හොල්මන්....

in hive-133716 •  4 years ago 

හොල්මන් .....අවතාර ....මෙහෙම දේවල් ලෝකේ තියෙනවද?ඔබ මේවා විශ්වාස කරනවද ..?ඔබ දැකලා තියෙනවද..?දවල් කාලයේ පෙනෙන්නෙ නැති රෑට විතරක් පෙනෙනවා කියන මේ දේවල් ඇත්තද? වැඩිපුර කතා කරන්න අකමැති මාතෘකාවක් ගැන කථා කරන්න හිතුනා .
මට එහෙම හිතුනේ මට ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුන නිසා .ඒක ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතුනා .ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මගේ සත්‍ය අත්දැකීමක් .එහෙම වුනා කියලා ඔයාලා එක පිළිගන්න කියලා මම කියන්නේ නෑ .මේ ගැන එක එක විදියේ අදහස් තියේවි,සමහරවිට තව කෙනෙකුට මේ වගේම අත්දැකීමක් තියෙන්නත් පුළුවන් .එහෙම තියේනම් අපි ඒක බෙදාගමු .
මම දැන් කථාව කියන්නම් ..
මේක සිද්ද වුනේ මීට අවුරුදු හයකට විතර කලින් අප්‍රේල් මාසෙ දහවෙනිදා දවසක .මගේ සේවා ස්ථානය තියෙන්නේ අගනුවර නිසා මම නිතරම වගේ මගේ ගෙදර ඉඳන් අධිවේගී මාර්ගයේ යන එන එක සාමාන්‍ය දෙයක්.අප්‍රේල් නමවෙනිදා මගේ හොඳම යාලුවෙකුගේ පියා මියගියා.එදා මම ගෙදර හිටපු දවසක් .මිත්‍රයා වෙනුවෙන් කලහැකි සියලු දේවල් කරලා දහවෙනිදා අළුයම පහට විතර ගෙදරට ඇවිත් නැවත සේවයට යන්න පිටත් වුනේ එදින නිවාඩුවක් ලබා ගැනීම කිසිසේත්ම කල නොහැකි වුන නිසා .මුළු දවසම සෑහෙන්න වැඩ තිබුනා.
කලින් දවසේ මුළු රෑම නිදි නැතුව හිටපු නිසා සැලකිය යුතු නිදි මතකුත් තිබුනා .ඒ සියල්ල පිරිමහගෙන දවසේ වැඩ කටයුතු අවසන් කරලා එදාම ආයෙත් ගෙදර එන්න පිටත් වුනේ ඊට පසුවදා තියෙන මිතුරාගේ පියාගේ අවමගුල් උත්සවයට සහබාගී විය යුතුම නිසා.
මට මතකයි රාත්‍රී 11.40 ට විතර කොට්ටාව පිවිසුමෙන් ඇතුල් වෙන්න කලින් රෑ කඩේකින් තේ එකකුත් බීලා (නිදිමත නැතිවෙන්න උදව්වක් වෙයි කියලා හිතිලා )එන්න පිටත් වුනා .එහෙම ආව මට ගැලනිගම පිවිසුම ලඟට එන්න කලින් හතර වතාවක් විතර නිදිමත හැදුනා .ඒ හැම වෙලාවෙම පාරේ තියෙන සුදුපාට ඉරට එළියෙන් නතර කරලා මුහුණ සෝදාගෙන තමයි ආවේ .( පාර අයිනේ වැඩිය නතර කරන්න දෙන්නේ නෑ .ඒත් නතර කරන්න සිද්ද වුනා )තව ටික දුරක් එද්දි එන්නම බැරි තරමට නිදිමත කරදර කරන්න පටන් ගත්තා .මම ආයෙත් පාරක් වාහනෙන් බැහැලා වතුර ටිකක් මුහුණේ ගාගෙන වාහනේට නැග්ගේ Service Area එකට එනකන් හරි එනවා කියලා හිතාගෙන.
කාර් එකට නැගලා රියදුරු අසුනේ ඉඳගෙන වාහනේ පාරට ගන්න කලින් දෙපැත්ත බලන එක සාමාන්‍ය දෙයක් නේ .එහෙම බලන කොට මම දැක්කා වාහනේ ඉස්සරහ ඉඳලා කවුදෝ කෙනෙක් වාහනේ වම් පැත්තෙන් පිටිපස්සට යනවා වගේ.මට හොඳටම මතක විදියට සුදු පාට අත්කොට කමීසයක් ඇඳලා හිටියේ.මට වාහනේ වීදුරුවෙන් පෙන්නේ ඉනෙන් උඩ කොටස විතරයි .(රියදුරු අසුනේ ඉඳ ගත්තම වම් පැත්තේ පෙන්නේ වීදුරුවේ මට්ටමට විතරයි.)වෙලාව රෑ 12 පහුවෙලා විනාඩි 5 ක් විතර වෙන්න ඇති.වාහනේ නතර කරද්දී කිසිම කෙනෙක් ඉස්සරහ හිටියේ නෑ කියලත් මට හොඳටම විශ්වාසයි .
මගේ පොඩි පුරුද්දක් තියෙනවා ඒ වගේ දෙයක් දැක්කම එක ගැන හරියටම දැනගන්න ඕනේ.(මම හිතන්නේ එක වැරදි පුරුද්දක්.)මම සැනෙන් වාහනෙන් බැහැලා ඒ කෙනාගේ පිටිපස්සෙන් ගියා .එයා මට පෙනී පෙනී මගේ ඉස්සරහින් ගිහින් රියදුරු අසුන ලඟදි නැතුව ගියා.(මගේ නිදිමතත් එක සැරේටම නැතුව ගියා )

හොඳම හරිය වුනේ ඊට පස්සේ ..
මම එයා ගැන වැඩිය හිතන්නේ නැතුව ආයෙත් මගේ ගමන පටන් ගත්තා .(හැබැයි එයා හරි වැරදියි.අඩුම ගානේ මාත් එක්ක පොඩි චැට් එකක් දාගෙන දිගටම ආවනම් මම මේ කියන්න යන දේ සිද්ද නොවෙන්න තිබුනා )ආයෙත් ගමන පටන් අරගෙන වැඩි දුරක් එන්න ලැබුනේ නෑ .මට එක පාරට නින්දෙන් වගේ දඩ දඩ ගාලා සද්දයක් ඇහුනා .ඒ සද්දෙට ඇහැරිලා බලන කොට මගේ වාහනේ පාරේ මැද track එකටත් පැනලා එතන තියෙන යකඩ වැටේ වැදීගෙන යනවා දැක්කා.එච්චරයි මතක....
ආයෙත් ඇස් පියවිලා....
තත්පර ගානකින් මගේ වාහනේ පාරේ වම් පැත්තේ අයිනෙන් එලියට ගිහින් පහලට පෙරලෙන්න ඔන්න මෙන්න තියලා මට ඇහැරුනා .මම අවසිහියෙන් වගේ සුක්කානමේ එල්ලිලා වාහනේ ආයේ හරි Track එකට දාගත්තා .එහෙම බැරි වුනානම් අද මේ කථාව ඔයාලට කියන්නේ වෙන කෙනෙක් කියලා මට sure . දකුණු පැත්ත සැහෙන්නම damage වුණා .ඒත් රජයට අලාබ නොවුන නිසා ඒක අනතුරක් විදියට වාර්තා වුනේ නෑ .වාසනාවට මට ලොකුවට අනතුරක් වුනෙත් නෑ .
අවසානෙදි අහම්බෙන් මගේ පිටිපස්සෙන් ආපු හිත හොඳ මනුස්සයෙක් මම ගැන සොයා බැලුවා .මාත් එක්ක සේවා පියසටත් ඇවිත් කතා බහ කරලා මම exit වෙනකනුත් මගේ පිටිපස්සෙන් ඇවිත් මාව සුරක්ෂිත කරලා ගියා කියලත් අද වගේ මතකයි.(නමක් නොදන්නා ඔහුට ස්තුතියි ).
මේක තමයි කථාව ..
මේ විස්තරය අහපු මගේ මිතුරන් මට දීපු අවවාද ,ආයෙත් රෑට යන්න එපා කියලා කියපු දේවල් ,මීට කලිනුත් තව අයට ඔහොම දේවල් වෙලා තියෙනවා කියලා කියපු කථා වගේ අතුරු කථා ගොඩක් තියෙනවා .ඒවා ලියන්න යන්නේ නෑ .

මම අදත් කල්පනා කරනවා....
එදා ඒ ආව කෙනා කවුද කියලා ..
ඇයි එහෙම වුනේ කියලා ..
මෙහෙම දේවල් තියෙනවද කියලා ..
එයා මට නොපෙනී ඇත්තටම කාර් එක ඇතුලේ හිටියද කියලා ..
අවසාන මොහොතේ වාහනේ පහලට පෙරලෙන එක නැවැත්තුවේ එයාද කියලා ....(එහෙම කලානම් ස්තුතියි හොඳේ )

දැන් ඔබ මොකද හිතන්නේ ....?
හොල්මන් කියන්නේ ඇත්තද ..?
එහෙම වෙන්න පුලුවන්ද..?
ඒවා විශ්වාස කරන්න පුලුවන්ද..?

ඔබ මොනවා කිව්වත් මට මගේ ඇස් දෙකනම් හොඳටම විශ්වාසයි ..
මම තවමත් මේ පාරේ නිතරම යනවා එනවා ..වෙලාවක් අවේලාවක් නැතුව.(ගොඩක් දෙනෙක් එපා කිව්වට යන්න එන්න වෙනවා ..)
තව ටිකෙන් හොඳම කොටස කියන්න අමතක වෙනවා ..
දවස් ගානකට පස්සේ දවාලක එතනින් යද්දී මම බැලුවා එදා නතර කරගෙන හිටිය තැන.

හරියටම කනත්ත ඉස්සරහ.....(ඔබ යනකොට බලන්න ගැලනිගම පාලම කිට්ටුවම තියෙනවා පොදු සුසාන භූමියක් .පාරේ යනකොට හොඳටම පේනවා .බය වෙන්නනම් එපා .මම වගේ රෑ 12 ට එතනම නතර කරගෙන ඉන්නත් එපා....පරෙස්සමෙන් යන්න.)
Horror-414x246.webp

p02vwd1g.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අම්මොහ් මට මතකයි මෙ කතාව මාම කිව්ව අපිට. මටත් ආසයි බලන්න හොම්මන්

මටත් ආසයි බලන්න හොම්මන්

Are u crazyyyy???????🙄😯

Haha ehem naa

මේක කියවනකොටත් මොකක්ද උනා. හම්මෝ මම නම් බයයි 😑.

🤭🤭I have also heard this before..

And write the content inside follow tags to align justify

<div class="text-justify">
// content here
</div>

It will make it nice to read. 😊

Noted with thanks..

will call you to get the directions as well.

Image eka dakala baya unu mama😥😥heart ekath nawathuna wage🙄

ඇත්ත ජිවිතේ දැකලා නැතත් මේ මගේ කෑමතිම මාතෘකාවක් . මාත් වෙන අයට මේ වගේ උන අත්දැකීම් ගැන අහලා තියෙනවා

කවුරුහරි බලාගෙන ඉන්නව කියලනම් මටත් දැනිල තියෙනව...

ehema danenawalu samahara ayata