ඉතින් දින කීපයකට පස්සේ ස්ටීමිට් එකට ලියන්න පුංචි නිදහසක් ලැබුන. මාදු ගඟේ බෝට්ටු සවාරියක් ගිහින්, අකුරල, උණවටුන, රූමස්සල මුහුදු වෙරළේ නාල, කැස්බෑවන්ට කෑම කවල, කැස්බෑවන් සංරක්ෂණය කරණ හැටිත් බලාන, ගාල්ල කොටුවෙත් ඇවිදලා පවුලක් විදියට පසු ගිය දවස් තුනේ ලොකු විනෝදයක් ලබා ගත්ත.
ඒ ඇවිත් ලබන තුන්වෙනිදා ස්වාමින් වහන්සේලා ගෙදරට වඩම්මල දෙන්න බලාපොරොත්තු වෙන සාංඝික දානයට ලක ලෑස්ති වෙන වැඩයි, චූටි පුතාට ආශා විදියට කෑම පිළියල කරලා දෙන වැඩයි එක්ක මට මගේ දවසේ පැය 24 මදි වගේ. කොහොම වුණත් ලැබුන පුංචි විරාමයේ අපේ ගමන ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුව.
අපේ ප්‍රජාවේ ගොඩක් අය ඉන්නේ දකුණේ කියල මට තේරුණා. ඉතින් අපේ මේ ගමන ගැන විස්තරය එයාලට වැදගත් වෙන එකක් නැහැ.
අපි 25 කෙලින්ම ගියේ අම්බලන්ගොඩ කටුදුවේ තිලක් මහත්තය මුණ ගැහෙන්න. එයාගේ බෝට්ටුවේ නැගල අපි ගමන ආරම්භ කලා. පුතාල හැම දෙයක්ම කලින් සංවිධානය කරල තිබුණ නිසා අපිට කිසිම රස්තියාදුවක් වෙන්න වුනේ නැහැ. බෝට්ටුවේ දොළොස් දෙනෙකුට යන්න පුළුවන්. ඒත් අපේ බෝට්ටුවේ ගියේ අපි පස් දෙනා විතරයි. ගාන එකම තමා සවාරියට රුපියල් 6000/-. අපේ ගමනට මෙදා සැරේ අළුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අපේ සුරතලා බීනු. හෝටල් වෙන් කරද්දීත් පුතාල ඇහුවා අපේ බලු පැටියා ගේන්න පුළුවන්ද කියල. සමහර ඒවා නම් අවසර ලැබුණේ නැහැ. ඒ නිසා පළවෙනි දවසේ "මාරිඕ රිව විලා" එකෙත්, දෙවෙනි දවසේ "කාරා වයිට් හවුස් " හොටෙල් එකෙත් නතර වෙන්න වුණා.
මාදු ගඟේ බෝට්ටු සවාරිය හරිම විනෝදයි. මාළුන් ලවා කකුල් සම්බාහනය කිරීම, කිරළ පළතුරු යුෂ පානය, කෝලම් කුට්ටමේ පෙන්නපු සත පහ දුව, ඉස්සෝ කොටු, කුරුඳු තලපු හැටි ඒ හැම දෙයක්ම අළුත් අත්දැකීම්. අපේ බීනු බෝට්ටු සවාරිය කරේ හරිම සතුටෙන්. ඊට අමතරව හික්කඩුව මුහුදේ කැස්බෑවන්ට කෑම දෙන ගමන් දිය යට ලෝකය ගවේෂණය කරන්න ලැබුණු අවස්ථාවත් අපි ගොඩක් විනෝද වුණා. ඒක නිසා පැය ගණන් මුහුදේ කාලය ගත කරන්න අපි ඇබ්බැහි වුණා. දකුණේ සංචාරයේදී අපි වැඩි පුර කරේ මුහුදේ නාන එක.
කොහොම වුණත් හරිම විනෝද ජනක ගමන. කැස්බෑවෝ මුහුදු වෙරළටම ඇවිත් කෑම කන්න පුරුදු වෙලා තියන එකට නම් අපිට හරිම පුදුමයි. දේශ් විදෙශ් සංචාරකයෝ ඒ කැස්බෑවන්ට කෑම දීලා පුදුම විදියට සතුටු වෙන්නේ. විශාල කැස්බෑවෝ හය හත් දෙනෙක් එකම මොහොතේ වෙරළට ලං වෙන්නේ කෑම බලපොරෝත්තුවෙන්මයි. එයාල දැන් මිනිස්සුන්ට හීළෑ වෙලා ඉන්නේ පොඩ්ඩක් වත් මිනිස්සුන්ට බය නැහැ.
ඔය විදියට අපේ දකුණු ප්‍රදේශයට කල සංචාරය නිමා වුණේ දරුවන්ට පාසල් උපකරණ පාර්සල් ටික බෙදා දීල ලබා ගත්ත සතුටයි, දකුණේ උරුමයන් නැරඹීමෙන් ලබා ගත්ත සතුටයි හිතේ තද කරන්.
Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much for sharing your experience with us...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit