හෙලෝ, මිත්‍රවරුණි, ඉතින් කොහොමද ඔයාලගේ සැප සනීප. මම හිතනවා හැමෝම හොදින් ඇති කියලා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මට ලැබුණ වටිනා තෑග්ගක් ගැන විස්තර.
මීට දවස් කීපයකට කලින් අපේ ගෙට එහා ගෙදරට එහා ගෙදර ඉන්න අක්ක කඩෙන් මෑ බීජ පැකට් එකක් ගෙනත් පැල කරලා තියනවා. ඒකෙ ඉතිරි වෙලා තිබුණ බීජ ඇට දහයක් විතර එයා මට තෑගි කළා පැල කරගන්න කියලා. මටත් ඉතින් හරි වගා උණක් තියනවනේ. අනික අද කාලේ හැටියට මොනවා උනත් පැල කර ගන්න එක කාලෝචිතයි නේ. ඉතින් මම ඒක බොහොම සතුටින් බාර අරගෙන පුංචි වතුර භාජනයකට පෙගෙන්න දැම්ම. පැය අටකට විතර පස්සේ වතුර භාජනෙන් එලියට අරන් තව පැය දෙකක් පමණ වෙලාවක් එලියේ තියල තිබ්බ.
ඊට පස්සේ කිරි හට්ටියකට පස් ටිකක් දාල අර බීජ ටික පැල කළා. හැමදාම මේකට වතුර ටිකක් ඉහන්නත් අමතක කලේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ පැල ටික ටික එබිකන් කරන්න පටන් ගත්ත. දැන් සෙන්ටි මීටර් එකක් විතර උස වෙලා. හරිම සතුටුයි දැක්කම.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmfGX6NZ119mA7agP9SbvP4WPA2tepL2SUPM3GrxxsBQjb/image.png)
තුන හතර දවස් වෙද්දී ටික ටික උස යන්න පටන් ගත්ත. හැබැයි මම බීජ දහයක් විතර හිටෙව්වට බීජ හතරක් විතර තමා පැල වුණේ. මගේ කලින් හිටවපු මෑ වැල් දෙකකුත් තියනවා. ඒවා නම් දැන් ගොඩාක් ලොකුයි. මේවා පොකුරු මෑ කියල තමා ඒ අක්ක කීවේ. කොච්චර තිබුණත් වැඩි වෙන්නේ නෑනේ. මේ ටික හොදට හැදිලා කරල් අවොත් ඉතින් ඒ අක්කටත් පිං දිදී කන්න තමයි තියෙන්නේ. මේ දවස් වල බඩු වල මිළ හරි ඉහලයිනෙ. එළවලු මිළත් එහෙමම තමා. ඉතින් එදාට එදාට උයන්න තමන්ගේ වත්තෙන් මොන මොනා හරි කඩා ගන්න තියනවනම් ඒක මොන තරම වටිනා දෙයක්ද. වස විශ නැති අපේම ආහාර වේලක් තියනවා කියන්නේ අපේ සෞඛ්‍යටත් හොදයිනෙ. මගේ වත්තෙන් නම් මම බොහෝ දවස් වලට මොනවා හරි එළවලුවක් හෝ පලා වර්ගයක් නෙළා ගන්නවා කෑම වේලට.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmZKTNALTshCZD1MwRoBn2KDvpv27Lm3ic2SW8UXH7fjG7/image.png)
මේ පැල දවසින් දවස උස යද්දී බලන්න හරිම ආශයි. දැන් නම් ටිකක් ලොකුයි. මට හිතුණා තව දවස් දෙකකින් විතර හිටවන්න පුළුවන් වෙයි කියල.
![image.png](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmNsddpfhdZtfbnp9bu1We8c8zqtBFdZPheyHD3CU417zn/image.png)
අද හවස මම වත්තට ගිහින් හොයල බැලුව කොතනද මේක හිටවන්න ඕනැ කියල. හොද තැනක් හම්බ වුණා. මම එතන හිටවලා ටිකක් පැලේ ලොකු වුණාට පස්සේ පින්තූර සමග විස්තර බෙදා ගන්නම්කෝ.
ඉතින් ඔයාලත් ඔයාලගේ විවේක කාලය මොනවා හරි දෙයක් වගා කර ගන්න අදිටන් කරගන්න. ඒවා ලොකු වෙලා පල දරණ කොට දැනෙන සතුට මෙතකැයි කියල කියන්න බෑ. ඒවා විදින්නම ඕනැ දැනෙන්න. නිකන් හිතල බලන්න අපි මොනතරම් නම් කාලයක් අපතේ යවනවාද කියල. ඒ කාලෙන් එක පැය බාගයක් මේ වගේ දෙකට යොමු කරන්න. මේවා මනසටත් හරිම සුවයක්. මනස සුවෙන් කියන්නේ අපිත් නිරෝගියි කියන එක.
එහෙනම් ඔයාලට සුභ දවසක් කියල මම නතර වෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sowing good seeds🌱 and re-sharing great posts like this on our page.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mamath waga karala thiyenne
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම හොඳයි. තරුණ ජවය වැඩියෙන් ඕන කාලයක් අපි ගවන්නේ. ස්තුතියි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Covid dawas wala nm hodata waga kala.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit