ලංකාවේ ලිහිල් කරලා තිබුණ බදු ප්‍රතිපත්තිය නැවැත යාවතත්කාලීන කරලා තියනවා. ඒ අනුව වසරකට රුපියල් 1,200.000.00 වඩා අදායම් ලබන අය වැඩිවන ආදායම අනුව යම් ප්‍රතිශතයක් මත රජයට අදායම් බදු ගෙවිය යුතු වෙනවා. අපි එහි කිසි වැරැද්දක් දකින්නේ නැහැ. මොකද රජයේ මූලික ආදායම බදු නිසා. ඒත් මෙතැනදී අපිට බලන්න වෙනවා මේ ගන්න ආදායම නිසි විදියට පරිහරණය වෙනවද? නිසි ලෙස හැම ආදායම් ලාභියකුගෙන්ම රජය බදු අය කාරණාවද? යන්න.
අද අපේ කාර් එකේ රක්ෂණය ඉවර වෙලා. අලුත් කරන්න බැලුවා. ගිය සැරේ ගියේ රුපියල් අනු පන්දහයි. ගිය අවුරුද්දට මොකුත්ම ආපදා ලබා ගෙන නැති නිසා බෝනස් වශයෙන් රුපියල් පන්දහසක අඩු වීමකුත් ලැබුණ. ඒ වුණාට මෙදා පාර රුපියල් එක් ලක්ෂ දහතුන් දාහක් කීව ගාන. ගිහින් හොයල බැලුවම ඇත්ත ගාන රුපියල් අසු පන්දහසයි. ඉතිරි මුදල් ඔක්කොම රජයේ බදු මුදල්. ඒ කියන්නේ 17% පමණ බදු අය කරලා තියනවා.
පඩිය ගත්තම පඩියටත් බදු ගහනවා. බැංකුවේ තියන තැන්පතු වලටත් බදු ගහනවා. අපි කන බොන දේටත් බදු ගෙවනවා. අපි ගන්න සේවාවටත් බදු ගහනවා. රක්ෂණය කියන්නේ වියදමක්. අදායමක් නෙමේ. ඒකටත් 17% බදු ගහනවා කියන්නේ පොඩි පහේ ගෙවීමක්ද?
අනෙක් රටවලුත් බදු ගහනවා තමා. ඒක තමා රජයේ අදායම. ඒ වුණාට අනෙක් රටවල් ඒ රටේ බදු වලින් මහජනතාවට හොඳ සේවාවක් දෙනවා. දුප්පත් මිනිහට ජිවත් වෙන්න ප්‍රමාණවත් දීමනාවක් දෙනවා. ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් දෙනවා. හොඳ අධ්‍යාපනයක් ලබාගන්න නැති බැරි මිනිසුන්ට ආධාර උපකාර කරනවා.
අපේ රටේ හැටට හැටේ බදු ගහනවා. ඒත් කෝ සමාන්‍ය ජනතාවට පිහිටක්. ඒ බදු මුදලුත් දේශපාලුවෝ හොරා කනවා.
ළමයි දෙන්නෙක් ඉන්න පවුලක අදායම ගත්තම රජයේ බදු මුදලුත් ගෙවල, ලයිට් බිල් වතුර බිල් ගෙවලා, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලටත් යොදවල, කාල බිල ඉවර වුණාම ඒ මිනිස්සු කොහොමද කාරෙකක් නඩත්තු කරන්නේ. අපේ රටේ සාමාන්‍ය කාරෙකක් කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙමේ. සාමාන්‍ය දෙයක්. මොකද ගමනක් බිමනක් යනකොට රස්තියාදුවක් නැතිව, තද බදයක් නැතිව, ළමයි පාසල් පන්ති වලට ගෙනිහින් දාන්න නැතිවම බැරි දෙයක්.
එහෙව් එකේ ඒවටත් මේ වගේ නඩත්තුවට බදු ගහනව කියන්නේ මිනිස්සු කොහොමද ඉහ මොළ ගහගෙන ඉන්නේ. ලොකු ලොකු ව්‍යාපාරිකයෝ කොහොම හරි බදු දැලෙන් රිංගල යද්දී අපි වගේ අහිංසක පොඩි මිනිහගේ ඇගට තමා හැම කරදරයක්ම වැටෙන්නේ.
දැන් ළගදි ධන බද්ද කියල එකක් ගේන්න යනවා. එතකොට හැමෝටම ලිපි ගොනුවක් හැදෙනවා කියනවා. ඒ අනුව ආදායම් බදු ගෙවන්න වෙනවා. ඒකත් කමක් නෑ කියමුකෝ. හැබැයි ධනවතාට වගේම දුප්පතාටත් සාධාරණ වන විදියට. නැත්නම් ලොකු මිනිහ බද්දෙන් නිදහස් වෙලා පොඩි මිනිහගේ ඇගට ඔක්කොම වැටුනොත් තමා වැඩේ. අද ලංකාවේ මිනිස්සු ජිවත් වෙන්නේ පුදුම අසහනයකින්. ඒ අස්සේ හැමදේටම මේ විදියට බදු ගහල ලංකාව අපිට එපා කරවන්නද රජයට අවශ්‍ය? කවුරු අපිට පිහිට වෙයිද? අපි කාට මේවා කියන්නද?