ඒක හරි ලස්සන අගෝස්තුවක්... | මතක සහ සැමරුම්

in hive-133716 •  2 years ago 

අවුරුද්දේ මාස දොළහෙන් මම වැඩිපුරම කැමති මාසෙ තමයි අගෝස්තුව. හේතුව මට දැනෙන අගෝස්තුව හරිම ලස්සනයි. මේ අවුරුද්දෙත් අගෝස්තුව ලස්සනයි. ඉතින් මේ ඒක හරි ලස්සන අගෝස්තුවක්... හි පලමු දිග හැරුමයි...

මතක සහ සැමරුම්...

IMG_20220904_102424.jpg

මම ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයට ඇතුලත් වෙන්නේ 2017 අවුරුද්දේ. ඒ උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂ්ණ ඩිප්ලෝමාව හැදෑරීමට. සරසවි වරම් හිමි වුණත් මට වුවමනා වුණේ මෙන්න මේ ඩිප්ලෝමාව හදාරන්න. කොවිඩ්-19 , රටේ පවතින ආර්ථික ප්‍රශ්න, දේශපාලන අස්තාවරවීම් නිසා 2020 වසරේ පැවැත්වීමට නියමිතව තුබුණ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය දින නියමයක් නැතිව කල් ගියා.

IMG_20220904_101734.jpg

කලින් කිව්වත් වගේ මේ අවුරුද්දේ අගෝස්තුව ලස්සන වෙන්න එක හේතුවක් තමා දින නියමයක් නැතුව කල් ගියපු අපේ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය දින නියමයක් ඇතිව සුන්දර අගෝස්තුවේ පැවැත්වීමට බලධාරීන් පියවර ගැනීම. ඉතින් අපි හැමෝම ආසාවෙන් බලන් හිටිය ඒ දවස ඇත්තටම උදා වුණා. ඔෆිස් එකෙන් අමුතුවෙන් නිවාඩු ඉල්ලන්න වුණෙත් නෑ මොකක්ද උත්සවේ තිබුණේ අගෝස්තු 14 වෙනි ඉරිදා දවසේ.

SquareBlend_202294104757374.jpg

මේ ඉන්නේ අපි. මගේ අම්මා, මගේ ලොකු අම්මා, එක බඩ වැල කඩාගෙන නාවත් මාව එයාගෙම නංගි කර ගත්ත අයියා. මෙතන නැතත් ආදරෙන් මතක් කරන්න ඕනි මගේ පුංචිලා සෙට් එක. ඒ වගේම එයාලගේ මහත්වරු ටික. ඒ වගේම මාව එයාලගෙම සහෝදරියක් කර ගත්ත, මට ආදරේ දුන්න එයාලගේ ළමයි. පවුල කියන්නේ පුදුමාකාර හයියක් ❤️.

SquareBlend_2022941124923.jpg
පිලිවෙල පොඩ්ඩක් මාරු වෙලා 😬
අපි අපේ ආයතනය හදුන්නලා දෙන්න පුරුදු වෙලා හිටියේ HND එක කියලමයි. කොහෙද යන්නේ ඇහුවත් HND එකට යනවා. කොහෙද ගියේ ඇහුවොත් HND ගියා. එහෙම තමයි අපි පුරුදු වෙලා හිටියේ. ඉතින් දෙනෝ දාහක් ළමයි අතරේ මේ ඉන්නේ මම වගේම තව දෙන්නෙක්. HND එක ඇතුලේ මට හම්බුණු හොදම යාලුවො දෙන්නා. එක්කෙනෙක්ට ප්‍රශ්නයක් ආවම ඒක අපේ ප්‍රශ්නයක් වුණා. ජීවිතේ ගොඩක්ම ලස්සන යාලුවො එක්කම ගොඩ යද්දි ❤️.

IMG_20220904_114728_242.jpg

ඊලගට කියන්න යන කතාව නම් ටිකක් අමුතුයි. මම මුලින් කිව්ව වගේ මම HND එකට ඇතුලත් වෙන්නේ 2017 අප්‍රේල් මාසේ අග බාගේ. ඉතින් අපිට එද තිබුණා welcome එකක් අපේ senior අයියලා අක්කලාගෙන්. එදා අපිට අතේ ගැට ගහ ගන්න දුන්නා තැඹිලි පාට නූලක්. ඉතින් ලොකුවට නැතත් අපිටත් නවක වදයට මූණ දෙන්න සිද්ද වුණා (ඒකත් හරිම සුන්දර අත්දැකීමක් ආදරෙන් මතක් කරන්න පුළුවන් ❤️). අපේ අයියලා අක්කලට අපිව අනිත් department වල ළමයින්ගෙන් වෙන් කරලා අදුර ගන්න පොඩි trick එකක් තමයි මේ නූල (මාත් senior කෙනෙක් වුණාම දැන ගත්තේ😬). ඉතින් ඔයාලා විස්වාස කරනවද?? තාමත් ඒ නූල මගේ අතේ තියෙනවා කිව්වම??? දැන් නම් ගලවලා අරන් තියන්න කාලේ හරි....❤️

IMG_20220819_152852.jpg

ඉතින් නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න, අම්මගේ හයියෙන්, පවුලේ, ආදරණීය ගුරු මෑණි වරුන්ගේ පියවරුන්ගේ කැපවීමෙන්, යාලුවන්ගේ ආදරෙන් , මට පුළුවන් වුණා මගේ HND එක ඉතාමත් සාර්ථකව අවසන් කරන්න. ඉතින් මගේ ආච්චි ව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. මම HND යද්දි පවා පොඩි කාලේ වගේ මට කෑම එක වතුර බෝතලේ ලේස්ති කරලා දුන්නේ මගේ ආච්චි. ඒක මම කර ගත්තොත් එදාට ආච්චිගේ හිත හොද නෑ. මම ප්‍රශ්නෙක ඉන්නවා නම් ආච්චිට ඒක ඉක්ම්නනින් තේරුම් යනවා. HND යන කාලේ ආව බාදක ගොඩක් දරා ගන්න පුරුදු වුණේ ආච්චි නිසා. හිටියා නම් අද ගොඩක් සතුටු වෙන්නේ මගේ ආච්චි ❤️.

IMG_20220814_124756.jpg

අද මම පෞද්ගලික ආයතනයක සහකාර ප්‍රමාණ සමීක්ෂකවරියක්. ඒ දේ මට ලැබෙන්නේ මෙන්න මේ HND එක නිසා. පුංචි කාලේ ඉදන් මට ඕනි වුණේ ඉක්මනට ලොකු වෙලා අම්මට ගාමන්ට් යන්න එපා කියන්න. මොකද මම ඉපදුන දවසේ ඉදන් මාව මේ තැනට ගේන්න මගේ වයස හා සම කාලයක් මගේ අම්මා මැශිම පෑගුවා ❤️. ඉතින් අද මම ඒක කරලා තියෙනවා. මේ හැම දේම අවුරුදු කීපෙකට කලින් මම HNDQS කරන්න ගත්ත තීරණය නිසා.

සැමරුම් සහ මතක, මම අවසන් කරන්නේ ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරලා....

හැම කට්ටක්ම දරාගෙන, අම්මගේ පවුලේ අයගේ, ගුරුවරුන්ගේ, යාලුවන්ගේ හීන හැබෑ කරලා, මාව මේ තැනට ගෙනාව, මට මම ගැන විස්වාසයක් ඇති කරපු ආදරණීය පුන්සරී, මම ඔයාට ගොඩක් ආදරෙයි..🥂

-සඳුපි-
💚

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hello friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

godak sanwedi kthwk.eth katta kaaalaa duk widlala thanakt awilla mehm kiyddi danena sathuta wena dekin gnna ba. Suba pathum hama detama💙

Bohoma sthuthiy malli...😍

සුබ පැතුම් සඳූපි!😍❤
ඔයාට ලස්සන ලොකූ පවුලක් ඉන්නවා. ඔයා ආස දේම කරන්න තීරණය කරපු එක තමයි හොඳම දේ.

බොහොම ස්තුති ප්‍රසාදි....😍

Congratulations @sadupi ! Heart touching story. Your family can be proud of you ❤️.

Thank you ayye...😍

ප්‍රමාණ සමීක්ෂකලට ලංකාවේ හොදටම රැකියා අවස්ථා ලැබෙනවා. ඔයා කරලා තියෙන්නේ හොදම හොද පාඨමාලාවක්.

අනිවාර්යයෙන්ම... බොහොම ස්තුති ❤️😍