මගේ පසු තැවීමට හේතුව.

in hive-133716 •  3 months ago 

මම උදේ කුස්සියට වෙලා කෑම හදද්දී මගේ මහත්තයා ශාලෙට වෙලා පත්තරේ විස්තරේ බලනවා. එයා කැමතිම නාලිකාව "දෙරණ". ඉතින් උදේ නැගිට්ට ගමන් චතුරගේ පත්තරේ විස්තරේ අහන්න තමා පොරේ. මමත් ඉතින් කුස්සියේ හිටියට මොකෝ මගේ කණ තියෙන්නෙත් එතන තමා. මේ දවස්වල මම හරි උනන්දුවෙන් කණ දාගෙන ඉන්නේ මොනවාද මේ අලුත් ආණ්ඩුවේ විස්තර කියල දැන ගන්න.


Image source

ඇහෙන ඒවා ගැන නම් සතුටුයි. මොකද හැමදාම මොකක් හරි වෙනසක් තමා ඇහෙන්නේ. නුවර එළියේ පොලිසියේ ලොක්කෙක් හෝටලේක සිවිල් පිට ඇවිත් යකා නටල පහුවදාම මෑන්ට මාරුවක් දීල විමර්ශන කරන හැටි. RMV එකේ පගාව ගත්ත තුන්දෙනෙක් ගේ වැඩ තහනම් කරපු හැටි, තංගල්ලේ ජනාධිපති මැදුරේ විදුලි රැහැන් ඉවත් කරපු හැටි, කොළඹ වහල තියන පාරවල් අරින හැටි, ජනාධිපති ගේ සරල හැසිරීම, ගමන් බිමන් මේ හැම දෙයක්ම අපේ හිත්වලට අරගෙන එන්නේ මහත් උද්දීපනයක්.


Image source

මම හැමදාම කීවේ මේ රට හදන්න පුළුවන් නීතිය හරියට බල ගැන්වෙනවා නම් කියලා. මොකද අපේ රටේ නීති හොදටම ප්‍රමාණවත්. ඒත් නැතිව තිබුණේ ඒව හරියට ක්‍රියාත්මක නොවන එකයි. ඉතින් දැන් නීතිය ක්‍රියාත්මක වෙන හැටි දකින කොට හරි ආශා හිතෙනවා.

මට නම් අවශ්‍ය බඩු මිළ අඩු කරන එකම නෙමේ, ඒත් අපේ දූ දරුවන් හිතන පතන විදිය වෙනස් කරගන්න. ඒක දරුවන්ගේ වැරැද්ද නෙමේ වැඩි හිටි අපේ වැරැද්ද. මොකද ළමය හොද නරක තේරෙන දවසේ ඉදල ළමය හුරු කරවන්නේ තරගයකට. ළමයි ගහ කොළ සතා සිවුපාවට ආදරය කරන්න දන්නේ නැහැ, තමන්ගේම අම්ම තාත්ත සහෝදර වරු සහෝදරියෝ තමන්ට හරි ගිය කාලෙක අමතක කරලා තමන්ගේම හීන විතරක් හැබෑ කර ගන්න අදහසින් තමාගේ ගමන යන්නේ. ඒක නිසා ආදරය, කරුණාව, යහළුකම, පවුල් බැදීම්, එකී නෙකාට උදව් කර ගැනීම් මේ හැම දේම දරුවන්ට මග ඇරිලා. ඒ ළමයි රොබෝල වගේ තමා ලොකු වුණාම හැසිරෙන්නේ. හිතක් පපුවක් නැති මිනිස්සු තමා ලෝකෙට බිහි කරන්නේ. ඒ නිසා මුලින්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනි. තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනුවට එකී නෙකාට ගරු කරන ආදරය කරන උදව් කරන සමාජයක් ගොඩ නැගෙන විදියේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුයි.

මට හිතෙනවා මේ ආණ්ඩුවෙන් ඒ වැඩේ වෙයිදෝ කියල. ඒත් ඉතින් තාම කියන්න බැහැ. ගෝඨාබය ආව වෙලෙත් අපේ තිබුණේ ඔය වගේම උනන්දුවක්. කොහොම වුනත් මෙතන නම් වැඩි වෙනසක් දකිනවා. මොනවා වුනත් ජනාධිපතිවරණයේදී මගේ චන්දය නරක් වූ චන්දයක් ලෙස පාවිච්චි කිරීම ගැන මම දැන් දුක් වෙන්ව. ඒත් කමක් නැහැ ඉදිරියටත් මේ වගේ හොඳ දේවල් අහන්න දකින්න ලැබුණොත් මහා මැතිවරණයේදී මගේ චන්දයත් මාලිමාවට දෙන්න හිතෙයි. මම විතරක් නොවේ කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයට සහ සජිත් මහත්තයට දුන්න මගේ යාලුවෝ ගොඩ දෙනෙක් කියන්නේ මේ පාර එයාලත් මාලිමාවට දෙනවා කියල. ඒ කියන්නේ හැමෝම කැමති අපේ රට හැදෙනවා දකින්න. නැතිව විනාශ වෙනවා දකින්න නෙමේ. රට හැදුනොත් පිට රටවල ඉන්න අපේ දරුවොත් අපි ළගටම එයි.

ඉතින් මගේ රටට දළදා සමිදු පිහිට ලැබේවා! කවුරු හෝ මේ රට හොද රටක් බවට පත් කෙරේවා යන්න ප්‍රර්ථනා කරමින් මම නවතිනවා.

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඇත්ත කලින් ජනාධිපතිවරු පත්වුන ගමන් කරේ තමන්ට ආණ්ඩු බලය ගන්න සහන ටිකක් මිනිස්සුන්ට දීල , මිනිස්සුන්ව මෝඩයට අන්දල චන්ද ටික හූරන්කාපු එක.ඒත් මේ පාර ඊට වෙනස් දෙයක් දකිනව. බඩුමිල අඩුකරන්නම ඕන නෑ. රටේ වංචාව් දූශනය අවම කරනවනම් මිනිස්සුන්ගෙ ආකල්ප වගේම රටත් මේ වැටිල තියෙන තත්වෙන් ගොඩගන්න එක අමාරු වෙන එකක් නෑ

යන විදියට නම් එහෙම වෙයි වගේ, අපිත් උදව් කරමු නේද?

මම මාලිමාවට election එකේ දුන්නෙත් තියෙන එකම විසදුම නිසා🙂 දුකක් නෑ ඒ චන්දෙ ගැනනම් දැන් , හිතෙනව මෙයාලගෙම ආණ්ඩුවත් ආවොත් දෙයක් කරාවි කියල

බලාගෙන බලාගෙන ගියාම මම විතරයි චන්දෙ දීල නැත්තේ. කමක් නැහැ අපි තාම ප්‍රමාද නැහැ. ධනාත්මකව බලල පාර්ලිමේන්තුවට හොද පොරවල් ටිකක් යවමු.

මම හැමදාම කීවේ මේ රට හදන්න පුළුවන් නීතිය හරියට බල ගැන්වෙනවා නම් කියලා.

This is actually very true. Law and discipline would be a better foundation than subsidies.

ස්තුතියි ලිපිය කියවා අදහස් දැක්වීම ගැන.

Loading...

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @senehasa,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community