Ross Taylor ගෙ ටෙස්ට් ගමනේ අවසානය | 5% for SL Charity

in hive-133716 •  3 years ago 
New Zealand Cricket Team එක phases කීපයක් හරහා ගිහිපු ටීම් එකක්. ඒ අය කවදාවත් යටටම වැටුනේ නෑ. 2014-15 වෙනකම් උඩටම එන්න ත් බැරි උනා. ඒත් ඒ අමාරුම සංවර්ධනය වෙමින් පවතින කාලේ පටන් මෙතෙක් නවසිලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් උන ක්‍රීඩකයෙක් තමයි Ross Taylor කියන්නේ.
SRC
මම දන්න තරමින් හුඟක් කෙල්ලෝ ඒම නවසිලන්ත ටීම් එකට කැමති. Ross Taylor ඒම ඒ අයගේ කැමතිම players ල අතර ඉන්නවා. අපි ඔක්කොම අය අවුරුදු ගණනාවක් Ross Taylor බැට් කරනෝ දැකල තිනෝ. මම ත් කැමති මිනිහගේ batting වලට.. ඒක පට්ට classy.
SRC
ඔයාලා දැකල ඇති Taylor ගෙ හැසිරීම හ‍රි අමුතුයි අනිත් players ලට වඩා. මිනිහා Crease එකට ආවම head gear එක හදන විදිය..පස්සේ umpire ට කියලා stumps මාර්ක් කරන් pitch එක පොඩ්ඩක් බලල තට්ටුවක් දාල ඒ ඇඟේන් දෙන gesture එක second වෙන්නේ Steve Smith ට විතරයි වගේ..
අනිත් එක තමයි මිනිහා 100ක්‌ එහෙම ගැහුවම celebrate කරන විදිහ. හුඟක් players ල උඩ පැනල එක එක ඒවා කරාට Ross Taylor නම් පොඩ්ඩක් head gear එක ගලවල bat එක පොඩ්ඩක් උස්සල කරනෝ විතරයි.. හැබැයි තව එකක් කරනෝ.. දිව එලියට දාන එක 😂.. ඒක නම් කරන්නේ Ross Taylor ම විතරයි..
SRC
ඒක නෙවෙයි.. මිනිහගේ retirement එක ගැන කතා කරොත්.. එයා කලින්ම කියලා තිබ්බ බංගලාදේශය එක්ක ටෙස්ට් තරගාවලියෙන් පස්සේ ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වෙනවා කියලා. ඉතින් මම කලිනුත් ගෙනාව.. නවසිලන්තේට එච්චර හොඳ විදිහට නෙවෙයි series එක පටන් ගත්තේ.. මුල් මැච් එක classy විදියට බංගලාදේශය දිනුවා..
ඒ නිසා නවසිලන්තේට මේ දෙවැනි තරගේ දිනන්න ඕනම උනා. ඒ නිසා දෙවැනි තරඟය තිබුන Christchurch වල pitch එක නවසිලන්ත පිලට වාසි වන විදියට හදල තිබ්බේ. Pitch එක කොළ පාටයි මුල් දවස් වල😂. අනික බංගලාදේශය toss එක දිනලා නවසිලන්තේට ගහන්න දුන්න. ඒක නවසිලන්තේට නියමෙට ගියා..

 2.jpeg

නවසිලන්තේ සුපිරියට bat කරා 1st innings එකට 521ක්‌ ගහලා declare කරේ. නායක Tom Latham 252 ගැහුවා. Devon Conway තරඟාවලියේදි දෙවැනි ශතකය වාර්තා කරා.. පසුව පිතිකරණයට ආ බංගලාදේශ batters ලට සාර්ථක වෙන්න පුළුවන් උනේ නෑ. 1st ඉනිම 126කට සිමා උන නිසා උන්ට Follw-on ගහන්න උනා. ඒකෙත් ගැහුවේ 278 යි. බංගලාදේශයට ඉනිමක පරාජයෙන් වත් බේරෙන්න බැරි උනා.

 3.jpeg

වැදගත්ම දේ උනේ.. දෙවැනි ඉනිමේ බංගලාදේශේ විකට් 9ක්‌ ගිහිල්ල තිනකොට Ross Taylor පන්දු යවන්න ආව. මිනිහා spin ball කරන්නේ. වැඩේ කියන්නේ මිනිහා තමයි අන්තිම විකට් එක ගත්තේ.. ඒ නිසා Ross Taylor ට ඔහුගේ ටෙස්ට් කතා පොත වර්ණවත් ලෙස අවසන් කරන්න පුළුවන් උනා..

000.gif

ටෙස්ට් වලින් සමුගත්තත් අපිට ඔහු ODI මැච් වල තව ටික කලක් බලාගන්න පුළුවන් වෙයි.. ඒත් ඔහු දැනටමත් කියා අවසන් අප්‍රේල් මාසයේ අවසන් වන නෙදර්ලන්ත සංචාරයෙන් පසු එක්දින පිටියට සමු දෙන බව..

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

සුපිරිම player කෙනෙක්..

තව කල් ගහන්න ත් තිබ්බ

Ground eke hitapu super character ekak...
Podi dukakuth denenawa yana ekata...

ඒක තමයි.. තව පොඩ්ඩක් කල් ගැහුවනන් හ‍රි

Mn cricket blnn gtt kale idlm asa knk🥰

ම්ම්ම්.. ආරංචියි 🤭🤭🤭

ආසම කෙනෙක් මතක කාලෙක ඉදන් සෙල්ලම් කරනො ටීම් එකේ 😍❤️

දැන් ඒ කස්ටියගෙන් ඉතුරු වෙලා ඉන්නේ Martin Guptil විතරයි 😐😐

🤩🤩🤩new zealand team එකේ ඉන්න සුපිරිම පොරක් 😋😋... ඒ වගේ කෙනෙක් ආයෙ එන්නෙ නැති වෙයි team එකට😥

අනිවා.. ඒ හැසිරීම්, techniques තීන පොරක් නම් ආයේ එන්නේ නැති වෙයි 😐😐

හුඟක් කෙල්ලෝ ඒම නවසිලන්ත ටීම් එකට කැමති.

ඒ ගොඩේ මාත් ඉන්නව

මේ ඉන්නේ මේ ඉන්නේ 😂😂