"පෝංගල් - පෝංගල් "🤗| 5% for SL Charity.

in hive-133716 •  3 years ago 

0.jpg

සුභම සුභ නිවාඩු දවසක් වේවා කියල ඔයාල ඔක්කොටම මං මෙහෙම සුභ පතනව.ගොඩක් රාජ්‍ය,වගේම පෞද්ගලික අංශයෙ වැඩ කරන අයත් අද බොහෝ වෙලාවට නිවාඩු පාඩුවෙ නිවාඩු සුව ගත කරනව ඇති.🤗

අද ඇත්තටම මේ අවුරුද්දේ වැඩ කරන දවසක මුනගැහුනු පලවෙනි නිවාඩු දවස සිංහල අපිට නිවාඩු දිනයකට පමනක්ම සිමා උනාට දමිළ ඒහෙමත් නැත්නම් හින්දු ජනතාවට වාර්ශිකව ගොඩක් උත් කර්ශවත් විදියට සමරන විශේෂ දවසක්.

1.jpg

මේ දවස ඔවුන් සිහිපත් කරන්නෙ..අලුත් වසරක් වෙනුවෙන් සූර්යයාගේ ගමන මූලික කරගෙන තම අස්වනු වලින් පලමු කොටස හැම අවුරුද්දෙම අද වගේ දවසක සූර්යයාට පූජා කිරීම මෙයාලගෙ ප්‍රධාන කාර්‍ය්ය භාර්යක්.
මේ තෛපෝංගල් කියන වචනෙම තේරුම ගත්තොත් "ඉතිරීම" නැතිනම් "උතුරා යෑම"කියන එක.මේ සදහා අලුත් නැවුම් මුට්ටියක ගිතෙල්, කිරි, මුද්දරස්පලම් ,හකුරු,බත් උතුරවා පැණි රස බතක් පිසගෙන ඒක සංකේතවත් කරනව.
මෙම පිස ගැනීම පොංගල් පිසීම කියල එයාල හදුන්වනව.මුට්ටිය උතුරල යද්දි ඒ අවට සිටින අය "පෝංගල් පෝංගල් "කියල කෑ ගහනව .ඒක ඒ එයාලගෙ සංස්කෘතිය හා බැදනු සිරිතක් වෙන්නත් ඇති.එම ඉතිරීම සිංහල අපි කිරි ඉතිරවීම හා සමාන සුභ ලකුනක් විදියට එයාල සලකනව.

3.jpg

මෙයාලගෙ කැවිලි සම්බන්ධව කියන් ඕන නෑනෙ..කැවිලි සම්බන්දව ඉදිරියෙන්ම ඉන්නෙ දමිල මිනිස්සු.ඒක විවාදයෙන් තොරයි.මේ විදියට රසකැවිලි,කිරිබත්,පළතුරු වලින් පූජා පවත්වල ඒ හරහා අනාගත සෞභාග්‍යය අපේකශා කරනව.
මෙලෙස අස්වනු පූජ කරල තමන්ට අස්වනු ලබාගන්න දායක වුන ජලය,වර්ශාව,සූර්යයා,තමන්ගෙ සත්තු යන හැමදේටම ස්තූතිය පුද කරන්න අමතක කරන්නත් නෑලු.ඇත්තටම හරිම අපූරු සිහිපත් කිරීමක්.

2.jpg

ඔයාළ හැම කෙන්කම දන්න කාරනයක් තමයි හින්දු ආගමේ ගවයාට විශේෂ තැනක් හිමි වෙනව.දෙවියෙක් විදියට සලකනව.හින්දු මිනිස්සු හැම ගෙදරකම ගවයෙක් සිරිතක් විදියට හදවලු.ඒ ගොවිතැන් කටයුතුවලට සතා ප්‍රයෝජන නිසා.
අද වගේ දවසට ගවයා පිරිසිදු කරල අලංකාර මල් මාල එල්ලල,පාට පාටින් පාට කරල,සීනු එල්ලල,සුවද දුම් එහෙමත් අල්ලනවලු.ගවයගෙ අං දෙකට පවා පිත්තල,තඹ කොපු දාල අලංකාර කරනවලු.😃

4.jpg

අද දීපාවලී දවසෙ වගේ අද දවසත් කෝලම් රටා වලින් විචිත්‍ර කරන්නත් මෙයාල අමතක කරන් නෑලු.මුල් කාලෙ මේක දමිල ගොවි ජනයා අතර විතරක් ප්‍රචලිත වෙල තිබුනත් මේක ආගම්,කුල භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගෙ ජාතික උත්සවයක් විදියට මේ වෙද්දි දමිල හැම දෙනාම එකවිදියට සමරන වැදගත් උත්සවයක්.
අවුරුදු 2000ක ඉතිහාසයක් ඇති මෙය සිංහල අවුරුද්දට සමාන කරල තමා ඊට නොදෙවෙනි වෙන්න මේ උත්සවෙත් සමරන්නෙ. .

5.jpg

තෛපොංගල් ගොවිතැන වටා බැඳුනු සංස්කෘතියක් සශ්‍රිකත්වය සමරන ආකාරයටත්, එවැනි සංස්කෘතීන්හි ජනයා සොබාදහම හා බැඳී ඇති ආකාරයටත් හොඳ නිදසුනක්.
මේ තීන්නෙ අපෙ ගෙවල් පහල දමිල මිනිස්සු ටිකක් අද තෛපෝංගල් සමරපු විදිය.😉
මෙයාල ගොඩක් දුප්පත් වතු කම්කරුවො නිසා ජයටම තිබුන් නෑ..ඒත් අපිට බලාගන්නහරි මෙහෙම තිබ්බ එකට ගොඩක් සතුටුයි..

.

myv11.jpg

ස්තූතියි….!

-srilife@චනා,❤️-

star mark.png

!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Apith trip eka yana gaman eyala samaranawa dakka. Pongal bath kala yanna inna kiyalath kiwwa. eyala andina kolam rata dakkama asa hitenawa.

aparade.etana chuttak rendila giyanam hari..
wenasakatath ekka.

තෛපෝංගල්නේ නිවාඩුයි නේ කියලා හිටියට තෛපෝංගල් ගැන මෙච්චර විස්තරයක් දැනගත්තේ අද.

එහෙම කිව්වම මට ඇත්තටම සතුටුයි..😊

කැම්පස් එකේ ඉන්නකොට අපි දෙමළ යාලුවොත් එක්ක ඒක සැමරුවා. 😍ආයෙ එහෙම අවස්තාවක් එන එකක් නෑ. කොහොම වුණත් ඒක හොඳ තේරුමක් තියෙන සොබාදහම එක්ක බැඳුණ ලස්සන උත්සවයක්.

මට එහෙම සමරන්න අවස්ථාවක් ලැබිල නෑ..ඒත් මේපාර තමා පොඩි idea එකක් ගත්තෙ මේ ගැන.

me article eken thai pongal gana mathakaya aluth una.

habai podi awulk thiynwa. Images oyage newei nam ewa gaththa source eka dana eka thamai honda 😉

😊Photos වලින් ටිකක් මගේ..අනිත් ටික google එකෙන් ගත්තෙ.හරි dear, next time source එක අනිවාර්යයෙන්ම දානව.

Hindu festivals wala kolam rata tama lassanama...

එක නං ඇත්ත..හැම උත්සවේටම ඒක තීනවමයිනෙ.

ඔයාට නං තෛපෝංගල් උත්සවේ ගැන අත්දැකීමක් ගන්න ලැබිල තීනව වගේ හොදටම.මාත් මේ ගැන post එකක් දැම්ම.මට අත්දැකීම් නම් නෑ..කොහොම උනත් ඔයා හොදට ලියල.👌

Thank you.

Godak lassana uthsawayak.

මාත් දැක්කෙ පලවෙනි වතාවට