වෙලාවක් තියෙනවානම් ගොතන එකත් හරි ආස හිතෙන වැඩක්. දැන් ඉතින් ඉස්සර තරම් වෙලාවක් නම් නෑ.හවස වැඩට ගිහිල්ලා ආවට පස්සෙ.කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ නිදිමතයි. සෙනසුරාදා ඉරිදා නිවාඩු වුනාට තියෙන වැඩ ඔක්කොම එදාට කරන්නත් බෑනෙ. ඒ අතරෙ තව මැහුම් පන්තියකටත් ජොයින් වුනා. පන්තියට ජොයින් වුණ විතරයි ඉතින්. ආසාවකටවත් මුකුත් කපලා මහන්න වෙලාවක් තිබුණෙ නෑ.
ගොඩක් දවස් ගිහිල්ලත් හදන්න ගනිපු මාලුවව ඉවර කර ගන්නත් බැරි වුනා. අද නම් ඉවර කරනව කියලමයි පටන් ගත්තෙ. ඇඟ කොටස ඉවර කරල තිබ්බ නිසා ඉතුරු වෙලා තිබ්බෙ වරල් කොටස් ටික. එයිනුත් පිටිපස්සෙ වරල් කොටස් දෙක මන් ගොතල ඉවර කරල තිබ්බේ. එක සම්බන්ධ කරන විදිය මතක නැතුව තමයි වැඩේ ටිකක් කල් ගියේ.
මන් ඉතින් මොඩ ළමයනෙ. ලේසිම කොටසක් තමයි අමතක වෙලා තිබ්බෙ. මුලින් ඇඟ කොටස ගොතලා ඊට පස්සේ පිටිපස්සෙ වරල් 2 වෙන වෙනම කොටස් දෙකක් විදියට ගොතලා ඒක තනි වරලක් කරනවා. ඊට පස්සෙ අන්තිමට තමයි. ඒ පිටුපස වරල් කොටසයි ඇඟ කොටසයි slip knot වලින් සම්බන්ධ කරන්නෙ.
ඊට පස්සේ උඩ වරලයි දෙපැත්තෙ වරල් දෙකයි වෙන වෙනම පිටුපස කොටස ගොතපු පාටින්ම ගෙතුවා. අන්තිමට කරේ අදාළ ස්ථාන ලකුණු කරලා ඒ කොටස් 3 ඇඟට සම්බන්ධ කරපු 1. ඊටත් පස්සෙ මාලුවට කටකුයි ඇස් දෙකයි කළුපාට නූල්වලින් මැහුවා. මං හිතන්නේ මේ මාළුව හිතුවට වඩා කියුට් විදියට ආවා. හරියට මං වගේ.
ඒ පාටින්ම දෙපැත්තෙ ම පොඩි ඉරි කෑලි 3 කුත් දැම්මා. දැන් වැඩේ ඉවරයි. අන්තිමට ම තියෙන වැඩේ තමයි ෆොටෝ ගහන 1. ඒ වැඩේ ඊළඟ දවසේ කරනවා කියල හිතුවත් ආයෙම මට හිතුණා ඕක ආයෙ ඊළඟ සතියේ වෙනකං අල්ලන්න වත් වෙන්නෙ නෑ කියල. ඒ නිසා මහන්සි බලන්නෙ නැතුව ඒ වැඩෙත් ඉවර කරල ම දාන්න තීරණය කළා.
ඉතින් මොකද හිතෙන්නෙ එයා කියුට් මාලුවෙක් නේද. 😍
Thank you, friend!
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmd7of2TpLGqvckkrReWahnkxMWH6eMg5upXesfsujDCnW/image.png)
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmWDnFh7Kcgj2gdPc5RgG9Cezc4Bapq8sQQJvrkxR8rx5z/image.png)
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගොතන නොට් වල ටියුටෝරියල් එකක් ලාවට දාන්නකෝ බලන්න
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
වෙලාව තිබ්බත් ඊටත් වඩා ඉවසීම තියෙන්න ඕනා... කොහොම නමුත් සුපිරි වැඩක් ඒක.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Fiverr එකේ සෙල් කරන්න කසමයිස් විදියට නමක් සතෙක් හදලා දෙන්වා කියල ලේසිත් එක්ක ට්‍රයි කලේ නැද්ද.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Matanm wool walin stuffed animalsla gothanna godak wela yanawa. yarn tibbanam lesiyi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මට නම් එයා මාරයි. ඒක නියම වැඩක්!❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oya pattern ekenma apita rocket ekak gothagannath puluwan wei wage 🤭😜.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit