යාලුව දීපු fan එක,🤩| 5% for SL Charity.

in hive-133716 •  3 years ago 

දවල් බත් චුට්ටක් එහෙම කාල ඉන්න අතරෙ මට පොඩි දෙයක් මතක් උනා..මීට සති දෙකකට විතර කලින් මට යාලුවෙක් පොඩි ෆෑන් එකක් දීල ගියා.මොකද එයා වෙනත් තැනකට ගියපු නිසා.
ඒක දෙද්දි කිව්ව මෙහෙමත්,"මචං අහක දාන් එපා මේක මේ ලගක් වෙනකං වැඩ කලා හොදට.බැටරියකුත් ඇතුලෙ තීනව.පහුගිය දවසක නැවතුන පොඩ්ඩක් බලපං හදන්න බැරි නෑ" කියල.


2.jpg


මං හදන්න පුලුවං හෝ නැතා කියල මාත් ගත්තා.පුලුවං උනොත් හදනව බැරිඋනොත් හදාගන්න කාටහරි දෙනව කියල.
Fan එකේ පෙනුමට නං ටිකක් හිත අල්ලලත් ගියා.table එකක් උඩ වගේ තියල වැඩක් ගන්න මරු..
පොඩ්ඩක් දූවිල්ල තිබ්බ.ඒකත් උඩින් පල්ලෙන් පිහල අවශ්‍ය අඩුම කුඩුම ටිකත් ලං කරගෙන fan එක හෙමීට මස් කලා.

1.jpg


4.jpg


බැටරිය වෙනමම ඇතුලෙ තිබුනෙ වයර් එකකුත් ගැලවිල තිබුන..ඒ 12V බැටරි එකනං ආයෙම ගන්න බැරි condition එකේ තිබ්බෙ..මොකද කාලෙත් එක්ක ඒ බැටරි එක පුපුරල තිබුන.ඒ නිසා ඒක ආයෙම ගන්න අදහස ඇතෑරිය.


3.jpg


ආයෙම ඉතිරි ටික ගලවන්න තවත් ඇන හයක් ගලවන්න තිබ්බ.ඒ ටික ගලවද්දි සමහර ඇන පට්ට බුරුල් වගේම අනිත්ව තදයි.මීට කලින් කාරු නමුත් ගලවල වගේ යන අදහසෙන් ඉතිරි ටිකත් ගැලෙව්ව.ඇතුලෙ අඩුපාඩු ගොඩක් තිබ්බ.ගොඩක් කෑලි ගලවපුව හොයාගන්න නෑ😥

ඒත් circuit boad එකේ solder තියපුව,ගලවපුව ලකුනු තිබ්බ.ඒකත් ගලවල අනිත් පැත්ත බැලුවම සමහර component කෑලි අඩුබව තේරුන.ඒක දෙපැත්තට මාරු කරන toggle switch එක මොනාහරි වෙල මාරු කරන්න හදල අතරමග නවත්වල කියන එක් තේරුන.



ඒත් මං ගාවත් මේක repair කරන්න ඕන කිසිමදෙයක් මගේ ළඟ තිබුන් නෑ.ඊයම්(solder)කම්බ් කීපයක් ඇරෙන්න..
අන්තිමේදි මං මගේ විදියට හදන්න කල්පනා කලා.power යන path ටික මුලින් අදුන ගත්ත.කෑලි අඩු circuit එකේ switch එක හරහා යනව වෙනුවට ඒක කෙලින්ම fan එකට දෙන්න තීරනය කලා..


පහල transformer එකෙන් අඩු කරල power එන නිසා fan එකට හානියකුත් නෑ..switch එකෙන් වෙලා තිබ්බෙ path එක on වෙන එක විතරයි. ඒ විදියට වයර් දෙක connect කරල ආරක්ශාවට tape වට දෙක තුනකුත් ගැහුව.

ආයෙම තිබ්බ විදියටම ඇන දෙක තුනක් දාල භාගෙට set කරල පස්සෙ power දීල testing එක කරල බැලුව… item එක බබා වගේ වැඩ.

ඒ කරල ආයෙම කොනක ඉදං හිතට satis වෙන්න පිහල ඔක්කොම ඇන ටික දාල finish කලා.
අන්තිමට මගේ මේසෙට තියාගන්න mini fan එකක් සෙට් උනා මෙන්න මේ විදියෙ…කොහොමහරි වැඩ කරන තරමට මෙහෙම හදා ගත්ත කියන්නෙ ඉතිං මට හොදටම ඇති මගෙ මට්ටමින් සතුටු වෙන්න..
😊😊
අන්තිමට මම call1k දීල යාලුවට කිව්වෙ "මම අරක හැදුව බං" කියල.තමයි..😊

ස්තූතියි..

-srilife@චනා,❤️-

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Nikan wisi karala danwata wada hadaganna eka hodai. Mama oya wage wada bara denne mage cousin ta. Podi kaleth eyage wadet hambena sellam badu galawana hai karana eka.

ඔව්..ඔව්..එහෙම අය මාත් දැකල තිනව..සෙල්ලං බඩු ගලවල බලන අය..උන් තමා ඉතිං නව නිර්මාණ වල අයිතිකාරයො වෙන්නෙ කවදහරි.

කොහොමහරි ලැබිය යුත්තට ලැබිල අන්තිමට ෆෑන් එක 😍😂

ekene kiyanne fan eka maawama hoyagena awillada mnda.

wow, this is awesome, great.😍

Thank you dear...😊

මොල ගෙනාව නැව්නෙ මේ😁

එහෙමම නෙමේ..ඉතිං.පොඩි ජිල්මාට් එකක් දැම්මෙ..

ඒක හොඳට හදාගෙනනේ අන්තිමට.😍
අපේ තාත්තටත් ඔහොම වැඩ හොඳටම පුලුවන්. එහෙම හදපු ගොඩාක් දේවල් තියෙනවා ගෙදර. එයා හරියට සතුටු වෙනවා කැඩිච්ච දේවල් හදලා ගෙදර අයට පෙන්නලා. 😁 මං හිතන්නෙ ලොකු සතුටක් දැනෙන් ඇති මේ fan එක හැදුවට පස්සෙත්.

නැතුව නැතුව...එකක් ගත්තට වඩා සතුටුයි.

Waddek thama ethin...😍

ස්තූතියි ..😊