මං ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය මොනවද? ඔබේ ජීවිතේ පරම බලපොරොත්තුව එහෙමත් නැත්නම් ultimate goal එක මොකක්ද? ඒ හීනෙට යන්න ඔයාට අවශ්‍ය දේවල් මොනවද? එක එක උත්තර ඇති. මම ආසයි ඒ උත්තර මොනාද කියල දැනගන්න. මටත් තියෙනවා එහෙම හීන. සමහරවිට මගේ හීන ඔයාගේ හීනවලින් වෙනස් ඇති. ඒත් සාරාංශය විදියට ගත්තම අපි හැමෝටම ඕන සතුටින් ඉන්න.
මිනිස්සු සතුටු වෙන දේවල් වෙනස්නේ. අම්මට තාත්තට සලකන එක ඇරුනම මට තිබුනේ පොඩි හීන. අපේ පරම්පරාවේ සාමාන්‍ය පවුලක කෙනෙක් නම් මේ හීනවලින් සමහරක් ඔයාටත් ඇති. රට වටේ ඇවිදින්න, යාලුවෝ එක්ක හිතුන වෙලාවට ට්‍රිප් එකක් යන්න. ආසම ගායකයන්ගේ ප්‍රසංගයක් බලන්න. හිතෙන හිතෙන පොත අරගෙන කියවන්න.
පුළුවන් වෙලාවක ලෝකේ අනිත් රටවල්වල ලස්සන තැන් බලන්න යන්න. ගේ ටිකක් හදන්න. සමහරවිට තමන්ගේ වාහනයක අම්ම තාත්ත එක්ක යන්න. අම්ම තාත්තගේ ලේඩකදි දුකකදි බේත් හේත් කරන්න. කැමති ඇඳුමක් කෑමක් ගන්න. බැලුවහම මේවා හරි පුංචි හීන. ඒත් ඒ පුංචි හීන දැන් හුස්ම යදිනවා. සමහර විට තව ටිකක් පරක්කු වුණොත් ආයේ නැගිටින එකක් නෑ.
ඉවසන් ඉන්න බැරිම තැන තරුණ පරම්පරාව පාරට බැස්සා. ඒක හරිම නිර්මාණශීලී ඒවගේම සාමකාමී විරෝධතාවක්. සැබෑම රට ගැන තියෙන කැක්කුම නිසා කරන විරෝධතාවක්. මේ විරෝධතා රට පුරා තිබුණත්, මුලස්ථානය තියෙන්නේ කොළඹ ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසල. එතන දැන් වෙනම ගමක්. ගෝඨාගෝගම, GotaGoGama.
එතන වෙනම පුස්තකාලයක්, ඉස්කෝලයක්, නීති ආධාර කඳවුරක්, Phone Charging Center එකක්, එවගේම නිතර විදුලිය විසන්ධි වෙන එක නවත්තන්න වෙනම විදුලි සැපයුම් පද්ධතියක් එතන තියෙනවා. ඊට අමතරව එතැන ඉන්නේ විවිධ ක්ෂේත්‍රවලින් ඉගෙන ගත්ත පිරිස. ඉතින් එන අයට දේවල් ඉගෙන ගන්න පන්තිත් එතන තියෙනවා.
ඉතින් එක දවසක අපිත් ගියා GotaGoGamaට. මයුරි, සඳා, අදීශ, මලින්ත, තරිඳු, @supunchandra, හා @rasinkani තමයි මගේ ගමන් සඟයෝ වුණේ. අපි පිටත් වුණේ උදෙන්ම. කෝච්චියේ තමයි ගියේ. ඒ කෝච්චියෙන් බැස්සම ගොඩක් සෙනග ඒ කොච්චියෙන්ම ඇවිත් තියෙනවා කියන එක අපිට තේරුණා. එතන ඉඳන් යන ටිකත් පෙළපාලියක් වගේ. අපේ වයසේ අයම තමයි එතැන හිටියේ.
අරගලයට සම්බන්ධ වෙනකොට 10ට විතර ඇති. අපිත් බෝර්ඩ් ටිකක් ලියාගත්තා. @prasadi ලියපු කවියක කොටසකුත් අපි බෝර්ඩ් එකක ලිව්වා. "මල් පිපිය යුතු රටක් හිස් බිමක් නොකරන්න. ආදරය පමණක්ම අවිය කොට ගෙන එන්න." අපි හම්බකරනකොට හීන ගිණි ගණන් කියල මන් තව එකක ලිව්වා. ඒ මගේ හිතේ තිබ්බ කේන්තිය.
එදා දවසම ගාලුමුවදොර ගිනි අව්වේ තමයි ගෙවුණේ. ඒ ලෝකේ දකින්න ඔන්න මෙන්න කියල තියෙද්දි මරල දාපු අපේ හීන වෙනුවෙන්. ඉපදිලත් නැති පොඩි වුන්ගේ නුපන් අනාගතය වෙනුවෙන්. තවත් පරක්කු වෙලා වැඩක් නෑ. අපි දැනටමත් පරක්කුයි. එකතු වෙන්න. අපේ හීන එහෙම මැරෙන්න දෙන්න අපි සුදානම් නෑ.
අරගලයට ජය !!!
හීන මැරෙන්න නොදී හුස්ම දෙන්න දඟලන අරගලයට තමන්ට හැකි විදියට සහය දෙන ඒ හැම ප්‍රාණියෙක්ම දවසක සතුටු වෙවි මේ වෙනුවෙන් ඉදිරිපත් උන එකට
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බෝඩ් එකේ ලියල තියන්නෙ මම දැක්ක ලස්සනම සටන් පාඨයක් 😍 අරගලයට ජය!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Aragalayakin thora ...
jayagrahanayak nometha.....
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අරගලයට ජය 🇱🇰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ආදරය පමණක්ම අවිය කොටගෙන එන්න 😍❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ සටන් පාඨය ලස්සනයි හිතට වදිනවා❤💪
අරගලයට ජය💪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මමත් පුලුවන් හැමවෙලාවෙම ඉන්නෙ ගෝල්ෆේස් එකේ. මට කරන්න පුලුවන් පොඩිම දේ හරි මම කරමින් ඉන්නවා කියන සතුට ඒ හැමවෙලාවෙම මට දැනෙනවා. මං හිටියෙ නැති දවසක මං ලිව්ව එකක් එහේ තියෙනවා දැකලා මට ඇත්තටම සතුටු හිතුණා ❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math Yanna asawen inne ethanata. Mee post eka dakkama thawath asa hithuna.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit