Entertainment Blog #70 | Harry Potter 20th Anniversary: Return to Hogwarts | Interesting..... Documentary 🤭 | 5% for SL Charity

in hive-133716 •  3 years ago 
Harry Potter කියන්නේ එදා මෙදා තුර නිෂ්පාදනය කරපු සුපිරිම Book adaptation movie series එකක්. ඒ නිසා තමයි අපි සියළුම දෙනා වගේ Harry Potter fans ල වෙලා ඉන්නේ. සිරසේ කීපාරක් කියලා Harry Potter 1, 2, 3 ගියා ද? ඒත් අපිට එපා උනා ද හාන්දුර්වනේ?? නෑ..
SRC
4 වෙනි ෆිල්ම් එක නොපෙන්නුව කියලා ඉතින් පොඩ්ඩක් මෙව්වා එකක් හිතිලා තිනෝ තමයි ඉතින්. ඒත් ඒ අපි පොඩි කාලේ. පොඩ්ඩක් ලොකු වෙනකොට අපි Harry Potter 4, 5, 6 ඒම බලල අවසානය වුන Harry Potter 7 Part II ත් බැලුව. සමහර වෙලාවට මම ඔය exam ඒම ඉවර උනාම 8ම එකදිගට බලලත් තිනෝ.
SRC
Harry Potter 9 වන ෆිල්ම් එකක් ගැනත් rumors ගියා. Dialogue Script වගේ එකකුත් ලීක් වෙලා තිබ්බ. ඒත් ඒම ෆිල්ම් එකක Production කරන්න හිතල තිනෝ කියලා වත් Warner Brothers සමාගම කියලා නෑ.
SRC
ඒත් ලඟදි Warner Brothers ල HBO Max එක්ක පොඩ් වැඩක් කරා. Harry Potter මුල් ෆිල්ම් එක ආවේ 2001 නොවැම්බර් වල ඒ කියන්නේ 2021 නොවැම්බර් වලට අවුරුදු 20ක්‌. ඒ නිසා 20th Anniversary Celebration එකක් විදියට Movie series එකට රංගනයෙන් දායක උන නළු නිළියන් ඇවිල්ල ඒ අයගේ ඒ කාලේ අදහස්, කෝමද ඒ අයට දැනුනේ, Harry Potter movie timeline එකේ දි ඒ අය වෙනස් උන හැටි ඒම ගැන කියමින් සිදුවන රසවත් කතාබහක් චිත්‍රපටයකට හරවල එය රසික අප වෙත 2022 ජනවාරි 1 වෙනිදා release කරා.
මම ඒක බැලුව. ඒක රසවත් කියන්නේ.. ෆිල්ම් එකක් විදිහට නෙවෙයි. ඒක කොහොමවත් තව Harry Potter Movie එකක් නෙවෙයි හොඳේ.. මීට කලින් Friends රසිකයන් වෙනුවෙන් නිෂ්පාදනය කරපු Friends : Reunion වගේ ෆිල්ම් එකක් තමයි මේක.
පොඩිම කාලේ
ෆිල්ම් එකේදී ඒ අය පොඩි කාලේදී ෆිල්ම් එක ශුට් කරනකොට ගත්ත ආතල්, කෙමින් කෙමින් ලොකු වෙනකොට කෝමද වෙනස් උන ආකාරය.. මේ සියල්ල පැය එකහමාරක් වැනි කාලයකදී දිගහැරෙන නිසා මට‍ නම් ඒම කම්මැලි කමක් ඇති උනේ නෑ. Film series එක ගැන highlight එකක් එක්ක ඔවුන්ගේ ජීවන ගමන කියපු නිසා Harry Potter fan කෙනෙක් නම් ඔයා කැමති වෙයි මේක බලන්න..
මැදි වයසේ
ඉතින් මේ ෆිල්ම් එකට Harry Potter film series එකේ ප්‍රධාන චරිත වුන Harry, Hermione සහ Ron චරිත වලට රංගනයෙන් දායකත්වය දැක්වූ Daniel Redcliffe, Emma Watson, Rupert Grint මෙන්ම සෙසු චරිත රඟ පෑ හුඟක් පිරිස් මෙයට එකතු වී තිබුනා. මෙහිදී මේ වන විටත් අප අතරින් වෙන්වී ගිය Professor Snape ගේ චරිතයට පනපෙවු Alan Rickman(2016) වැනි අයගේ ගුණ වැයීමට අමතක කරේ නෑ.
දැන්
සමහර අය Harry Potter 9වෙනි ෆිල්ම් එක මේකෙන් බලාපොරොත්තු උනා. ඒ අය නම් හුඟක් disappoint වෙන්න ඇති. ඒත් මොකක්ද එන්නේ කියලා දැනන් බැලුව අයට ඒම නොදැනෙන්න ඇති. ඒනම්, දැනගෙන රසවිදින්න..
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මම මේක හරිම ආසාවෙන් බැලුවා. ඒක වෙනමම feeling එකක්.😍❤️

මාත් හිතුවට වඩා කැමැත්තෙන් බැලුවේ 🙊

Mamath issara exam iwara unama films serama mula idan agatai, aga idn mulataith balala tiyanawa.... Tatta vacation walata gedara eddi ehe idan aran enna kiyana list eke tibba deyak tamai released una aluth movie eke cd eka

බලන් යනකොට හුඟක් අය එකවගේ නේ 🤭🤭🐒

මාත් ගොඩක් ආස series එකක් අයියෙ 🤩🤩🤩 ඒත් මාත් හිතුවෙ තවත් film එකක් ආව කියල 😅😥🙊 පස්සෙ තමයි දැන ගත්තෙ හරියටම.... ඒත් මේ අවෘද්දෙ තව film ටිකක් එන්න තියෙන නිසා දැන් ආයෙ මුල ඉදන් බලලා ලෑස්ති වෙලා ඉන්න ඔනි😋😋😋

ඒත් මාත් හිතුවෙ තවත් film එකක් ආව කියල

කස්ටියක්‌ හිතුවේ cursed child කියලා 🐒

මේ මාසේ ට් හොඳ ෆිල්ම් ටිකක් එනෝ. Möbius ඒම කොලිටි වෙන්න ඕන..

හැරී පෝටර් සීරීස් එක හතරපාරක් සම්පූර්නෙන් බැලුව ඒත් තාම බලන්න ආසයි😍❤️ , මේකත් ආපු ගමන් බැලුව😍😍 , ගොඩක් අයනම් බැනලත් තිබ්බ ෆිල්ම් එකක් නෙවෙයි කියල 😂😂

මාත් ෆුල් සෙට් එකම ඩවුන්ලෝඩ් කරලා බලල තිනෝ.

ගොඩක් අයනම් බැනලත් තිබ්බ ෆිල්ම් එකක් නෙවෙයි කියල 😂😂

ෆිල්ම් එකක් කරා නම් ඕම ද marketing යන්නේ.. trailer ම 5, 6 ක්‌ එනෝ නේ.. teaser කියයි final trailer කියයි 😂

ඉස්සර නිවාඩු කාලයේ කොච්චර බැලුවත් එපා වෙන් නැති ෆිල්ම් එකක් තමයි Harry Potter. එච්චරටම ආස හිතෙන film එකක්.😍. මම ආස කරපු අනිත් එක තමයි The Lord of The Rings.❤

මාත් කැමති LOTR
බලමු Fantastic beasts මේ වගේ ලයින් එකක් එයී ද කියලා..

ඔව් ඒව කොච්චර බලුවත් එපා වෙන්නෙ නෑ.

meke trailor eka dakka.balanna une na thama full eka

ඒ අය නම් හුඟක් disappoint වෙන්න ඇති.

mamath ewani ayek

හැරී පොටර් ෆිල්ම් එකක් එනෝ නම් ප්‍රචාරණය ඔච්චර සුළුවෙන් දෙන්නේ නෑ නේ.. අනික ලංකාවේ අනිවා පෙන්නනෝ ඒම ෆිල්ම් එකක් ආව නම්..
තව හැරී පොටර් ෆිල්ම් ගහන එකක් නෑ
Warner Brothers ලගේ වත්කම් හුඟක් බැහැල තින්නේ. Invest කරන්න අමාරුයි ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් වලට

😪😪😪😪

cursed child කලින් ඒව තරන් හොද නෑ කියලත් කියනව. එනකම් හිතාගන්න බෑ ඉතින් නේ

ඕඕ
ඒකෙ නාට්‍යක් කරලා තිනෝ ලු
පොතත් තිනෝ නේ
මොකක් කරය් ද දන්නේ නෑ ඉතින්

Godak aya aluth film ekak enawa kiyala balagena hitiye.. math me pahu giya dawasaka dakke documentary ekak kiyala.

ඒක තමයි.. හුඟක් කස්ටිය අව්ල් ගියා ඒක දැනන් 🤭

මේ දවස්වල මමත් ඔය harry potter series එක continue කරගෙන යන ගමන්..🤩

බලන්න බලන්න 🤭🤭

thama balanna beri una. mamath attama hithan hitiye 9 weni eka kalin wage ekak wei kiyala.

මේක 9 වෙනි ෆිල්ම් එක නෙවෙයි අඩේ. Anniversary celebration එකක් 🙊🙉🐒