නවෝගෙ ගාලු ආගමනය - බර්ග‍ර්වලට වඩා ගණන් ඉස්සො වඩේ

in hive-133716 •  2 years ago 

301813773_1990853887782057_3137739981237277043_n.jpg

මන් කියගෙන ආවෙ නවෝ ගාලු ඇවිත් මොකද වුණේ කියල.මේ කතාවෙ මුල් ටික මෙතනින් කියවන්න පුළුවන් කැමති නම්. නවෝගෙ ගාලු ආගමනය හා නිකන් ලැබුණු බ්‍රව්නීස්. රස කතා ගොඩක් මැද්දෙ දවස ගෙවිල ගියා. ඉමන්ත ගියාට පස්සෙ තමයි අපි කොටුව ඇතුළෙ ඇවිදින්න ගත්තේ.

කොහොමත් කොටුව ලස්සන හවසට. ඉර බහිනව බලන්න, නිදහසේ ක්ෂිතිජය දිහා බලන් ඉන්න, මුහුදු හුළඟත් එක්ක හිත ටිකක් පාවෙන්න අරින්න හොඳම වෙලාව තමයි හවස. නිදහසේ පාවෙන සරුංගල් ඒකට පාර කියාවි.

දරුවොත් එක්ක සෙල්ලම් කරන්න ආපු තරුණ යුවල්, පෙම් සුව විඳින ජෝඩු, ගෙදර ම ඉන්න නිසා පොඩ්ඩක් ඇවිදින්න ආපු වයසක උදවිය, යාලුවොත් එක්ක අරමුණක් නැතුව ඇවිදින නව යොවුන් පිරිස්, දුර බැහැර ඉඳන් ගාල්ල බලන්න ආපු අය, විදේශිකයො... එකී මෙකී නොකී අය හැමෝම නිසා ගාලු කොටුව කවදත් හරිම කාර්‍යයබහුලයි. වැඩියෙන්ම හවසට.

අපි හිමින් හිමින් කොටු බැම්ම දිගේ ඇවිද්දා. ට්‍රිප් එකක් ආව පොඩි අය නිසා පළාතම ඇවිස්සුණ කූඹි ගුලක් වගේ. ඇවිදල ෆොටෝ අරං මහන්සි නිසා අපි ඉර බහිනව බලන්න කොහෙන් හරි වාඩි වෙන්න තීරණය කරා. ළඟ තිබුණ වඩේ කරත්තෙ ළඟට ගියේ ඒකට කටගැස්මක් ව්දියට කන්න මොනා හරි අරගන්න.

නවෝ ඉස්සර වුණ නිසා අපි මෙහයින් නැවතුනා. ගාණ අහපු නවෝගෙ රිඇක්ශන් එක දැකල අපිට තේරුණා වඩේ කන්න ගෙවල් දොරවල් උකස් කරන්න වෙනව වගේ කියල. මාලු හැමතැනම තියෙන ගාලු කොටුව ළඟත් ඉස්සො වඩේ එකක් 250යි. වෙජිටේරියන් මට නම් ඉස්සො වඩේ තිබ්බත් එකයි නැතත් එකයි. අර දෙන්නත් නිකන් වඩේ කන්න තීරණය කරා.

බැම්මේ සිමෙන්ති පඩියක වාඩි වෙලා වඩේ කකා ඉර බහින හැටි බලන් හිටපු අපි එන්න අවේ රෑටත් මොනා හරි බඩට දාගෙනම යනව කියල හිතාගෙන. ඒත් අම්මත් කෑම ලෑස්ති කරල කියල දන්න නිසා බඩේ ඉඩ තියගෙන යන්න ඕන කියන එක මං අර දෙන්නට මතක් කරා.

ඒ ළඟ පාතම කොටුවෙ පිවිසුම හරියෙ තියෙන කඩයක් තමයි Fat Boys' kitchen කියන්නේ. එතනින් වෙජි wrappers එක්ක බර්ගර් අරන් එතන බංකුවක ඉඳන් ම කෑවා. ඉස්සො වඩේවලට වඩා මේවා ලාබයි. කාලා බීල ගෙදර එද්දි ගොඩක් රෑ වෙලා. ඒත් ඉතින් අම්ම එක්ක නොකා නම් ඉන්න හම්බුණේ නෑ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

පෙම් සුව විඳින ජෝඩු

මම නම් දැක්කෙ නෑ මෙහෙම අය.

මට ලියන්න දෙයක් ඉතුරු කරල නෑ නෙ 😒

oyaa man gana liyanna. kochchara kalaathmakada

Adeee dn fort eke isso wade ekak 250k welada 😑Galle face eke isso wade hodai wage dn

dn nikan wade kannath bari seen ekak thiyenne

wadayak 50i issa 200i.😑 issara me ganata api kochchara dewal kanawada.

isso kanne nathi mata oka keeya unath ekai 😁

ethakota kana apita mokada wenne.