දියවන්නා කුමාරියේ ගීතයේ තේරුම

in hive-133716 •  3 years ago  (edited)

කාලීන ප්‍රශ්න ගැන ගීත කියන විශාරද නන්දා මාලනිය ගෙන් පස්සේ ගැඹුරු අරුතක් සහිත ගීතයක් දැක්කට පස්සේ මට හිතුනා ඒකට විචාරයක් ලිව්වනම් හොඳයි කියලා .
මෙවැනි ගීතයක පද රචනය තමයි ඉතාම වැදගත් ඒ කර්තව්‍යය කරල තියෙන්නෙ ඉරේෂ් වන්නකුකෝරාල.
ගීතය ගායනා කරල තියෙන්නෙ නාද සංගීත කණ්ඩායම

download (21).jpeg

Source

"දියවන්න කුමාරියේ
නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පලුව එබෙනවා"

දියවන්නා කුමාරියේ කියලා ලස්සනට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ අපේ රටේ තියෙන උත්තරීතර පාර්ලිමේන්තුවට .සමහරු ඕකට ලොකුම හරක් මඩුව කියලත් කියනවා ඔන්න මම නං එහෙම කිව්වේ නෑ .කවුරුත් දන්නවනේ නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව .නීති හදන තැන නිසොල්මනේ නිදාගෙන ඉන්නව කියන්නේ ඒ රටට වෙන විනාසය ගැන කතා කතාකරලා වැඩක් නෑනේ .ඒත් එක්කම ලංකාවට අනාගතයේ එයි කියලා හිතෙන්නේ ලොකු ප්‍රශ්නයක් ගැන කියන්න හදනවා .හද පලුව කියපුවාම තනි තරුව කුත් ඔයාලට මතක් වෙනවා ඇති .එතනින් එහාට මම ඒ ගැන කියන්න යන්නේ නෑ .එතකොට කියයි මම ජාතිවාදය ඇවිස්සුවා කියලා .

"හීන පේන සීනි බෝල
තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා ..."

image.png
Source

අපි පොඩි කාලේ කාපු සීනිබෝල නම් හීන පෙන්නුවෙ නෑ .එහෙනම් මොනවද ගැනද මේ කියන්නේ .කුඩු ,ගංජා, අයිස් ,අර ටැබ්ලට් මේ ටැබ්ලට් කිය කියා එන මත්ද්‍රව්‍ය .ඒ ජාවාරම වෙන්නෙත් ගොඩක්ම පාසල් මුල් කරගෙන නේ .හැබැයි ඕවට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ .

වාමනයෝ කියන්නෙත් නිදන් රකින්න ඉන්න ඉන්න බහිරවයන්ට .එහෙනම් මේ ලංකාව කියලා නිධානයේ රකින්න ඉන්නේ කවුද ? මම කලින් කියපු පාර්ලිමේන්තුවෙන් හදන නීති ක්‍රියාත්මක කරන්න ඉන්නේ උසාවිය ,පොලිසිය නේද .එයාලා පවන් සලනවා ලු වැරදි කාරයන්ට .

"හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසි වෙලා
ඉඩෝරයට හේතු හොයනවා
දළ දිලිසෙන හස්ති රජුන්
හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා"

download (20).jpeg

Source

මේ දවස් වල ගස්කපන එක ගැන වෙනම කතා කරන්න ඕනි නැහැනේ .ගස් ටික කපලා සත්තු ටික මරලා අපේ රට කාන්තාරයක් උනාට පස්සේ ඒකට හේතු හොයල වැඩක් නෑ .ගහ කපන්න විනාඩියෙන් පුළුවන් උනාට ගහක් හැදෙන්න අවුරුදු සීයකටත් එහා යනවා .ඔයාලා අහලා ඇති සමහරු ඇත්දල පූජා කරලා පින් බලාපොරොත්තු වෙලා තිබුනනේ පහුගිය කාලේ .

"සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා ..."

ඔය මොනව උනත් මම කිව්ව නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය පවන් සලනවා විතරයි .එයාලට දොල පිදේනි හම්බවෙන නිසා

"පත්තිනියේ නුඹ නාඩන්
ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තලා මල්ද තලා
තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා ..."

vidhes-web-825x412 (1).png
Source

අපේ රට විරුවෝ හම්බ කරන් එන සල්ලි වලින් දේශපාලුවෝ රජුන් වගේ ජීවත් වෙනවා . මේ රටේ අහිංසක විදිහට ජීවත් වෙච්ච ඒ අපේ සහෝදරියෝ විදෙස් රටවල ගිහින් පත්වෙන අසාධාරණය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ .එයාලා විදේශයන් වල අතවර වලට පවා ලක්වෙනවා .

ඒ මදිවට දවසකට ස්ත්‍රීන් කීයක් දූෂණය වෙනව ඇද්ද .සමහරක් දූෂණය කරපු ගාන දාලා පාටි දානවා .හොඳම කතන්දරේ මේකෙ කියලා තියෙනවා රේණු තලා මල්ද තලා කියලා .දූෂණයක් විතරක් කරලා නිකන් ඉන්නේ නෑ මේ අමන මිනිස්සු ඒ අහිංසකාවියෝ මරලත් දානවා .

image.png
Source
ඔයා ඔක්කොම ජරා වැඩ ටික කරලා අවසානයේ හොඳ සුදු ඇඳුමක් ඇඳගෙන උපාසක මහත්තුරු වගේ පන්සල් ගිහින් නිවන් යන්න යන්න පාර අහනවා

ඔය මොනවා උනත් හැබැයි වාමනයෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ .දොළ පිදේනි හම්බවෙන නිසා .

ස්තුතියි..

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ ගීතයේ හරිම තේරුම අද තමයි දැනගත්තේ.

මට මතක විදියට සුනිල් ආරියරත්නයන් රචිත නන්දා මාලනී මහත්මියගේ ගීත ප්‍රසංගයක් වන පවන ප්‍රසංග තහනම් කරන ලද්දෙත් දේශපාලන විවේචනයට ලක් කලාය යන හේතුවෙන්.

මේ රට පාලනය කරන ජඩ දේශපාලකයන් නිසා ⁣තව අවුරුදු කියකට මේ රට එක තැන පල්වේවිද කියන්න බැ.

@ssjbjapura, මේ ගීතය නාද සංගීත කණ්ඩායමෙන් බිහි වුණ අර්ථවත් ගීතයක්.... ඔවුන් කලාව තුලින් සමාජයේ පවතින අඳුරු පැතිකඩ මිනිස් සිතට කාවද්දන්න ගන්නා උත්සහය හරි අපූරුයි.... ඔබගේ විචාරයත් හරි ඉහලයි...

ඒ වගේම , ෆොටෝස් දාද්දි source එක දාන්න අමතක කරන්න එපා. ඔබ මෙය දුටු විගස එය නිවැරදි කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ස්තූතියි

😊

ස්තුතියි මම එය නිවැරදි කළා.

Try to use proper markdown for your articles.


Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

I corrected .Thank you

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Thank you