අහිමිවීම ....

in hive-133716 •  3 years ago 

co.jfif
ගොඩාක් දවසකින් ලියන්න බැරිවුනා.අවුරුද්දෙ අන්තිම මාසෙ නිසා රැකියාවෙ වැඩ කටයුතු එක්ක සෑහෙන්න කාර්‍යබහුල වුනා.තවමත් එහෙමම තමයි.ඒත් මොනවා හරි ලියන්න හිතනකොට කලින් ලියපු කතාවක දෙවෙනි කොටස ලියන්න හිතුනා.ඔබට මතක ඇති මම ඉස්සර දවසක මගේ මිත්‍රයෙකුට මුහුන දෙන්න වුන කතාවක් ලිව්වා.කොරෝනා නිසා ඔහුගෙ ආදරය ඔහුට අහිමි වෙන්න යන බව තමයි මම ඒ කතාවෙ ලිව්වෙ.එහෙම තත්වයක් තිබුනට එහෙම වේවි කියලා මම හිතුවෙම නෑ .ඒත් ඇත්තටම එහෙම සිද්ද වෙලා .ඔහු දවස් කීපයකට කලින් මට කතා කලා.කලින් කියපු කරුනු නිසා ඇය ඔහුව හැර ගිහින්.ගොඩාක් වේදනාවකින් තමයි ඔහු කතා කලේ.මම මට පුලුවන් උපරිම විදියට ඔහුගෙ හිත හදන්න උත්සාහ කලා.ඒත් ඔහුගෙ වේදනාව නම් සෑහෙන කාලයක් තියේවි කියලා මට හිතෙනවා.
ඔහුගෙ කතාව අහගෙන ඉන්නකොට මට දැනිච්ච ඔහුගෙ හිත මම වෙනදා වගේම අකුරු කරන්න උත්සාහ කලා.මේ මට දැනුන විදිහ.ඔහු බලාගෙන ඉන්නවා ඇය ආයෙත් ඔහුට ලං වේවි කියලා ..

දුරින් ඉඳන් විඳිනා විට රහයිලු ජිවිතේ
ප්‍රේමවන්ත සිතුවිලි තව ඉපදෙනවලු හිතේ
මැකී නොයන සුසුමක් වී මියැදුනු හදවතේ
කවියක් වී ලියැවෙනවද හිස් ජීවිත පොතේ ....

සඳක් වෙලා පෑයූවට එලියක් නොලැබේනම් ..
මලක් වෙලා සුපිපුනාට සුවඳක් නොදැනේනම්
නෙතින් ගලන කඳුලැල්ලක අගයක් නොපෙනේනම්
ඉතින් කුමට ප්‍රේමය නුඹේ මට එය නොදැනේනම් ..

රුවක් අඳින සිත්තරෙකුගෙ තෙලිතුඩ අග තැවරූ
බවුන් වඩන යතිවරයෙකු වුව කළඹන ඔබෙ රූ
දහස් ගනන් නෙත් අබිමුව දක්වන රඟ සොඳුරු
මටත් හොරෙන් ඔබෙ සිත ගෙන ගියෙ කියනුව කවුරූ ....

සදාතනික සෙනෙහසකට මේකද දුන් අගය
පුරාවතක පෙම් පනිවිඩ මහමෙරකට වැඩිය
මිලානවන සෙනේහයට ඔබ දැන් දුර වැඩිය
අමාවකට ආසයි මං සඳ එලියට වැඩිය ....

ජීවිතේ ගොඩාක් අයට මේවගේ දේවල් සිද්ද වෙන්න පුලුවන් .ඒත් මමනම් ප්‍රාර්ථනා කරන්නෙ කාටවත්ම එහෙම වෙන්න එපා කියලා .

ll.jfif

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මිලානවන සෙනේහයට ඔබ දැන් දුර වැඩිය
අමාවකට ආසයි මං සඳ එලියට වැඩිය ....

ලස්සනට වචන ගළපලා තියෙනවා. අන්තිම පේළියේ තියෙන අදහස ප්‍රායෝගික ඇත්තක් කරගන්න පුලුවන් නම් ජීවත් වෙන එක ලේසි කියලා හිතනවා.

Godak lassanata galapala thiyenawa wirahawa.attatama ehema dewal wenawa neda.awankawa adaraya kala kenekta jeewitha kaletama mathake tiyenawa eka. Paw eya

KAviya lassanai. yaluwa kalayak yanakota terum ganiwi. yanna ona kenek nawatta gannawata wada eyalata yanna dunnama nidahas.