හඳ පිනවු සතපහ දූව

in hive-133716 •  11 months ago 

පසු ගිය දිනක අපිට මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්න අවස්ථාව ලැබුණ. කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය බලල තිබුණ නිසා මාදු ගඟේ දූපත් කීපයක් ගැන හොඳ වැටහීමක් තිබුණ. ඒ අතර සතපහ දූව විශේෂයි. මොකද එම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරපු සුද්දී භාරයක් වෙන්න එතනට ගියා.

ඉතින් මාදු ගඟේ සංචාරය කරද්දී මට පුළුවන් වුණා සතපහ දුව සියැසින් දැක ගන්න. බෝට්ටු අයිති අයිය කීවේ මාදු ගඟේ දූපත් අතර කුඩාම දූපත සතපහ දුව කියල. බෝට්ටුව ඒ ළඟටම එක්ක ගිහින් අපිට පෙන්නුවා. කළු ගලින් නිරමාණය වී තිබූ එහි ඉදි කර ඇති කුටීර ගෙයක් තුල දේව රූපයක් තැන්පත් කර තිබුණ. ඔහු පැවසූ පරිදි මෙම දේවාලය ගොඩ නගා ඇත්තේ එකල දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳහායි. මෙම දූපත අතීතයේදී මීට වඩා විශාලව තිබු බවත්, මේ දූපත සත පහක හැඩය ගන්නා නිසා සතපහ දූව ලෙස නම් ලබා ඇති බවත් ඔහු පැවසුවා. අදත් දූපත් අවට මිනිස්සු මේ දේවාලය ළගට ඇවිත් භාර හාර වෙන බව ඔහු පැවසුවා. මිනිසුන් තුල දේවාලය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් ඇති බවද ඔහු පැවසුවා. දුපත වටේට ඉපැරණි වටිනාකමින් යුත් ගස් වලින් පිරී තිබෙනු අපි දුටුවා.

කොහොමින් කොහොම හරි නාට්‍යයෙන් රස වින්ද සත පහ දූව සියැසින්ම දැක බලා ගන්න ලැබීමේ භාග්‍ය ගැන සතුටු වෙමින් අපි එතැනින් ඈත් වුණේ එතරම් සතුටකින් නම් නෙමෙයි. කොහොම වුණත් බෝට්ටු සවාරිය එතැනින් නිම නොවන බැවින් ඒ දුක වැඩි වෙලාවක් තිබුණේ නැහැ. ඒ හා සමාන ඊටත් වඩා ලොකු දූපත් කීපයක්ම නරඹන්න අපිට වාසනාව ලැබුණ.

තවත් මගේ හිත ගත්ත දුපතක් තමයි කොත් දුව කියන්නේ. කොත් දුවේ විශේෂත්වය තමා කොත්දුව පන්සල. මේ පන්සලේ සැරියුත් මුගලන් දෙනමගේ පිළියමයක් ඉතා අලංකාර ලෙස ඉදි කර තිබුණ. ඒ නිසා එහි සුන්දරත්ව වගේම ශාන්ත බවත් පිරිලා තිබුන. වෙහෙර වහන්සේ උස් බිමක පිහිටා තිබූ අතර සීමා මාලකය ගඟ මැදට වන්නට පිහිටා තිබුණ. මෙහි ඇති තවත් විශේෂත්වය වෙහෙර පිටු පසට වන්නට පිහිටි සෙල් ලිපියයි.

image.png

image.png

මේ ආකාරයෙන් මාදු ගඟේ බෝට්ටු සවාරිය අතර තුර මෙවන් වටිනාකමින් යුත් දුපත් කීපයක් නැරඹු අපි කුරුඳු කර්මාන්තය සිදු කරන කුරුඳු දූවත් බලා කියාන මාදු ගඟේ සවාරියට සමු දුන්නේ කෝලම් කුට්ටම නාට්‍යයෙන් දුටු සත පහ දූව සියැසින් දැක බලා ගැනීමට ලැබීමේ ප්‍රීතිය හද තුල තෙරපගෙන.

image.png

ස්තුතියි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

යන්න පුළුවන් දුරක ඉඳලත් තාම ගිහින් නෑ🥲

කොහොමත් අපිට ළග දේ අගේ නැහැනේ.

මදුගඟ කියන්නෙ ඉතාම වටිනා පරිසර පද්ධතියක්. මාදු ගගේ මමත් පීනලා තියෙනවා. ඒ මතකය අලුත් වුනා. ස්තූතියි ඔබට.

කොහොමත් අපිට ළග දේ අගේ නැහැනේ.

ඒක ඇත්ත