තාත්තගේ ආදරේ වෙනස් විදියට ....

in hive-133716 •  3 years ago 

ඔබ ඕනෑ තරම් සින්දු අහලා ඇති.සමහර විට ලියලා ඇති.ඒ අහන ලියන සින්දු අතරේ හදවතේ ගැඹුරට දැනුනු ඒවා ඕනෑ තරම් ඇති.මම සාමාන්‍යයෙන් නිතර සින්දු අහන කෙනෙක්.ඒ වගේම හිතට හිතෙන දේවල් ලියන කෙනෙක්.තවත් සමහර වෙලාවට යාන්තම් රිද්මය තියාගෙන සින්දුවක් කියාගන්නත් පුංචි හැකියාවක් තියෙනවා කියලා හිතෙනවා.(අහගෙන ඉන්න අය තමයි එහෙම කියන්නෙ )අලුතෙන් එන සින්දු හොය හොයා අහන පුරුද්දකුත් මට තියෙනවා.එහෙම අලුත් සින්දුවක් හොයපු වෙලාවක හම්බ වුන හිතට තදින්ම දැනුන ,හිතේ පතුලටම වැදුන සින්දුවක් ගැන තමයි මේ කතාව.
මේක ඇත්තටම කවියක් විදියට ලියවුන හරි අපූරු ලියවිල්ලක් .ඉරේශා හේමමාලි කියන කිවිඳිය තමන්ගේ සත්‍ය අත්දැකීමක් පදනම් කරගෙන ලියපු කවියක්.අවසානෙදි ඒක හදවතේ ගැඹුරට තැන් ස්පර්ශ කරන හරිම සංවේදී ගීතයක් බවට පත්වෙනවා අලුත් ගායන ශිල්පියෙකුගෙ හඬින් .රවී රොයිස්ටර් කියන මේ ගායකයා නව පරපුරේ ශිල්පීන් අතර තමා වෙනුවෙන් වෙනම ඉඩක් වෙන් කර ගත්ත දක්ශයෙක්.ගීතයට සංගීතය නිර්මානය කරන්නෙත් ඔහුමයි .
තමන්ගෙ දරුවන්ට වගේම බිරිඳටත් අසීමාන්තිකව ආදරය කරපු උත්තම ගනයේ තත්තා කෙනෙක් ගැන කියවෙන මේ ගීතය නිසොල්මනේ අහන්න.ඔබ ඒකට ඇබ්බැහි වෙන එක නවත්තන්න බැරි වෙයි .ඒ වගේම ඔබ එක නිමේශයකට හරි ඔබේ තාත්තා ලඟට යාවි.

මම මේ ගීතය ඇහුවෙ මේක මගේ කරගෙන...කවදා හරි දවසක මගේ පුතාට මට මෙහෙම කියන්න සිද්ද වුනොත් ඔහුට මේක කොහොම දැනේවිද කියලා මේ සින්දුවෙ වචනයක් වචනයක් ගානෙ මගේ හිතට දැනුනා ..

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

mamath asama karana ekak... eka parak post ekakuth demma...mama ahaddi thenaka atharaman unaa...putha thaththa gena hithanawada kiyalath hithunaa,,,,

අහන්න ආසම සින්දුවක්..❤️

ගොඩක් ලස්සසනයි ඒක. 💝

බාවනාවක් වගේ

meka math ahala thiynwa. eka iwara weddi ahata kadulak enwa. me wedasatahana karana niwedakayage wachanath ehemai.

මහේශ් කියන්නෙ වෙනම විදියක presenter කෙනෙක්

ආසම සින්දුවක් ❤️

හ්ම්.කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ

මං අහලා තියෙන ලස්සනම ගීතයක්. ඉරේශා හේමමාලි කියන්නෙ කොයිතරම් හොඳ පරිකල්පන ශක්තියක් තියෙන කිවිඳියක්ද කියන්න හොඳම උදාහරණය මේක. 💛

අනිවාර්යෙන් එයා ලියන දේවල් අපිට ජීවිතේ ගැන අලුතෙන් හිතන්න පුරුදු කරනවා