මුහුදයි ඇල්ලයි

in hive-133716 •  3 years ago 

image.png

මුහුදු කරේ ඉන්න අපිට මුහුද නම් සාමාන්‍ය දෙයක්. ඒත් ඉතින් එහෙම අයට දිය ඇළි බලන්න නම් ටිකක් දුර යන්න වෙනවනෙ. මොකද ඉතින් දිය ඇලි කියන්නෙ මෙහෙට ටිකක් දුර්ලභ දසුනක්. ඒවට ප්‍රසිද්ධ ඉතින් උඩරට පළාත්නෙ.

නවෝ එදා අපේ ගෙදර ඇවිල්ල පහු වෙනිදා තමයි ගියේ. සුපුන්ගෙ යෝජනාව පිට අපි ඉරිදා දවසෙත් තව ගමනක් යන්න ලෑස්ති වුණා. මේක දිය ඇල්ලක්. ඇල්ලයි මුහුදයි දුර වුණාට, මේ ඇල්ල නම් මුහුදෙ ඉඳන් පැයක් ඇතුළත වගේ යන්න පුළුවන් දුරක තියෙන ඇල්ලක්.

නම අඬාහැලෙන ඇල්ල. තියෙන්නෙ ඇල්පිටිය පිටුවල පැත්තට වෙන්න. මේ හරියෙ ඉතින් දිය ඇල්ලක් කියල තියෙන්නෙ මේක තමයි. යද්දි නම් මේ හරියෙද කියලවත් හිතන්න බෑ. කැළේ මැද්දෙන් ගිහින් තමයි යන්න වෙන්නෙ. ගඟවල්, වතුර පාරවල් වලින් බැහැගෙන තමයි යන්න ඕන.

මං මීට කලින් එක පාරක් ගිහින් තියෙනවා. ඒත් සුපුන්ලා එක්කම තමයි. මං රසී නවෝ සුපුන් තමයි යන්න පිටත් වුණේ. ඒ යද්දිම හමීරයි, විරංගයිත් හම්බුණා. ඒ නිසා නඩේ වැඩි වුණා. අපි හතර දෙනා කාර් එකේ යද්දි ඒ දෙන්නා බයික් එකේ ආවා.

හරිම ලස්සන පරිසරයක්. දිය පාරවල් හැමතැනම. කූඩැල්ලොත් එහෙන් මෙහෙන් ඉන්නවා ඉතින්. වැස්සත් එක්ක තමයි. අපි හිතුවට වඩා සෙනගක් එතන හිටියා. නිවාඩු දවසත් නිසා කට්ටිය වැඩී. දිය ඇල්ලට උඩින් තමයි නාන තැන් තියෙන්නෙ. උඩ ඉඳන් බලද්දි හරි ලස්සනයි.

image.png

හරිම ලස්සන වෙනස් පරිසරයක් එතන තියෙන්නෙ. Pre shoot එකක් කරන්නත් කපල් එකක් ඇවිත් තිබුණා. ඒ කැළේ මැද්දෙ සාරි ඇඳන් ආවේ කොහොමද කියන එක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. අපිට නිකන් පහසු ඇඳුමක් ඇඳන් යන්නත් අමාරුයි.

ඉතින් කොහොමින් කොහොම හරි ඉරිදා දවස එතන ගත කරල නවෝලා අයේ යන්න ඕන නිසා අපි එන්න ආවා. එන ගමන් මුහුද ළඟටත් ගිහින් එන්නත් අමතක කරේ නෑ. ඉතින් බලන්නකෝ මුහුදයි ඇල්ලයි කොච්චර ළඟද කියලා!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)