සංසාර ගත පුරුද්දද?steemCreated with Sketch.

in hive-133716 •  2 years ago 

අද උදේ වෙනද වගේම ඇහැරුනට මොකද ඇදෙන් බිමට බැහැ ගන්න තරම් හිතට හයියක් නෑ වගේ. ඇදේම ඉදගෙන මම දෑස් වසා ගත්ත. මගේ සිත කෙමෙන් කෙමෙන් ඒ සිද්ධිය කරා ඇදී ගියා.

image.png
Source

ඊයේ දවස හොඳ ප්‍රබෝධමත් දවසක්. හවස 6.00 ට රේණු ගේ උපන් දින සාදය. මටත් ආරාධනා ලැබිල තියන නිසා මා යා යුතුමයි. වෙලාවට මම බෝඩිමේ හිටියේ. ගෙදර හිටියනම් මට කවදාවත් රාත්‍රී ගමන් වලට තාත්තාගෙන් අවසර ලැබෙන්නේ නෑ. බෝඩිමේ ඇන්ටිට කීව campus එකේ උත්සවයක් කියල, නැත්නම් එයාගේ ප්‍රශ්න පත්තර්යටත් උත්තර ලියල ඉවරයක් වෙන්නේ නෑ. කෙමෙන් කෙමෙන් සැදෑ කාලය ලං වෙනවා. මට යන්න තරම් ලොකු උවමනාවක් නැතත් රේණු ගේ මිත්‍රත්වය පහලට දාන්න බෑ. ඒ නිසා හවස පහ පහු වෙද්දීම මම wash එකක් දාල ගමනට ලක ලෑස්ති වුණා. රේණුගේ විසි පස් වන උපන් දින සාදය බැවින් ඉතාමත් සරුවට ගන්න එයාගේ අම්මල තීරණය කරලා. ඒ නිසා විශේෂ ආරාධිත අමුත්තෝ ගොඩකට ආරාධනා කරල තියනවා කියල තමා මට රේණු කිවේ. කැබ් එකක් ඕඩර් කරපු මම රේණු ගේ ගෙදර බලා පිටත් වුණා.

මම යද්දිත් යාළුවෝ ගොඩ දෙනෙක් ඇවිත් හිටිය. හැමෝම මාව පිළි ගත්තේ පුදුමෙන් වගේ. මොකද හැමෝම දන්නවා මම මේ වගේ සාද වලට වැඩි කැමැත්තක් නෑ කියල. රේණුට හරිම සතුටුයි මාව දැකල. මාව බදාගෙන සිප ගත්ත රේණු මුලින්ම මාව ඇද ගෙන ගියේ එයාගේ අයියල ඉන්න තැනට. "අයිය මේ ඉන්නේ මගේ හොදම යාළුවා විදර්ශනී. විදු මේ මගේ රට ඉන්න අයිය වගීෂ. ඊයේ තමයි ලංකාවට ආවේ " කියල මාව එයාගේ අයියට හදුන්වල දුන්න. අයියත් 'හෙලෝ නංගි’ කියල අතට අත දීල මාව උණුසුම් අයුරින් පිළි ගත්ත.

රෙණුගේ අයියගේ යාලුවෝ හැමෝම මා දිහා බැලුවේ පුදුම සතෙක් දිහා බලන්න වගේ. මට තවත් වෙලා එතන ඉන්න අමාරුයි. හැමෝම එක්ක ලජ්ජාගත සිනහවකින් සංග්‍රහ කරපු මම රේණු වත් ඇදගෙන එතනින් හෙමෙහිට මාරු වුණා. ටික වෙලාවකින් අපේ යාළුවෝ ලගට එකතු වුණ අපි අපේ ලෝකෙ තනි වුණා.

කේක් රස කැවිලි සහ බීම ගන්න අතරේ ඈතින් මගේ දෙසට යොමු වුණ තවත් දෑසක් නෙත ගැහෙන්න මට වැඩි වෙලා ගියේ නෑ. ඒ දෙඇස් වෙන කාගෙවත් නොවේ රේණුගේ අයියගේ යාලුවෝ අතරින් මතු වුණ එකක් බව මට වැඩි වෙලා යන්න කලින් තේරුණා. මට මොකක්දෝ නුහුරු ගතියක් දැනුන. තව දුරටත් එතන ඉන්න මට ඕන වුණේ නෑ. මට ඉක්මනින් බෝඩිමට එන්න ඕන වුණා. මම හෙමි හිට රේණු ලගට ගිහින් රේණුගෙන් සමුගත්තේ ආපසු එන්න බලාන. ඒත් රේණු මට කිසි සේත්ම සමු ගන්න ඉඩ දුන්නේ නැහැ. කෙමෙන් රාත්‍රිය ලගා වෙලා. ආහාර ගත්ත අය හැමෝම මියුරු වාදනයට අනුව අඩි තියන්න පටන් ගත්තේ සාදයේ බලාපොරොත්තු වුණ හොදම වෙලාව ලගා වුණ නිසා. මගේ යාළුවෝ හැමෝම නර්තනයට එකතු වෙද්දී මම විතරක් තනි වුණා. මගේ හිත මටත් හොර ඒ දෙනෙත් සෙව්වා. ඒත් එතන ඒ දෙනෙත් නැහැ. මම සෙව්වා නර්තන කණ්ඩායම් අතර. ඒත් ඒ දෙනෙත් පේන්න නැහැ. මගේ හිතට මහා පාළුවක් දැනුණ. එක පාරටම මගේ උරහිස්සට අතක් තියල ඒ දෑස මට කතා කරනවා නටන්න. මම හෙමි හිට බිම බලා ගත්ත. 'ඇයි නටන්න කැමති නැද්ද එන්න මාත් එක්ක නටන්න'. සිහින් ස්වරයෙන් ගීතයක් වගේ මට ඇහෙනවා. ඒ දෑසේ ආරාධනාවට මට පිටු පාන්න බැහැ වගේ. මටත් නොදැනීම හෙමිහිට නැගිට්ට වුණු මගේ දෑතින් අල්ල ගත් ඔහු නර්තන කණ්ඩායම ලගට කිට්ටු වුණේ ඔහුගේ නෙත් මගේ නෙත් වලින් ඉවතට නොගෙනමයි.

ඔහුගේ එක අතක් මගේ බධ වටාද අනෙක් අත මගේ අතේ පටලවාගෙන ඉහලට ඔසවමින් මාව හැකි තරම් ඔහුට ලං කර ගනිමින් කරන ඒ නර්තනයට මගේ හිතත් ඉබේම හිලෑ වෙලා වගේ, මියුරු වාදනයට අනුව සෙමින් සෙමින් එහාට මෙහාට පැද්දෙමින් ඔහු මාව කිටි කිටියේ ඔහුගේ ගතට තද කරගමිනිමින් මුමුණ මුමුණ මගේ වත ගොත අහන්න පටන් ගත්තේ ඒ ලස්සන දෑස මොහොතකටවත් ඉවත් කර ගන්නේ නැතිව. ලජ්ජාවෙන් වුණත් මම ඒ හැම දෙකටම පිළිතුරු දුන්නේ විටින් විට බිම බලමින්. සාදය ඉවර වෙන මොහොතක් අපිට මතක නෑ. ඒ තරමටම අපි එකිනෙකා උන් උන් බදාගෙන සාදය ඉවර වෙනකන්ම තුරුල් වෙලා ගත කල ඒ කාලය මට දැනුනේම නෑ. මගේ ජිවිතේ පිරිමියෙක් තුරුල්ලේ ගත කල ඒ සොදුරු මොහොත මට කෙසේ අමතක කල හැකිද?.

සාදයෙන් පසු මා සමු ගන්නා මොහොතේ ඔහු හෙමි හිට මගේ කණට කොදුරලා කීවේ 'විදු මට ඔයාව අමතක කරන්න බැහැ, මට ඔයාව නැවත හමු වන්න ඕන. මෙන්න මගේ ෆෝන් නම්බර් එක ඔයාට පහසු වෙලාවක මට කතා කරන්න කියල' මට පුංචි කරදහි කෑල්ලක් ලියපු ඔහුගේ නොම්බරේ මගේ අතේ ගුලි කරමින්. මම හෙමිහිට ඒ කොළ කෑල්ල අතේ ගුලි කර ගත්තේ කවුරු හරි මගෙන් ඒක උදුරා ගනියි කියල හිතාන වගේ. සංසාරේ හැම දාම ලගින් හිටිය කෙනෙක් වගේ මම ඔහුට සමු දුන්නේ නැවත ඔහුව හමුවන බවට පොරොන්දු වෙමින්. මෙතෙක් මගේ හිත ගන්න දගලපු කොල්ලෝ අතරේ ඇයි මට මොහුට විතරක් හිත ගියේ. සංසාර ගත බැදීමද?.

ඇදෙන් බහින්න ලෝබ කමින් මම තව තවත් පොරෝණයට ගුලි වුණේ ඒ රසවත් මොහොත නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් ලැබෙන ඒ මිහිරට ආදරය කල නිසයි.

ස්තුතියි

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.