අපේ නිදහස් කුසලානෙ😁😁..🏆️| 5% to SL Charity

in hive-133716 •  3 years ago 

ඊයෙ දවසෙ 74 වෙනි නිදහස් සැමරුමත් ඉතා සාමකාමී විදියට හැමෝම තමන්ට රිසි ආකාරයට ඔයාල ගෙවන්න ඇති කියල මම හිතනව.
මේ තියෙන්නෙ ඊයෙ දවසෙ පොඩි මතකයක්.


1.jpg


අපි එකට ඉන්න දහ අටදෙනෙක් විතර.මීට සතියකට කලින් විතර ඉදන් නිදහස් දිනේ නිවාඩුව දැනෙන්න විනෝද වෙන්න උවමනා වෙලා මේ ගැන කතා බහ උනා.අන්තිමට තීරණය වුනේ. දෙපැත්තකට බෙදිල සාමකාමී ක්‍රිකට් තරගයක් තියන්න.අන්තිමටම අපි ක්‍රිකට් ගැහුවෙ නත්තල් දවසෙ.

මේකට අපේ සෙට් එකේම යාලුවෙක් එකතු වෙලා රැ 150 ක් වගේ ගානක් එකතු කරල. රු 2700ක් වගේ ගානක් එකතු වුනා.මේකෙන් ගෙනාවෙ tango දෙහි බීම එකයි.ඔක්කොටම කෙසෙල්,ඇපල් ගෙනාව break වෙලාවට කන්න. මේ විදියට වැඩේ සෙට් වෙලා.උදේ 9.30 විතර වෙද්දි ඉස්සරහ ground එකේ පටන් ගත්තා.

team 2ට 9 දෙනා ගානෙ බෙදුනත් අපිට අට දෙනෙක් උනා..අපේ සත්සර මල්ලි අසනීප නිසා hospital යන්න වුනා. කොහොමින් කොහොම හරි ක්‍රිකට් මැච් එකේ toss එක ආවෙ අපිට.අපි මුලින් පන්දු රකින්න යෝජනා කලා.ඒ අනුව පන්දුවාර 15කින් සමන්විත තරගය ඇරඹුනා.

මුල් කඩුලු කිහිපය අඩු ලකුනු වලට දවා ගන්න අපේ කන්ඩායමට හැකි උනත් දිලීප් මල්ලි නොසිතූ විදියට ලකුනු 51 ලබාගෙන සම්පූර්ණ ලකුනු 137ක් දක්වා අරං ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල අපෙත් අඩු ලකුනු වලට මුල් කඩුලු දෙක කඩා වැටුනත් තෙන්නකෝන් මල්ලි එක්ක රණවීර මල්ලි ඉතා හොදට ජයග්‍රහණය කලා.මුල් පන්දුවාර 10ට ලකුනු 53ක් අතැතිව සිටි අපි අවසාන පන්දුවාරයේ දෙවැනි බෝලයට ලකුනු 4ක් වාර්තා කර තරගය ජය ගත්තා.

මුල් පන්දුවාර ටික තුල තරමක පරාජිත මානසිකත්වයක් දැනුනත් ධනංජය මල්ලිගෙ පන්දුවාරයෙන් ලැබුණු ලකුනු එක්ක තරගයේ ජයග්‍රහණය අපේ පැත්තට හැරුනා.
තරගයේ වීරයා විදියට තේරුණු රණවීර මල්ලිට තෑග්ගක් දෙන්නත් අපේ (ක්‍රීඩා ඇමති) සුරේශ් මල්ලි කටයුතු සුදානම් කරල තිබ්බ.

පොඩි වෙනසකටත් එක්ක,අපේ සහයෝගීතාව වර්ධනය කර ගන්න මේ වගේ ක්‍රිකට් තරගයකට සහභාගීවීම ගොඩක් වැදගත්.

දිනපතා අපේ බහුතරයක් ක්‍රිකට් ගැහුවත්,හැම එකකටම මම සහභාගී නොවුනත් මේ වගේ විශේෂ අවස්ථා වලට අනිවාර්යයෙන්ම යනව.මේක ගැන හිතුවට වැඩිය සංවිදානය කරල තිබුන. Mark sheet ප්‍රින්ට් කරල.

විවේක කාලයෙ කෑම බීම,ලෑස්ති කරල,හැකි උපරිමෙන් තෑග්ගක් ලෑස්ති කරල 74 වෙනි නිදහස් දිනය අපි හැමෝටම හොද මතකයක් ඉතිරි කරල මේ තරගය නිම උනා..

win copy.jpg

ආ පොඩි මතක් කිරීමක්..
මේ දවස්වල හැම තැනම වෛරස් උනක් පැතිරෙනව.ඩෙංගුත් තීනව.ඒ නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න.අපේ hospital ගියපු යාලුවගෙත් අසනීපයක් පේන්න නොතිබුනත් platelets අඩුවෙලා තිබ්බ 143ට.😧🤔.

ස්තූතියි..

-srilife@චනා.❤️-

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Sha.. cricket sellam karala kattiya.

ඒකනෙ කියන්නෙ....😋 😄👍👍👍

මරුනෙ 🙈 ක්‍රිකට් ගහන්න උනේ නෑ කාලෙකින් මේව දකිද්දිත් ඉරිසියයි 🙈😂😍

  ·  3 years ago (edited)

අපේ සෙට් එක නිතරම වගේ ක්‍රිකට් ගහනව හවසට