිතාගන්න බැරුව ගියා. එකක් නම් සීනි නැති පැශන් බීම එකක් කියල තේරුනා. අනිත් එක නම් ඇරපු අතක් නෑ බෙහෙතකට බොන්න නියම කරපු ශාකසාර ඉස්ම එකක් වගේ. කූල් කරපු කොළ කැද කියන්නත් පුලුවන්. 😁

පස්සෙ තමයි දැනගත්තෙ ඔක්කොම පැශන් බීම කියල. රහ නැති වුණත් ගාණ ලස්සන නිසා ඔක්කොම බොන්න සිද්ධ වුණා. තව රයිස් අරන් තිබ්බා. ඒක නම් රහ පාටයි. රහයි තමයි ඉතින්. එන්න කලින්ම රසීගෙ අක්ක කියල තිබ්බ මෙතන ගාණ ටිකක් වැඩී කියල.

286927638_784221709487579_2670942691632331579_n.jpg

ඒකට හේතුව මෙතන ගොඩක්ම විදේශිකයොන්ට හදපු තැනක්. හැමදාම කන්නෙ නෑ කියල එක පණ්ඩිතයෙක් කියල තිබ්බා. හැබැයි මේ ලොකේශන් එක හරිම ලස්සනයි. පරණ විදියට හදල තියෙන්නෙ ගාලු කොටුවට ම ගැළපෙන විදියට. එළියෙන් පේනවට වඩා ඇතුළට ගොඩක් තියෙනවා.

දීපු ගාණ ගැන හූල්ල හූල්ල ඉද්දි ඉමන්තගෙ කෑම එකෙන් ප්ලාස්ටික් කෑල්ලක් මතු වුණා. බිලත් ගෙවල ෆොටෝත් ගහල ඉවර වෙලා තමයි නවෝ ඒක ස්ටාෆ් එකේ කෙනෙක්ට පෙන්නුවේ. පස්සේ එයාල අපිට ඒ වෙනුවට බ්‍රව්නීස් එක්ක‍ අයිස් ක්‍රීම් ගෙනත් දුන්නා. එතකොට ඉතින් ගාණ ශේප්.

කාලා බීල එළියට එනකොට ම කොහෙද තිබුණ වැස්සක් කඩන් වැටුණා. ඒකෙන් තව ටික වෙලාවක් එතන ඉන්න වුණා. ඒ වෙලාවෙන් ප්‍රයෝජනේ අරන් නවෝ නම් තව ෆොටෝ ටිකක් අරගත්තා. අපි තුන් දෙනා තව ටිකක් වෙලා ඉන්න තීරණය කරා. ඉමන්ත ගෙදර යන්න ඕන නිසා පිටත් වෙලා ගියා. දවසේ ඉතුරු හරිය තමයි තවත් ලස්සන. ඒක මන් හෙට කියන්නම්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

දිගටම කියවගෙන යන්න ආස විදියට ලියලා. It's an attractive style!❤😁

kiyawana bhashawen liyan giya nisa wenna athi 🤭

pudumai e lamayata kiyanna dipu eka gena🙊🤣 brownies kawe nttn aparade ochchara dila

dan audit neh karanne.

අනිත් එක නම් ඇරපු අතක් නෑ බෙහෙතකට බොන්න නියම කරපු ශාකසාර ඉස්ම එකක් වගේ.

eka maru🤣

ඒ වෙලාවෙන් ප්‍රයෝජනේ අරන් නවෝ නම් තව ෆොටෝ ටිකක් අරගත්තා.

hitha gnna puluwna eka nm😁

rasigen ahannako dekama gana. kiyawi

Anthimata plastic kella nisa ice cream kannath puluwan una.😁

brownies 😋 thank you meya

Pandithayo dennekma kiwwa hemadama kan nane kiyala 😅

mn nm hitiye na ethana