ජලයටයි තේ වලටයි පැරදුණු බියර්

in hive-133716 •  3 years ago  (edited)

1601668159-Depositphotos-57033799-l-2015.jpg
චායාරූපය
මාතෘකාව දැක්කම හිතෙන්න ඇති මේ මොකක්ද කියලා .ජනප්‍රියම පාන අතර තුන්වන ස්ථානයේ ඉන්නේ බියර් . මධ්‍යසාර වලට වෛර කරන අය ඇරුණාම හැමෝම බියර් පොඩ්ඩක් හරි බීලා තියෙනවා .

91ce3ab2fd814e931c69d6753b9cd483.jpg
චායාරූපය

බිය‍ර් මුලින්ම හොයාගෙන තියෙන්නේ ඊජිප්තු වැසියන් .එයාලා මුලින්ම පලතුරු යොදාගෙන තමයි බියර් හදලා තියෙන්නේ .පසුකාලීනව ධාන්‍යය යොදාගන්න පටන් අරන් තියෙනවා .ඊජිප්තුවෙන් පස්සේ චීනය , යුරෝපීය රටවල් වලට ගිහින් දැන් ලෝකෙ හැමතැනම තියෙන ප්‍රසිද්ධ වීමක් වෙලා තියෙනවා .

beer_ingredients.jpg
චායාරූපය

බියර් හදන්නෙ මොනවගෙන්ද කියලා ඇහුවොත් බියර් වලට කියන තවත් නමකින් ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. බියර් වලට ‘Bottle In Bread’ කියලා කියනවා සමහරු අහල ඇති .එහෙම කියන්න හේතුව තමයි ඔය දෙකම හදන්න ගන්න ජාති සමානවීම .

බියර් වල වැඩිපුරම තියෙන්නෙ වතුර. 80% අධික ප්‍රමාණයක්. ඊට අමතරව ධාන්‍ය වර්ගයක්, ඊස්ට්, බියර් මල්, කාබන්ඩයොක්සයිඩ් තමයි මූලිකව යොදා ගන්නේ. සමහර බියර් වර්ග හදන්න සීනි පොඩ්ඩකුත් දානවා කියලා අහලා තියෙනවා .

බියර් බීපුවම මෙන්න මේ වාසි තියෙනවා කියලා පොතේ පතේ මම දැකලා තියෙනවා .
• හෘද රෝග ඇතිවීම අඩු කරයි .
• දියවැඩියාව කොලෙස්ට්‍රෝල් වැනි රෝග පාලනය කරයි.
• මානසික ආතතිය දුරු කරයි .
• වකුගඩු ගල් ඇතිවීම අඩු කරයි .
• ගෑස්ටික් හැදෙන එක අඩු කරයි .

හැබැයි ඉතින් දොස්තරලා ඕවා සහතික කරලා තියෙනවද කියලා මම නම් දන්නේ නෑ.

ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ කියල අහල තියෙනවනේ. බියර් වලටත් ඔය කාරණය අදාලයි. සාමාන්‍යයෙන් කියන්නේ, ඕනිම alcohal එකක් භාවිතා කරද්දි සතියකට alcohol unit 14 කට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න එපා කියලා .

එතකොට මොකක්ද මේ alcohal unit එකක් කියලා කියන්නේ .ඒක පැහැදිලි කරන්න බියර් ටින් එකක තියන ඇල්කොහොල් alcohal unit ගාන හදන හැටි මම පෙන්නන්නම් .

500ml * 8.8% /1000 = 4.4

500ml බියර් කෑන් එකක 8.8% alcohol ප්‍රතිශතයක් තියෙනවා නම් unit 4.4 තියෙනවා. එතකොට ඉතිං ඉතින් සතියකට බොන්න පුළුවන් ප්‍රමාණය හිතා ගන්න පුළුවන්නේ. හැබැයි ඔය ප්‍රමාණය එක දවසම ගන්න එක නම් ඇඟට හොඳ නැහැ .

"බියර් එක හැන්දෙන් බීපන් " කියල කතාවක් අහල ඇති. ඒ කියන්නේ ඇත්තටම හැන්දෙන් බොන්න කියන එක නෙවෙයි .බියර් බොනකොට ගොඩක් හෙමින් බොන්න පුරුදු වෙන්න එතකොට අඩු ප්‍රමාණයකින් වැඩි වින්දනයක් ලබා ගන්න පුළුවන් .

960x0.jpg

චායාරූපය

බියර් එකක් බොන්න ලෝකෙ තියෙන ඔක්කොම බයිට් ටික ගොඩ කරගන්න එපා .මම කලින් කිව්ව මතකනේ පාන් වගෙමයි බියර් කියලා. ඉතින් බියර් එකක් බොන ගමන් බයිට් ගොඩක් කෑවත් බඩ එනවා කොලෙස්ට්‍රෝල් වැඩි වෙනවා කියලා බියර් වලට බනින්න එපා. අනෙක බයිට් කිව්වම අපේ උන් හොඳට තෙල් දාලා මස් මාලු බැදලා එහෙම නේ ගන්නේ.

shutterstock_259774457-1024x683.jpg
චායාරූපය

ඉතින් මම නම් කියන්නේ බියර් එකත් එක්ක පරිප්පු ඇට බයිට් එකක් එහෙමත් නැත්තං ජම්බෝ පීනට් එකක් හොඳටම ඇති කියලා

74517590-lonely-drunk-man-sitting-on-a-bench-and-holding-a-beer-bottle-in-park.jpg
චායාරූපය

බියර් බොද්දි තනියම නම් බොන්න පුරුදු වෙන්න එපා .මොකද දන්නවද බියර් එකක් බීපුවාම අපේ හිත ටිකක් විවෘත වෙනවා. එතකොට ඉතින් කියව කියව ඉන්න යාලුවෙක් හිටිය නං හොඳයි .නැත්නම් තනියම හිත හිතා අවුල් කරගන්න වගේම තනි කමට ඇබ්බැහි වෙන්න පුළුවන් .

කවුරුත් දන්නවනේ කොල්ලො කෙල්ලො ඔක්කොම අද කාලේ බියර් එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා කියල. කෙල්ලන්ගෙන් සීයට 50කට වැඩියෙන් පොඩ්ඩක් බොනවා. ඉතින් කොල්ලනේ තමන්ගේ සහකාරියක් එක්ක ඉඳලා හිටලා බියර් එකක් බොන එක නම් ගොඩක් හොද වැඩක්. මොකද දන්නවද? බියර් බීපුවාම මිනිස්සු ගොඩක් විවෘත වෙනවා . එතකොට ලැජ්ජ බයත් පොඩ්ඩක් අඩු වෙනවනෙ. ඒක sex පැත්තටත් හොඳ විදියට බලපානවා .
Capture.PNG
චායාරූපය

ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙ නෑ කියල මම කලින් කිව්වනේ ඕනවට වඩා මත්පැන් ගත්තොත් මොළය හර්දය අක්මාව අග්න්‍යාශය ට හානි වෙන්න බලපානවා .

මම මේ ලිපියෙන් ගත්තේ ප්‍රවිශ්ටයක් විතරයි.
ඊළඟ ලිපියෙන් මම ඔයාලට බියර් වල තියෙන වර්ග මොනවාද . ලංකාවේ අපිට ගන්න පුළුවන් මොනවද මගේ ප්‍රායෝගික විස්තර ගොඩක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා .

ඒක නිසා දැනගන්න දේවල් තියනවනම් පහල comments section එකේ දාන්න .ඒ වගේම අඩුපාඩු තියෙනවනම් බැනලා දැම්මත් කමක් නෑ .

ස්තුතියි

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

බියර් ගැන වෙනස්ම ලිපියක්. 💪

You have been upvoted by @randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.