Ashes | 3-0 ලෙස ජය ඔස්ට්‍රේලියාවට.... | 5% for SL Charity

in hive-133716 •  3 years ago 
Ashes කියන්නේ එංගලන්ත සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ගැටුමේ උච්චතම අවස්ථාව කියලා කිවත් වැරදක්‌ නෑ. එච්චරම මේ කණ්ඩායම් ඒ පොඩි කුසලානය තමන් ළඟ ඊළඟ අවුරුදු 2දි තියාගන්න මහන්සි වෙනවා. ඔස්ට්‍රේලියාව 2017 සිට Ashes කුසලානය තමන් සතු කරන් හිටියේ. එංගලන්තේ ඔස්ට්‍රේලියාවට මේ පාර ආවේ ආයේ කප් එක අරන් යන්ට..
SRC
ඒත් ඉතින් ප්ලැන් කරන ඒවා ඒ විදිහට වෙන්නේ නෑ නේ.. එංගලන්තෙට උනෙත් ඒක තමයි. හුඟක් අය දැනටමත් දන්න විදිහට series එකේ තරඟ 3ක්‌ යනකොට ඔස්ට්‍රේලියාව series එක දිනලා ඉවර යි.

 1.jpeg

Series එකේ එංගලන්තේ perform කරපු හැටි ගැන කියනෝ නම් නිකන් Joe Root විතරක්‌ bat කරා වගේ තමයි. මේක ඉතින් 2021 අවුරුද්ද පුරාම තිබ්බ එකක්. Joe Root මේ අවුරුද්දේ ලකුණු 1708ක්‌ ගහල තිනකොට ඊළඟට වැඩියෙන්ම ලකුණු රැස් කරලා තීන Rory Burns රැස්කරල තින්නේ ලකුණු 530 විතරයි.

SRC

එංගලන්ත පන්දු යැවීම හොඳ මට්ටමක තිබුන. ඒත් Wicketkeeper පවා උඩ පන්දු අතහරිනකොට අනිත් අය ගැන මොකක්ද ඉතින්. Jos Buttler හුඟක් අමාරු catch ඇල්ලුවා තමයි. ඒත් මේ අතටම ආපු කැච් 2ක්‌ වගේ බිම දැම්ම. Slips ලත් ඒම තමයි. ඕස්ට්‍රේලියා ටීම් එකේ ඒම නෙවෙයි. උන්ගේ Wicketkeeper, Alex Carey ගේ මේක debut series එක උනත් ඉතාමත් හොඳින් perform කරා.

මේ කාරනා දෙක හේතු උනා මුල් තරඟ 2ට වඩා සවුත්තු විදිහට 3වෙනි තරඟය පරාද වෙන්න. ඔස්ට්‍රේලියාව මුල් ඉනිමට ලකුණු 267ක්‌ ගහලා ඉනිමය් ලකුණු 14කින් තරඟය දිනුවා කීවම ඉතින්.. එංගලන්තේ 2නි ඉනිමේ all-out උනේ ලකුණු 68කට.

 2.jpeg

මෙහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Scott Boland ඔහුගේ මංගල තරඟය ක්‍රීඩා කරමින් දෙවැනි ඉනිමේ කඩුලු 6ක්‌ ලකුණු 7කදී දවාගන්න සමත් උනා. ඇත්තටම Scott Boland කියන්නේ අවුරුදු 32ක්‌ වයසැති ක්‍රීඩකයෙක්. ඇත්තටම කියනෝ නම් මේ තරගාවලියෙන් පස්සේ ඔහුට chance එකක් නොලැබෙන්න පුළුවන් කියලා ත් කියලා තිබ්බ.. ඔහුගේ වයස නිසා.. කොහොම උනත්.. ඒක සුපිරි පන්දු යැවීමක්..

කොහොම උනත්.. පේන විදිහට මේ series එක චාටර් විදියට England පරාද වෙන්න වගේ යන්නේ. දැනටමත් පරාදයි ඉතින්. ඊළඟ 2ත් පරාද වෙයි ද දන්නැ.. අපි එහෙම නොවේවා කියලා හිතමු. වැරදිලා වත් ඒම උනොත්, ඒක එංගලන්ත ක්‍රිකට් වල කළු පැල්ලමක් වෙයි... ඒක නම් සුවර්..

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!