මේ දවස් වල හැමෝම ජීවත් වෙන්නේ පීඩනෙන්. ක්‍රිකට් නිසා හැමෝම යම් තාක් දුරකට සතුටින් ඉන්නවා. අයියා එක්ක මැච් එක බලනවා කියන්නේ වෙනමම දෙයක්. අයියට අනුව අපේ ටීම් එකේ විකට් යන්නේ මම මැච් එක බලන නිසා...😂 මම ඉතින් ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නන්න ගන්න උත්සාහයත් උපරිමයි🦍.
අයියයි මමයි ගත්තම තනිකරම වෙනස් හැසිරීම් තියෙන්නේ. එයා හරිම නිහඩයි. එයා නිහඩ රසිකයෙක්. මම තමයි මැච් එක පටන් ගත්ත වෙලේ ඉදන් කියව කියව අරයට මෙයාට බැන බැන ඉන්නේ. ඔහොම මැච් එක බලන දවසක මම පොඩි දෙයක් වරදවා තේරුම් අරන් අයියගේ උසුළු විසුළු වලට මූණ දෙන්න සිද්ද වුණා.
screenshot from facebook
දෛවයේ සරදමට වගේ ඒකටම හරියන්න බුකියේ තියෙනවා පෝස්ට් එකක්. හොදම වැඩේ කියන්නේ අපේ අයියත් ඒකට කමෙන්ට් එකකින් දායකත්වය ලබා දීම. මේ පිංතූරේ පහලින් තියෙන්නේ අයියා දාපු කමෙන්ට් එක. දැන් ඔයාලට තේරෙනවා ඇති මම වරදවා වටහා ගත්ත දේ මොකක්ද කියලා 😥.
කෙසේ නමුත් අපේ රටේ ක්‍රිකට් වලට නැවතත් වසන්තය උදා වෙලා තියෙන්නේ. ඉස්සර නම් ටීම් එකේ players ලගේ daycard එකතු කරා, article එකතු කරා. ඒ කාලේ අලවපු ටීම් එකේ හැමෝම ඉන්න ෆොටෝ එකක් තාමත් ගෙදර කබඩ් එකේ තියෙනවා. දැන් නම් එහෙම වැඩ නොකලට මොකද ක්‍රිකට් වලට හැමදාමත් ආදරෙයි. ටීම් එකේ ලාබාල ක්‍රීඩකයෝ පේන්නන දක්ශතා හරිම ඉහලයි. ඒ පිලිබදව කියලා නිම කරන්න බැරි තරම් සතුටක් තියෙන්නේ.
ඉතින් අයියා එක්ක මැච් බලන කතන්දරේට ආයිමත් ගියොත්, අයියා මගෙන් ඊයේ ඇහුවා "තමුන් ( එයා මට කතා කරන්නේ එහෙම ) fb එකේ දඩිබිඩියා page එක follow කරලද තියෙන්නේ?? " කියලා. උඩින් තියෙන පෝස්ට් එකයි කමෙන්ට් එකයි දැක්කම තමයි මටත් සියල්ල වැටහුණේ....😶
අපේ අක්කා මැච් බලන්න එනවට මං කැමතිත් නෑ..එදාට මොකක් හරි කියලා කට ඇරියොත් අපි පරාදයි 😌👋 @madhumunasinghe
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අයියලා මල්ලිලා ඔක්කොම එකයි 😞
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මතකද 2012 දිද කොහෙද අසේල සර්ගේ පන්තියේ නිවාඩු ඉල්ලුවා world cup එක බලන්න🤭🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව් මට මතකයි.... ඒත් නිවාඩුව හම්බුනේ නම් නෑ 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අනේ😅
ඇත්තටම මාත් ඔහොම තමයි. මැච් නම් බලනවා. ඒ වුණාට කොල්ලොන්ට වගේ ලොකු දැනුමක් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කමක් නෑ මොනාම හරි අපිත් දන්නෝ නේ 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපේ නංගිත් ඔහොම තමය් වෙලාවකට මල පැනල එලවනෝ මං 😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔක්කොම එකයි බලන් ගියාම 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit