සතුටු ලිඳ පුරවා ගන්න ලැබුණ අවස්ථාවක්

in hive-133716 •  2 years ago 

හලෝ යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ මම අද අත් වින්ද විශේෂ සිදු වීමක් ගැන. අද මගේ මිදුල ශුද්ධ කරණ දවස. ඉතින් මම මල් පෝච්චි වල වල් ගලවලා, පොහොර පස් දාල, මිදුලේ තණකොළ කපල ශුද්ධ කර කරා ඉද්දි තරුණ දුවක් ළමයි තුන්දෙනෙකුත් එක්ක ඇවිත් පිනට දෙයක් ඉල්ලුව. ළමයින්ට කන්න දෙන්න විදියක් නැතිලු. මහත්තයත් ගහකින් වැටිලා එක තැන් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ අපිත් බොහොම අමාරුවෙන් ජිවත් වෙද්දී ඒ මිනිස්සු ගැන කොහොමද කියල. මම මගේ චුටි පුතාට කීව මගේ මුදල් පසුම්බියෙන් රුපියල් පනහක් ගෙනත් දෙන්න කියලා. ඉතින් මගේ පුතාට ඒ දරුවෝ ගැන හරියට දුක හිතිලා. රුපියල් සීයේ නෝට්ටුවකුයි, ගෙදර තිබුණ බිස්කට් පැකට් එකකුයි ගෙනත් දීල තියනවා. දීල ඇවිත් මට කීව අම්මී මම රුපියල් සීයකුයි ගෙදර තිබුණ බිස්කට් පැකට් වලින් එකකුයි දුන්න කියල. මොකද පුංචි ළමයිනේ, ඒ ළමයින්ට බිස්කට් එකක්වත් කන්න තියනවද දන්නේ නෑ කියල. අද බිස්කට් වල ගණන් හැටියට කියල. ඉතින් මට හරි සතුටක් දැනුණා මොකද මගේ හිතට නිකන් වත් ආවේ නැති අදහසක් පුතාට ආපු එක ගැන. මම ඉතින් ඒකට එයාට ගොඩක් ස්තුති කළා.

image.png

Source

මෙහෙම වැඩ කර කරා ඉද්දි තවත් තරුණ මිනිහෙක් ඇවිත් කීව පොල් කඩලා ජීවත් වෙන්නේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයිට කන්න දෙන්න විදියක් නෑ උදව්වක් කරන්න කියල. මිනිහට හොදට වැඩක් පොලක් කර ගෙන කන්න පුළුවන් කෙනෙක් නිසා මම කීව එහෙනම් මට මේ වැඩේට උදව් කරන්න මම කුලියක් දෙන්නම් කියල. හැබැයි මෑන් කියපු ගමන්ම එයාගේ අතේ තිබුණ බඩු බිමින් තියලා වැඩේට බහින්න සුදානම් වුණා. ඇත්තටම මට ඕන වුණේ මෑන් වැඩේට කැමති වෙයිද කියල බලන්න විතරයි. මෑන් වැඩේට බහින්න හදපු විදියෙන්ම මම දැන ගත්ත වැඩේ කරන්න හදන්නේ කියල. පස්සේ මම කීව බොරු බොරු මම විහිළුවක් කළේ කියල, කලින් පාර වගේම චූටි පුතාට කීව කීයක් හරි ගෙනත් දෙන්න කියල. එතකොට මෑන් කියනවා සල්ලි එපා වියලි අහාර මොනවා හරි දෙන්න කියල. මම ඉතින් කීව වියළි ආහාර දැන් අපිටත් අමාරුයි හාල් ටිකක් දෙන්නද කියලා. ඉතින් මිනිහ ඒකට බොහොම කැමති වුණා. පස්සේ මම ගෙට ගිහින් හාල් කිලෝ එකක විතර ප්‍රමාණයක් ගෙනත් දුන්න. ඉතින් බලන්න අද මිනිස්සු මොන තරම් අමාරුවෙන්ද ජිවත් වෙන්නේ කියල. මට හිතුණා දරුවෝ දෙන්නට කැඳ ටිකක් හරි හදල වේල් කීපයක් දෙන්න පුළුවන් වෙයි කියල.

image.png

මේ විදියට වැඩ කර කර ඉද්දි මෙන්න තවත් මැදි වයසේ කාන්තාවක් එනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ උදව්වක් කරන්න කියල. ඉතින් එයාටත් රුපියල් පනහක ආධාරයක් කළා.

මෙන්න තව ටික වෙලාවක් යද්දී තවත් කාන්තාවක් එනවා අර විදියටම උදව් ඉල්ල ගෙන. අද කාලේ බඩු වල ගණන් හැටියට රුපියල් විස්සක් දීල මොනවා කරන්නද ඉතින් එයාටත් රුපියල් පනහකින් ආධාර කළා. දැන් වෙලාව දවල් දොළහටත් ළගයි. මගේ වැඩෙත් ඉවර වුණා. ගෙට එන්න හදන කොටම මෙන්න තවත් කෙනෙක් එනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ පුංචි ආධාරයක් කරන්න කියල. ඉතින් මේ කෙනාටත් අහක බලන්න බෑනේ. එයාටත් උදව් කළා. මගේ වැඩ ඉවර නිසා මට ගෙට යන්න වුණා. ගේට්ටුව වහල ගෙයි දොරත් වහල තියන වෙලාවට ආධාර ඉල්ලා ගෙන එන පිරිස හරි අඩුයි. ඒත් අපි එළියේ හිටිය නිසා අද හැමෝටම උදව් කරන්න අවස්ථාව ලැබුණ. මේ නිසා මගේ සතුටු ලිඳ පුරවා ගන්න මට අවස්ථාවක් උදා වුණා.

ඉතින් පේනවා නේද කොහොමද අද නැති බැරි මිනිස්සු දරුවන්ට කන්න බොන්න දෙන්නේ කියල. ඉතින් අපිට හැකි හැම අවස්ථාවකම අපි එයාලට අත් වැලක් වෙමු. අපිට ටිකක් හරි තියන නිසා කොහොමවත් නැති බැරි මිනිහට උදව් කරණ එක අපේ යුතුකමක් නේද ? එහෙනම් අපිට හැකි අයුරින් තවත් කෙනෙකුට උදව් කරලා අපේ සතුටු ලිඳ පුරවා ගමුයි කියමින්ම ම නිහඩ වෙනවා. ස්තුතියි හැමෝටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Sowing good seeds🌱 and re-sharing great posts like this on our page.

Apita puluwam widihata hamotama udawu karan inna eken ape hitatat satutui tawa kenektat hodak wenawane