කොමඩු පැළ | 5% for SL Charity

in hive-133716 •  3 years ago 
ඉගනගන්න වැඩ කරනකොට සමහර වෙලාවට මාර ප්‍රෙෂර් එකක් එනෝ. ගනන් හැදෙන්නේ නැති උනාම.. තියරි කෑලි මතක් නැති උනාම.. වැඩ කරන්න හිතෙන්නේ නැති උනාම.. එපා වෙනෝ.. එතකොට පොඩ්ඩක් හැදෙන දෙයක් දිහා බැලුවම පොඩ්ඩක් පණක් එනෝ.

 06.jpg

හැදෙන දේවල් මොනාද?? පැළ තමයි ඉතින්.. මොනාද ලේසියෙන් පැළ වෙන්නේ?? අහ්හ්.. පලතුරු ඇට, එළවලු ඇට.. කොමඩු තිනෝ නේ දැන් කාලයක් ඉඳලා.. ඇට වගයක් තිබිල පැළ කරා බලන්න. මේම මම පැළ කරලා දැන් ටිකක් කල් වෙනෝ.

 21.jpg

ඉතින්.. දවසක් දෙකක් ගියා ඇට වලින් පැළ එන්න.. පොඩ්ඩක් උඩට ආවම ඉතින් අර ඇටේ පොතු වලින් කොලේ එලියට එනකම් ඉවසන්න බෑ. ඒක ගලවන්නමයි හිතෙන්නේ. ඉඳලා ඉඳලා බැරිම තැන පොතු අයින් කරලා කොළ එලියට ගත්ත ඉතින්.

 20.jpg

පොඩි පොඩි පැළ පොඩ්ඩ පොඩ්ඩ ලොකු උනා. මම ඉතින් මේවා පැළ කරේ ලොකු යෝගට් කප් එකක. හැබැයි මම යටින් හිල් කරේ නෑ. ඒ නිසා වතුර දානකොට බලන් දාන්න ඕන උනා.

 17.jpg

ටිකක් දවස් ගියා. වැඩත් එක්ක පැළ පොඩ්ඩක් බලන්න ත් අමතක උනා. එක දවසක් වැස්ස. වැහි වතුර ටිකක් වැඩිපුර වැටිලා තිබ්බ කප් එකට. දවස් 2කිං වගේ පස්සේ පැළ දෙක තුනක් මැරුණා. දිය මෝලං කාල.

 01.jpg
හිස් කප් එක


ඒ නිසා කප් එක තිබ්බ අව්වෙන් වතුර ගතිය යන්න එක්ක. එදාට පස්සේ පොඩ්ඩක් පෑව්ව නිසා ඕක ඇතුලට ගත්තේ නෑ. මාර වැඩේ කියන්නේ.. දවස් 2 තුනකට පස්සේ ආයේ වැස්ස නේ.

 02.jpg
කොමඩු ඇට


ඒ පාර නම් බඩු හ‍රි ඔක්කොම වලට. ඔක්කොම ඉවර යි. වතුර වැඩි වෙලා.. දැන් කප් එක හිස්. අද මේ බඩුවක් හොයන්න එක එක ඒවා අදිනකොට මතු උනා කොමඩු ඇට වගයක්. ඒවා නම් පොඩ්ඩක් සවුත්තු වගේ.. කමක් නෑ.. දාලා බලමු.. පැළ වෙනෝ ද කියලා

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

mamath kalin pala kara. dwas kipekin maruna ewath. hari amarui parissam karaganna.

ඒක තමයි
අම්මලා නම් කියනෝ කලින් වවෙනෝ ලු නිකන් ම
දැන් නැති උනාට

aparade ara hondata hadichcha pela. oka nam matath wenawa. mul dawase thiyana unanduwa deweni dawase na ithin. eta pela wela tikak wenakam ge athulema thiyaganna

ඒක තමයි මාත් බැලුවේ.. ඒම කරන්න ඕන 😐

මාත් කොමඩු ඇට ටිකක් හිටවලා දැන් අවුරුදු ගානකට කලින් චූටි ගෙඩියක් ආවා. මං සෑහෙන්න ලොකු බලාපොරොත්තු තියාගත්තා මගේ වගා කිරීමේ දක්ශතාවය ගැන. හැබැයි ඒක කුණු වුණා. 😁

ඔයාගෙ එක හොඳට හැදෙන්න කියල ප්‍රාර්තනා කරනව.😁

අඩේ.. මාත් ක්ලින් ඕම පැළ කරලා පොඩි ගෙඩියක් ආව. කුණු උනේ නම් නෑ. ආතල් එකට කපල බැලුව ඒක

ඉගනගන්න වැඩ කරනකොට සමහර වෙලාවට මාර ප්‍රෙෂර් එකක් එනෝ. ගනන් හැදෙන්නේ නැති උනාම.. තියරි කෑලි මතක් නැති උනාම.. වැඩ කරන්න හිතෙන්නේ නැති උනාම.. එපා වෙනෝ.. එතකොට පොඩ්ඩක් හැදෙන දෙයක් දිහා බැලුවම පොඩ්ඩක් පණක් එනෝ.

මේ කැල්ල කියෙව්වේ කවියක් වගේ..😅

අඩෝ 😂😂
තාලයක් තිනෝ නේ 😂

තියෙනෝ තියෙනෝ 😅

මාත් ඒමයි..

Ithamath saru saara aswennak lebewaaa....

අස්වැන්න එන්න කොහෙද පැළ
පැළ ඔක්කොම ලෙප්ට් 😐

Ane aluth ewagen malliyo...

වගා කරන එකත් මාර පිස්සුවක් තමයි. ඇට වලින් පැල ඇවිල්ලා ඒ පැලවල මල් පිපිලා ඒවායේ ගෙඩි හදනකන් දවසින් දවස බලන් ඉන්නේ පිස්සුවෙන් වගේ .😁

ඔඕ අෆ්ෆා
ඔය පිස්සුව තිබ්බ පොඩි කාලේ

අපේ නංගිත් කීපවතාවක්ම පැල කරාට වැඩේ හරිගියේ නෑ ඒත් එයා තාම ට්‍රයි කරනව අත අරින්නෙ නෑ වැඩේ , අයියත් තා පාරක් පැල කරල බලන්න හරියාවි 😍😍

ඔඕ
කොමඩු ගෙඩියක් ගෙනල්ලා පැළ කරන්න ඕන ආයේ

වැඩ කරන්න හිතෙන්නේ නැති උනාම..

මෙහෙම හිතෙන එක නම් සාපයක් 😒😒 එහෙම දවසට මට නිදි මතක් වත් එන්නේ නෑ . 😂

හපොයි.. මදි නොකියන්න මට නම් නින්ද නම් යනෝ 😂

දිය මෝලං කාල

අදමයි ඇහුවේ ඒ වචනේ. 😁😁

😂😂ඇ..
අර වතුර වැඩි උනාම මුල් කුණු වෙලා පැලේ මැරෙනවා ට මොකක්ද කියන්නේ 😂😂

👆👆👆👆👆

මුල් කුණු වෙනවා කියල 🤣