හොරණ බක්කුල මහා සෑය සහ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය

in hive-133716 •  5 months ago 

මට ඊයේ අනගි අවස්ථාවක් ලැබුණ බක්කුල මහා සෑය වැද පුදා ගන්න. මගේ කාන්තා සමිතියේ හිටපු සභාපති තුමිය එයාගේ ධුර කාලය අවසන් කර එය සිහි ගැන්වීමක් ලෙස, එතුමියගේ මුදලින් කාන්තා සමිතියේ සියලුම සමජිකාවන් මේ සෑය වැද පුදාගැනීමේ කර්තව්‍යට සහභාගී කරවා ගත්ත. එයින් අප ලබා ගත් යම් කුසළයක් ඇත්නම් ඒ කුසල් එතුමියට අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා.

image.png

image.png

මේ සෑය පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදි කර ඇති අතර නිරෝගී මත් භික්ෂුන් වහන්සේ අතරින් අග තැනපත් වූ බක්කුල මහා රහතන් වහන්සේ සිහි ගැන්වීමේ ප්‍රධාන අරමුණුනින් එය ඉදි කර ඇති බව අපට දැන ගන්න ලැබුණ. මේ ස්ථානයේ ඇති තවත් වටිනාකමක් වන්නේ රෝගී වූ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඉදි කර ඇති භික්ෂු ගිලන් මධ්‍යස්ථානයයි.

දැනට සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන භික්ෂූන් හට මෙන්ම බාහිරින් පැමිණ පංචකර්ම ආයුර්වේද ප්‍රථිකාර ලබාගෙන විහාරස්ථාන වෙත යා හැකි අයුරින් පංච කර්ම ආයුර්වේද ඒකකයක්, බෙහෙත් ඔරු, ස්වේද කර්ම කාමර, කැඩුම් බිදුම් ප්‍රථිකාර, ආයුර්වේද බෙහෙත් ශාලාවක්, බෙහෙත් සකසන කාමර, වෛද්‍ය කාමර සහිතව ගිලන් භික්ෂූන් වෙනුවෙන් රෝහලක් සකස් කර තිබෙනවා.

දැනටමත් තිස්පස් නමක් පමන ගිලන් භික්ෂූන් සීල සුව අරණ තුළ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. භික්‍ෂූන් හට වෛද්‍ය ප්‍රතිකාර සියල්ලම පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මූලිකත්වයෙන් උන්වහන්සේට උපකාර කරණ සැදැහැවතුන්ගේ ආධාර තුලින් නොමිලේම සිදු කරණු ලබනවා.

රෝහල් පලපුරැද්ද ඇති සේවකයන් හතලිහකට ආසන්න පිරිසක් දැනට වැටුප් ගෙවමින් දිවා රාත්‍රී දෙකේම ගිලන් භික්‍ෂූ ප්‍රතිකාර සහ මෙම ආයතනයේ සේවය කරන බව අපට එහිදී දැන ගන්න ලැබුණ.

සුවේච්චාවෙන් පැමිණ ප්‍රතිකාර කරණ වෛද්‍ය වරැන්ට අමතරව ගෙවීම් කොට සේවය ලබා ගන්නා විශේෂඥ වෛද්‍ය වරැන්ද සීල සුව අරණට සේවය සපයන බවත් එහිදී අපට දැන ගන්න ලැබුණ.

මේ ගිලන් මධ්‍යස්ථානයේ විය හියදම් සදහාත්, රෝගී භික්ෂුන් වහන්සේලාගේ ආහාර සෞඛ්‍ය අරක්ෂිතව පිළියල කරවා දීම සදහාත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා අප කැමැත්තෙන් යම් පරිත්‍යාග කිරීමට අදහස් කරන්නේ නම් ඒ සදහා අන්තරජාලය හරහා පරිත්‍යාග කල හැකියි. කොරෝනා වලට කලින් එම ගිලන් මධ්‍යස්ථානය නැරඹීම මහජනතාව සදහා නිදහස් කර තිබුනත් මේ වන විට එය නවතා දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඉතාමත් ආකාර්ෂනිය අයුරින් නිම කරවා ඇති බක්කුල මහා සෑයේ ඉදිකිරීම් සදහා මුලික දායකත්වය සපයා ඇත්තේ තායිලන්ත රජය මගින්.

ඉතින් මෙවැනි වටිනාකමක් ඇති ඒ පුද බිම වැද පුදා ගැනීමට ඔබ සැමටත් වාසනාව හිමි වේවා කියා ප්‍රර්ථනා කරමින් මා නවතිනවා.

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

බක්කුල මහ සෑයට මමත් ගිහිල්ලා තියෙනවා. අපි යනකොට නම් එකේ අලුත් වැඩියා කටයුතු වෙන ගමන් තමයි තිබුනේ.

දැනටත් සමහර ඉදිකිරීම් කෙරෙමින් පවතිනවා. ඒත් සෑයේ වැඩ නම් සම්පුර්ණයෙන්ම වගේ ඉවරයි.

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @senehasa,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

My pleasure.