අඹ ගහේ පැෂන්...

in hive-133716 •  2 years ago 
පැෂන් කියන්නේ අපි කවුරුත් කැමති පළතුරක්. පැෂන් ඕන නම් නිකන් කන්න පුළුවන්. හැබැයි එතකොට පොඩ්ඩක් ඇඹුල දැනෙනවා. ඒ හින්ද සීනි ටිකක් දාල mix කරලා කන්න පුළුවන්. නැත්නම්.. හුඟක් අය බොන විදිහ වන.. ජුස් එකක් හදාගෙන බොන්න ත් පුළුවන්.
![11.jpg]()
අපි නම් පැෂන් කවදාවත් කඩෙන් අරගෙන නෑ වගේ. ගෙදර කොහෙහරි පැෂන් වැලක් තිනවා. අපේ ගෙදර කලින් පැෂන් වැලට මැස්සක් වගේ ගහලා ත් හදලා තිබ්බ. ඒ කාලේ නම් අර දම් පාට පැෂන් වර්ගේත් තිබ්බ. දැන් නම් තින්නේ සාමාන්‍ය වර්ගේ විතරයි.

12.jpg

පැෂන් වැල් ඉතින් එක එක තැන් වල හැදෙනවා. දැනට එක වැලක් තීනවා අපේ කපපු රඹුටන් ගහ ගාව. අනිත් එක තමයි සුපිරී තැනකට ගිහිල්ල තින්නේ. ඒක ගිහිල්ල තින්නේ අපේ අඹ ගහේ.

 01.jpg

මම ත් ඉතින් ගෙදර එච්චර නෑ නේ. ඒක හින්ද මේකේ හැදෙන ගෙඩියක් තියා වැටෙන ගෙඩියක් වත් ප්‍රයෝජනයට ගැනෙන්නේ නෑ අපෙන්. මම ඉඳලා හිටලා ආපු වෙලාවට පොඩ්ඩක් ජුස් එකක් හදාගන්නෝ. එච්චරමයි.

ඇත්තම කතාව කිවොත් මේ වැලේ හැදෙන ගෙඩි හුඟක් කන්නේ අපි නෙවෙයි. ගහේ හැදෙන හුඟක් ගෙඩි කන්නේ ලේන්නු තමයි. උන් ඉතින් මේ ගෙඩියේ පුළුන් වගේ හරිය කාල මදයට ලං වෙනකොටම ඔන්න ගෙඩිය බිමට වැටෙනවා. ඒ වගේ ගෙඩි හුඟක් අඹ ගහ යට උදේට ඒම බලාගන්න පුළුවන්..

00.jpg

තව ලේන්නු නොකා බිම වැටෙන සමහර ඒවා මීයෝ කනවා. මම හිතන්නේ උන් තමයි කන්නේ. අම්මත් ඒක කීවා. වහලට ඒම වැටෙන ගෙඩි උන් කනවා කියලා. ඔය මීයෝ ගෙදර විතරක්‌ නෙවෙයි.. යන්නේ නැති තැනක් නෑ 🐒

 04.jpg

මේ වැලට මම හිතන්නේ දැන් සාමාන්‍ය කාලයක් වෙනවා. මේකේ කඳ ඒම හොඳ මහතට තීනවා. මට‍ හිතාගන්න බැ මේ වැල කෝමද අඹ ගහට ගියේ කියලා. මට‍ නම් හිතෙන්නේ අඹ ගහ ලඟින් ම තීන කාමරංගා ගහේ හ‍රි පේර ගහේ හ‍රි දිගේ ගිහිල්ල තමයි අඹ ගහට සේප් වෙලා තින්නේ කියලා..

 05.jpg

කොමහරි කමක් නෑ.. පැෂන් වැල අඹ ගහට ගිහිල්ල සත්තුන්ට නම් ලොකු සේවයක් කරන්නේ. වැල දැන් පොඩ්ඩ පොඩ්ඩ අඹ ගහ අල්ලගන්න හදන්නේ. ඒක දැකල අම්මලා වැලට ගේම දෙයි ද දන්නේ නෑ.. ඒම කරන්න එපා කියලා කියන්න ඕන 😌..

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Ara dampata warge tikak pani rahai. bima hadala niyamai passion.

ඔය මීයෝ ගෙදර විතරක්‌ නෙවෙයි.. යන්නේ නැති තැනක් නෑ

Apoi🥲

owa aran mehe ennakoooo

සත්තු කාපු ඒවා ද 🥹

කාලෙකින් බොන්න බැරි වුනා හදල 🙂

අපිටත් ටිකක් එවන්ඩෝ..

අපි නම් පැෂන් කවදාවත් කඩෙන් අරගෙන නෑ

apith......ape gedara wadiyenuth ekka thiyanawa