චාමික දැම්ම නම් දිනන්න තිබ්බද | 5% for SL Charity

in hive-133716 •  3 years ago  (edited)
මම දන්නෝ ඊයේ නම් ක්‍රිකට් ලෝලී හිත මිතුරු මිතුරියන්ට එච්චර හොඳ දවසක් නෙවෙයි. සමහරුන්ට "Almost Had a Heart-attack". ඒත් අන්තිමට "අතේ තිබ්බ දේ කටේ දාගන්න බැරි උනා නේත? " කියලා හිතෙන්න ඇති. මටත් ඇත්තටම පට්ට දුකයි. එච්චර Fight Back එකක් දීලාත් එක ඕවරයක් නිසා ඔක්කොම වතුරේ ගියා..

 02.jpg

මැච් එක ගැන පොඩ්ඩක් මතක් කරොත්..මැච් එක තිබ්බේ සාජා වල.. SA ටොස් එක දිනලා අපිට බැට් කරන්න කීවා. අපේ අය 142 ක්‌ විතරයි ගැහුවේ. පැතුම් නිස්සංක අන්තිම වගේ වෙනකන් වගේ ඉඳලා ලකුණු 72ක්‌ ගැහුවා. සාජා වල ඊයේ තිබ්බ WI VS BAN මැච් එකේ WI මුලින්ම ගහලා රැස් කරපු 142න් තරඟය ලකුණු 3කින් උන් දින්නත් මුලින්ම මට‍ නම් අපිට දිනන්න චාන්ස් එකක් තිනෝ කියලා හිතුනේ නෑ.

12.jpeg

13.jpeg

දුෂ්මන්ත චමීර හොඳ ආරම්භයක් දුන්න අපිට. සුපුරුදු පරිදි පිත්තෙන් ද අසමත් වූ KJP කීපර් කෙනෙක් වශයෙන් ද අසමත් උනා.. පස්සේ අන්තිම හරියේ දි.. පැතුම් නිස්සංක ගේ දක්ෂ පන්දු රැකීම නිසා වනිදු හසරංග ගේ නම ඉදිරියේ තවත් Hat-Trick එකක් ලියවුනා.. ඔක්කොම Bowlers ල හොඳට බෝල් කරා.. 20 වෙනි ඕවරේ වෙනකන්.

14.jpeg

 07.jpg

නායක දසුන් ශානක ට අන්තිම ඔව්රේ දාන්න Option දෙකක් තිබ්බ. ලහිරු කුමාර හෝ චාමික කරුණාරත්න.. ලහිරු මිනිහගේ 3වෙනි ඕවරේ සුපිරියට දැම්ම නිසා නායකයා තීරණය කරේ මිනිහට බෝල් කරන්න දෙන්න.. ඔබ අපි සියළුම දෙනා දන්නෝ මොකක්ද ඊට පස්සේ උනේ කියලා..

 06.jpg

 09.jpg

19 වෙනි ඕවරේ වෙනකන් සතුටින් ස්ටේටස් දාපු කොල්ලෝ කෙල්ලෝ.. එකපාරටම.. දුකින්.. තව කස්ටියක්‌ ලහිරු කුමාරට බනිනවා.. දසුන් ශානක ටත් බැනල තිබ්බ.. ඔක්කොම අය බැන්නේ මේම කරා නම් දිනන්න තිබ්බ.. ඒ වගේ කතා තමයි..

Fan Theories


මැච් එක පැරදුනාම Fan Theories කීපයක් කියලා තිනවා මම දැක්ක..

Bowlers ල overs දාපු පිළිවෙල වෙනස් කරානම් දිනන්න තිබ්බ ..

 10.jpg

 05.jpg

ඒකෙ කියලා තිබ්බේ චමීර ට Last over දාන්න ඉඩ හදල ලහිරු කුමාර ඊට කලින් bowl කරන්න ගන්න තිබ්බ කියලා.. ඒත් අපිට කියන්න බැ චමීර ඇතිකරපු පීඩනයම ලහිරු ට ඇතිකරන්න පුළුවන් කියලා. ඒක වනිදු ගේ Hat-Trick එකට බලපාන්න පුළුවන්.. ඒක ගියේ නැත්නම් ඔය ගානට වත් මැච් එක යයි ද කියලා හිතාගන්න බැ.

ලාස්ට් ඕවර් එක චාමික දාන්න තිබ්බ..

24.jpg

22.jpg

මේක හුඟක් ප්‍රසිද්ද තියරියක්. ඔයාල දකිනවා චාමිකට මාර ඇම්මක් තිනෝ ටීම් එක දිනවන්න. මිනිහා හුඟක් Talented.. Aggressive.. උත්සහයෙන් Skills හදාගත්ත කෙනෙක්. ඒත් ලහිරු කුමාර මිනිහගේ 3වෙනි ඕවරය ලස්සනට දැම්ම නිසා චාන්ස් එක මිනිහට ගියා කියන්න පුළුවන්..

0.gif

ඒත්, මට‍ හරියටම මතක් නෑ මොන මැච් එකේ ද කියලා.. චාමික Last Over එක දාල මැච් එකක් දිනවනවා. චාමික ගේ තිනවානේ ඉතින් පොඩ්ඩක් overreact ගතියක් වගේ. මිනිහගේ ඒ attitude එක නිසා තීන ඒ අමුතු හැසිරීම නිසා ද මන්ද..මට‍ හිතෙනවා අනිත් අය මිනිහට එච්චර කැමති නැද්ද කියලාත්. මම ඒක සමහර මැච් වල දැකල තීන නිසා කියන්නේ..Anyway, මම හිතනෝ ඊළඟ මැච් එකේ වත් චාමික ට ඕවර් 4ම දාන්න දෙයි කියලා..

මාලිංග හිටිය නම්..

 03.jpg

 04.jpg

මාලිංග නෑ නේ ඉතින්.. මාලිංග Squad එකෙත් නෑ.. මිනිහා ක්‍රීඩාවෙන් සමුගත්ත.. තව ඉතින් කියන්න තිබ්බ නේ "වාස් හිටියනම් දිනන්න තිබ්බ", "මුරලි හිටියනම් දිනන්න තිබ්බ" කියලත්.. ඒ අය ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඉවරයි.. දැන් තීන්නේ ඉන්න ටීම් එක එක්ක යන්න..

 08.jpg

11.jpeg

අපේ අය හ‍රි දස්සයි ඉතින් හ‍රි යනකොට හොඳ කියන්නයි.. වැරදෙනකොට කොඳ කියන්නයි.. මමත් සමහර වෙලාවට ඒමයි ඉතින්.. ඒ අපි හුඟක් Sri Lanka Cricket එක්ක බැඳිලා ඉන්න නිසා.. ඒත් අපි තේරුම්ගන්න ඕන ඕනෑම දෙයක තීන අවිනිශ්චිතබව. ජීවිතය ගැන බර ටෝක් ඕන නෑ. මේ මැච් එකම ඇති තේරුම් ගන්න.. දැන් ශ්‍රීලංකා ටීම් එක Tournament එකෙන් එළියේ වගේ තමයි.. කමක් නෑ.. ඉදිරියේ තීන තරඟ දෙක දිනලා ෆෝම් එකෙන් Tournament එකෙන් අයින් වෙමු..
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ලසිත් මාලිංග හිටියෙ නැද්ද?


What year are you live in?🐒🐒

aww menna meyage talks 🤣🤣🤣

මොකද මොකද 😏

Eye match eka nam baladdi aduna ane.

දිනන්න තිබ්බ එක නේ 😐

අන්තිම ඕවර් එකට 6 ඒවා දෙකයි 4 එකකුයි ගැහුවා මට මතක විදියට. හරිම දුකයි 😒💔

ඕඕ අෆ්ෆා.. ලහිරුගෙන් හරියට බෝලේ පිච් උනේ නෑ නේ 😐

mamath eda deadline tibba assignemnet eka karana ekath nawattala match ek baluwe. Habai last over eka baluwe naha lahiru ball karapu nisa 😅

ආව්.. ඒක තමයි ඒනම් පැරදුනේ 😏😏
දැන් නේ හේතු හොයාගත්තේ..

අතේ තිබ්බේ නේ, අපරාදේ 😷

කතා කරලා වැඩක් නෑ බ්‍රෝ 🙂