කවුද මෙයා ?

in hive-133716 •  2 years ago 

අපේ ගෙදරට ඉස්සරහ වත්ත මුඩු බිමක්, ටිකක් කැලෑව වැවිලා තියන නිසා ඒකෙ හිමි කරුගෙන් අපි ඉල්ලා සිටිය ශුද්ධ කරලා දෙන්න කියලා. වත්ත බලා කියගන්නෙත් අපි නිසා අපිට අයිතියක් තියනවා එහෙම ඉල්ලීමක් කරන්න. අද උදේ මිනිහෙක්ව එවල තිබුණ අපේ ගෙදරට ඒ මිනිහට කියල ශුද්ධ කරව ගන්න කියල. ඉතින් අපේ මහත්තයත් වත්ත ශුද්ධ කරණ වැඩේ මෑන්ට බාර දුන්න.

image.png

මෑන් ටික වෙලාවක් වැඩ කරද්දී සර්පයෙක් දැකල බයවෙලා මගේ මහත්තයට කතා කලා. ඊට අල්ලපු වත්තේ වැඩ කරන බාස්ලටත් මේ සද්දේ ඇහිලා දුවගෙන ගියා සර්පය මොකාද කියල බලන්න. එතන හිටිය බාස් කෙනෙක් අඳුන ගත්ත සර්පයා මොකද කියල. ඌ පෙණුමෙන් රෞද්‍ර උනාට ඉතාම අහිංසක සතෙක් කියල තමා කීවේ. මම ඔයාලට බලාගන්න එක්ක ෆොටෝ එකක් දාන්නම්. දන්න කවුරුම හරි ඉන්නවා නම් පිළිතුර කමෙන්ට් කරන්න. මේ සර්පයා ගැන විස්තර ටිකකුත් මම පහලින් දානවා, කියවල බලල උත්තරේ දෙන්නකෝ එහෙනම්.

image.png

මේ සර්පයා ඉතා අහිංසක කෙනෙක්, සත්ව විද්‍යාත්මක නාමය සිලෙන්ඩ්‍රෝපිඩේ මැකිලාටස් නමින් හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිලෝනිස් ස්නේක්ස් කියල කියනවා. දැන් නම් ලේසියි නේද?

තෙත් කලාපයේ දිරායන පස් සහ කොළ රොඩු අතර ජිවත් වන බවත්, අඩියක් පමණ දික්ව වැඩෙන අලංකාර සත්වයෙක් ලෙස නම් කෙරෙනවා. ලංකාවට ආවේනික සත්ව විශේෂයක් ලෙසද හැඳින්වෙනවා.

සතුරකු දුටු විගස සිය හිස සඟවාගෙන වලිගයේ කෙළවර හිස මෙන් ඔසවා ගන්නා නිසා දෙපැත්තේම හිසක් ඇති ආකාරය පෙන්නුම් කරන නිසා ඌට උගේ එම ආවේනික නම ව්‍යවහාර වන බව පැවසේ. ආහාර ලෙස ගැඩවලුන් සහ පාංශු ජීවින් ආහාරයට ගන්නා බව පැවසේ. විෂ රහිත ඉතාමත් අහිංසක මෙම සර්පයා වර්තමානයේ භාවිතා වන අධික කෘමි නාශක හේතුවෙන් සීග්‍රයෙන් වඳ වෙමින් පවතින බවද සොයා ගෙන ඇත. ගඩොල් රතු තද තැඹිලි පැහැයක් හා කළු පැහැති දාර සහිත පුල්ලි යුගල තිහක් තිස්පහක් අතර ප්‍රමානයක් ශරීරයේ දැකිය හැකියි.

ඔන්න දැන් නම් ගොඩක් ලේසි කලා. උත්තරේ දන්නවා නේද? එහෙනම් කියන්නකෝ බලන්න.

ලංකාවට ආවේනික මෙවැනි සතුන් රැක ගැනීම අපේ යුතුකමක් බැවින් අපි මේ සර්පයා sneka gardiyan යන අයවලුනට භාර කළෙමු.

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.