එසේ වන්නේ ඇයි?

in hive-133716 •  8 months ago 

අපේ රටේ විතරක් නොවේ ලෝකයේම දේශගුණය වෙනස් වෙලා. වැහි ලැබෙන කාලය විතරක් නෙමේ වැස්ස ලැබෙන ප්‍රමාණයත් වෙනස් වෙලා. මේ විදියට දිගු කාලීනව, යම් ප්‍රදේශයකට ලැබෙන වැස්ස එහෙමත් නැත්නම් ජල ප්‍රමාණයය නොලැබී යාම නිසා අපි අත් විදින දෙයක් තමා නියඟය. ඉතින් වර්ෂාව අඩුවීම, පොළොව මතු පිට ජලය අඩුවීම, මිනිස් ක්‍රියාකාරකම් වගේම ගෝලීය උණුසුම ඉහල යාම නියඟයක් ඇතිවීමට හේතු ලෙස සදහන් කරන්න පුළුවන්. මෙවැනි නියං තත්වයක් නිසා අපට මුලික වශයෙන් පාරසරික බලපෑම්, ආර්ථික බලපෑම්, වගේම සමාජීය බලපෑම් වලට මුහුණ දෙන්න වෙනවා.

image.png
Image source

මෙසේ නියඟයක් ඇති වීමට ප්‍රධාන හේතුව නිසි කලට වැස්ස නොලැබී යාමයි. වැස්ස නොලැබෙන්න ප්‍රධාන හේතුවක් තමා අපි. අපි කියන්නේ මිනිස්සු වන අපගේ වැරදි ක්‍රියාකාරකම්. අද අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ සෑම තැනකම කාර්මික විප්ලවයක් ඇතිවෙලා තියනවා. එම නිසා කැලෑ එළි පෙහෙළි කිරීම වගාවන්ට සහ කරමාන්ත ඉදි කිරීම සදහා වනාන්තර විනාශ කිරීම වැනි මිනිස් ක්‍රියාකාරකම් වල හේතු නිසා අද වන විට මෙම දේශගුණ තත්වය සම්පුරණයෙන් වෙනස් වෙලා තියනවා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාමද මෙයට තවත් හේතුවක්.

image.png
Image source

ශ්‍රී ලංකාවේ අද මුහුණ දී තිබෙන මේ නියං තත්වය දරුණු විදියට අපේ ජන ජිවතයට බලපෑම් කරලා තියනවා. අද අපේ රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ වැඩි හරියකට බීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකිව බොහෝ සේ පීඩා විදිනවා. ඒ විතරක්ද සිය වගා බිම් වලට අවශ්‍ය ජලය නොමැතිව ගොවින් කී දෙනෙක් නම් දුක් විදිනවද? මේ විදියට නියඟය නිසා ආර්ථික බිද වැටීම් හමුවේ සිය දිවි නසා ගැනීම් බොහොමයක් වාරතා වෙනවා.

image.png
Image source

ඉතින් මේ තත්වයෙන් ආරක්ෂා වෙන්න නම් අපි අපේ වනාන්තර ආරක්ෂා කරන ගමන් අළුතින් වනාන්තර ඇති කරන්න ඕනි. ඒ වගේම අධික ලෙස කාබන් ඩයොක් සයිඩ් පිටකරන ක්‍රියා අවම කරන්න ඕනි, ඒ විතරක්ද අපිට ලැබී තිබෙන ජලය සුරැකිව පරිහරණය කරන්න ඕනි. ඒ වගේම අඩු ජල අවශ්‍යතා ඇති ශාක වගා කරල පරිසර හිත කාමී කරමාන්ත ඇති කරන්න ඕනි.

අපි පරිසර හිත කාමී නොවනතාක් කල් අපිට පරිසරයට සිදු වන මෙවන් බලපෑම් වලින් අත් මිදෙන්න නොහැකියි. මිනිස්සු වශයෙන් අපි දියුණු විය යුතුයි නමුත් එම දියණුව පරිසර හිතකාමී ලෙස සිදු කල යුතු බව අපිට නියඟය හරහාම උගන්වා තියනවා.

එසේ නම් අපි හැමෝම පුද්ගලයකු ලෙස පරිසරයට හානියක් නොවන අයුරින් ජිවත් වීමට වග බලා ගමු.

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

ඔව් ඇත්තෙන්ම අපි වෙනදට වඩා පරිසරය ගැන සැලකිලිමත් විය යුතුයි ඒ වගේම කෘශිකාර්මික කටයුතු වලටත් මීට වඩා වැඩි අවදානයක් දිය යුතුයි කියලා මම හිතනවා. අපි අහලා තියෙනවා ඈත අතීතයෙත් ලොකු නියඟයක් මුලු ලොකයටම බලපාලා තිබෙනවා. එවැනි දෙයක් නැවත සිදු නොවන්නට නම් අපි පරිසරයට මීටත් වඩා සමීපව කටයුතු කල යුතු බව මට හැගේ.ඔබගේ පලකිරීම ඉතා වටිනවා බොහොම ස්තූතියි මෙවැනි පල කිරීම් බෙදා ගැනීම පිලිබදව❤🙏

ඔබට ස්තුතියි, මගේ ලිපිය කියවා වටිනා අදහසක් ලබා දුන්නට. සුබ දවසක්.



We support quality posts and good comments posted anywhere and with any tag.
Curated by : @patjewell