"හොඳම දේ දරුවන්ට " කියලා පාරම් බාන රටේ ළමා නිවාස ගණන් කරන්න බැරි තරම් තියෙනවා.ඒවායේ ඉන්න අහිංසක දරුවෝ කවුරු හරි කෑම වේලක් අරගෙන එනකන් නිවාසෙ දැල් වල එල්ලිලා තමන්ගේ ඇඟට වැඩිය ලොකු ඇඳුම් ඇඳගෙන කඳුළු වලින් බොඳ වුන ඇස්වලින් පාර දිහා බලාගෙන පාරමිතා පුරනවා.දිව්‍ය රථවලින් බැහැලා සුරඟන පැටව් එක්ක එන වාසනාවන්ත අම්මලා තාත්තලා ඒ පුංචි වුන්ගේ අතට කෑම පිඟානක් දීලා ඒකත් එක්ක සෙල්ෆි එකක් ගහනවා "feeling sad "කියලා .ඒ සෙල්ෆියට අහිංසකයින්ගේ කඳුළු වසන් කරන්න අමාරුයි.ඉපදිලා දවසෙන් දෙකෙන් ළමා නිවාස වල ළමයි දාලා යන අම්මලා වගේම .ඉපදෙන්නටත් කලින් ඉඳලම උත්තරීතර සෙනෙහසින් දරුවෝ බලාගන්න තමන්ගේ මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන්ම කැප කරපු බෝසත් අම්මලත් මේ රටේ ඉන්නවා ඇති තරම්. මේ දෙගොල්ලම ගැන කවි ගීත අනන්තවත් ඇහෙනවා මුළු දවස පුරාම.
සමහර විට අම්මලා එහෙම කරන්නේ කැමැත්තෙන් නෙවෙයි වෙන්න ඇති .එයාලත් අන්ත අසරණ ඇති .ඒත් මල් කැකුළු පලිද ගහේ තියෙන වැරැද්දකට ..?
දරුවන්ගේ සතුට වෙනුවෙන් මොනවත්ම නොකරන බොහෝ අය අතරේ සංවේදී හිත් තියෙන ආදරණීය මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා ,ඔබත් ඒ අතරින් කෙනෙක් වෙන්න .වීදි දරුවෙක් දකින හැම වෙලාවකම මේ මගේ දරුවෙක් කියලා හිතන්න පුරුදු වෙන්න පුලුවන්නම් කොයි තරම් වටිනාකමක් දැනේවිද ජීවිතයට ....ළමා නිවාස වල ඉඳන් හෙට දවසක් පැහැදිලි නැති ජීවිතේට ප්‍රාර්ථනා එකතු කරන දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නම් ඒක ජීවිත කාලය පුරාවටම හිතට සතුට අරගෙන එන දෙයක් වේවි.
දරුවන් වැඩියෙන් හිනාවෙන දවසක මේ විශ්වයම මීට වඩා බොහෝ සුන්දර වේවි ..ඒ සුන්දරත්වයේ කොටස් කරුවන් වෙන්නට ඔබටත් හැකිනම් ඔබ මිනිසෙකුව ඉපදීමේ යුතුකම කලා යැයි හිතේවි....ඒ සොඳුරු දිනය උදා වනතුරු
එළඹෙන ළමා දිනය පුරාවටත් කැකුළු හිත්වල සතුට පිරේවා ....
මොකක් හරි දෙයක් දුන්නම හරි ලස්සනට හිනාවෙනව , අපි කරන පොඩි උදව්ව ඒ අයට ලොකු දෙයක් වෙන්න පුලුවන් 😍, ලස්සනට ලියල තියෙනව අයියෙ ගොඩක් වටින මාතෘකාවක් ඒ වගේම ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ,අපේ එක හිනාවකට පුළුවන් එයාලව සෑහෙන දවසක් සතුටින් තියන්න.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ගොඩක් වටින ලිපියක්.. එක වේලක් කාල වැරහැල්ලක් ඇඳල ඉන්න නැතිබැරි අහිංසක අසරණ පුංචි දරුවො කොච්චර මේ රටේ ලෝකෙ ඉන්නවද.. ඒ අතරෙ ඇති හැකි මිනිස්සු කොච්චර කෑම බීම ඇඳුම් පැළඳුම් නාස්ති කරනවද..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකනම් ඇත්ත.ඒ දරුවන්ගේ කඳුළු වල බර ගොඩක් අයට දැනෙන්නේ නෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Daruwo kiyanne rate anagathe. Eyala sathutin thiyana eka tharam watina deyak naha.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow,eth ape rate sidda wenne naththeth ekamayi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ළමා නිවාස වල, පරිවාස වල, SOS ළමා ගම්මාන වල කායිකව කොහොම වුණත් මානසිකව ළමයි අපයෝජනය වෙනවා. අම්මෙක් තාත්තෙක් අහිමියි කියන්නෙම පුංචි දරුවෙක්ට වෙන්න පුලුවන් ලොකුම බේදවාචකය. අඩු තරමෙ ඒ තත්වෙට පත් වුණ ළමයි බලාගන්න තැන් වල තෙත් හිත් තියෙන මිනිස්සු ඉන් ඕනෙ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව්.ඒ වගේ තැන්වල ඉන්නෙ දරුවන්ට ආදරේ කරන කාරුණික අය නෙවෙයි.එයාලා කරන්නේ රස්සාවක් විතරයි .ඒ තැන්වල ඉන්න දරුවො පුදුම විදියට දුක් විඳිනවා .
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit