මරණය (jock)

in hive-133716 •  3 years ago  (edited)

විහිළුවට ගන්න හොඳ වචනයක් නෙමෙයි
කිව්ව ගමන් උඹලා බය උනා නේ ...
ඔන්න දෙකක් දාගත්තාම නං මරණයට තියා මොන යකාටවත් බය නෑ කියලනෙ කියන්නෙ .🤣🤣🤣


source

"මම නම් මරණයට බය නෑ "
කියලා තමයි මමත් හිතාගෙන හිටියේ .ඉතින් දවසක් මැරෙන්න හිතිලා (පොඩි ප්‍රශ්නෙකට) ගිහින් වතුරට පැන්නා .මෙන්න යකෝ පීනන්න දන්නේ නැති මම කොහොම ගොඩට ආවද දන්නෑ බයවුනු පාර .🤣🤣🤣🤣🤣🤣

කොච්චර බය නෑ කිව්වත් මැරෙන්නම යද්දි බය හිතෙනව යකෝ ..🤣🤣

මැරෙන්න තියා ගොඩක් උන් වචනයටත් බයයි නේ .

"නංගි මම කවදහරි මැරුනොත් " කියලා කියන්න හදනකොටම කෙල්ලො එහෙම කියනවා අහලා ඇති "එපා අයියා විකාර කතා කරන්න එපා අයියා " කියලා කියන්නේ වචනය ඇහුවත් පාංශුකූලය දෙන්න තරම් බයක් තියෙන හින්ද වෙන්න ඇති නේද 🤣🤣🤣

මරණයට විතරක් නෙමෙයි අඩුම තරමේ මිනිහෙක් මැරුණම, මැරුණ කියන වචන කියන්නත් බයයි නේ .ආටෝප දාපු වෙන වචනනේ අපේ උන් කියන්නේ .

දැන් බලන්න, පාරේ බල්ලෙක් මැරිලා හිටියොත් "ඌ මැරිල " ගෙදර පූසා මැරිල හිටියොත් "ඌ මාලා" හැබැයි ගෙදර ඉන්න මනුස්සයෙක් මැරුනොත් "අනේ එයා නැති උනා නේ " 🤣🤣🤣

තව සමහරු කියන්නේ "අප හැරදමා ගියා" 🤣🤣🤣 සිංහල භාෂාව පස්සේ ඉගෙන ගත්ත එකෙක් එහෙම ඕක ඇහුවොත් බූට් එකක් තියලා කියලා හිතයි .

සමහර වෙලාවට අහල ඇති "අප අතරින් නික්ම ගියා" 🤣🤣🤣 හරියට නිකම් බස් එකෙන් බැහැලා ගියා වගේ .

ඔන්න ටිකක් ප්‍රසිද්ධ රටම දන්න එකෙක් නම් "ජාතියෙන් සමුගත්තා " 🤣🤣🤣 ඔන්න මුළු ජාතියටම එන්න කියලා, මම යනවා බායි කියලා යන්න ගියා වගේ .

මරණ දැන්වීම් වල ගහලා තියෙනවා දැකලා ඇතිනේ එක පැත්තක උපත අනිත් පැත්ත විපත .එතනත් මැරුණට මැරුණා කියන්න බයයි. මම කලින් කිව්වා වගේ භාෂාව පස්සේ ඉගෙන ගත්ත එකෙක් ඕක දැක්කම හිතෙන්නේ විපත කියන්නේ ගංවතුරෙන් අසරණ වෙලා නැත්නම් මොකක් හරි ස්වාභාවික ආපදාවකින් විපතට පත් ජනතාව කියලා. 🤣🤣🤣🤣🤣

තව සමහර වෙලාවට අහල ඇති "කාලක්ක්‍රියා කලා" 🤣🤣🤣 මම නං දන්න තරමින් කාලක්‍රියා කළාට ලොකු අවුලක් වෙන්නෙ නෑ .අඩුම තරමේ බාගයක්වත් daily ක්‍රියා කරන්න ඕන මරණයට අත වනන්න .🤣🤣🤣

"කලුරිය කළා" මම හිතාගෙන හිටියේ පොඩි කාලේ මැරුණට පස්සේ අරන් යන වාහන කළු පාට නිසා එහෙම කියනවා ඇති කියලා 🤣🤣🤣🤣

"ඇස් දෙක පියා ගත්තා" ලඟින් ඉන්න ආදරය කෙනෙක් මැරුනාම ඔහොම කියනවා අහලා ඇති .යකෝ එහෙම බලපුවාම අපි දවස ගානෙ මැරෙනවානි.🤣🤣🤣🤣

බලාගෙන ගියාම මැරෙනවා ටත් වඩා වචනයට බයයි අපේ උන් .කොච්චරක් soft විදියට කිව්වත් මැරෙන එක පණ යන වැඩක් කියලා තමයි මම නං අහල තියෙන්නෙ .🤣🤣

මේ පෝස්ට් එකට කියවපු උන් බැනලා නොගියොත් .ඊළඟට දානවා මැරුණට පස්සේ ගැන .

උපුටා ගැනීම .... හසලක තුෂාර .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Please put your effort to write something your own.