ඇය තරුවක් ද

in hive-133716 •  3 years ago 

Captureahha.PNG

source

මේ දවස් වල කවුරුත් දන්නවා shashini nisadi කියලා පුංචි කෙල්ලෙක් ගැන බොහෝම කතාවක් ඇතිවෙලා තියෙනවා .online PUBG සෙල්ලම් කරන ඇය කා අතරත් ඉතා ප්‍රසිද්ධ වී තිබෙනවා .ඒ වගේම සමහරුන්ගේ ගනන් හැදීමත් එක්ක ලොකු මුදලක් උපයනවා කියලා පෙන්නලා දීලා තියෙනවා.

මේක හරි දෙයක් ද වැරදි දෙයක්ද වගේ දේවල් ගැන එක එක අයට පෞද්ගලික මත ඇති .අපි ඒවා ගැන කතා කරමු .

ඒ වගේම මගේ මතය ගැන මම කියන්නම් .

මුලින්ම ටික් ටොක් වීඩියෝ වලින් ඇය කිහිප වතාවක් යම් තරමක ප්‍රසිද්ධියක් ලබන අන්දමේ වීඩියෝ කිහිපයක් දාලා තිබුණා . ගොඩක්ම අය ඒවට බැනලා දාලා තිබුණා .නමුත් ඇය උත්සාහය අතාරින්නෙ නැතුව තමන්ගේ අරමුණට ආවද කියලා වෙලාවකට හිතෙනවා .

දැන් ඇය online සෙල්ලම් කරන වෙලාවට 10000 ක් වගේ පිරිසක් ඇය සමඟ සම්බන්ධ වනවා .ලංකාවේ live streaming වල ඉහළම ස්ථානයක ඇය ඉන්නවා .ලංකාවෙ නිවුස් එකක් live streaming දැම්මත් 1000 ක් වගේ තමයි ඉන්නේ .

ගොඩක් අය කියන කතාවක් තමයි යට ඇඳුම් පෙන්න නටනවා ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරනවා කියලා .ඊට වඩා විකාර ටීවී චැනල් වල ප්‍රසිද්ධිය පෙන්නද්දි ඒ කියන අයට ඒව පෙනුනේ නෑ .මේ ගෑනු ළමයගේ marketing මම දැකපු විදියට අතිවිශිෂ්ඨයි .එයා කතා කරන විදිහ අද රේඩියෝ චැනල් එකක නිවේදිකාවක් වත් එහෙම ලස්සනට කතා කරන්නේ නෑ .එයාගෙ නර්තනයක් එහෙමම තමා කාගේත් සිත් ඇද බැද ගන්න විදිහට ලස්සන නටනවා.රතු පාට මලක් හිසේ හෝ ඇඳුම් ගසාගෙන අමුතු විදිහේ ඇඳුම් ඇඳගෙන ඇය අනික් අයට කරන්න බැරි දෙයක් කරන්නේ.

ඔයාලා නිකමට මේ වීඩියෝ එක බලන්නකෝ .

දැන් හිතන්න ඔයාලට ඔය වගේ presentation එකක් කරන්න තියෙනවා .තරු milion 75 කට වැඩියෙන් දුන්න ගමන් නැගිටලා නටන්න ඕනි.අනිත් වෙලාවට මොනවා හරි කිය කියා ඉන්න ඕන .පුළුවන්ද කරන්න බෑ නේද .

ඉතින් මේ ගෑණු ළමයා ගෑනු ලමයා හොයන ආදායම ගැන ගොඩක් තැන් වල වැරදියට දාලා තිබුණා .දවසකට ලක්ෂ පහක් හොයනව වගේ දේවල් .ලංකාවේ මිනිස්සු හරිම ඉරිසියයි නේ . එහෙම දාලා කට්ටිය එයාට තරු දෙන එක නවත්තයි කියලා හිතන්න ඇති .නමුත් තවත් ප්‍රසිද්ධ වෙන්න ගත්තා .දවසකට ලක්ෂ 5 ක් හෙව්වේ නැති වුණාට සැලකිය යුතු තරම් ආදායමක් එයා හොයනවා ඇති .ඒක එයාගෙ හැකියාව සහ මහන්සිය ප්‍රතිඵල .

එයාට ඒ game එක play කරන්න ලොකු හැකියාවක් නෑ .එහෙත් ඒකෙන් ආදායම් මාර්ගයක් හොයාගන්න එයාට හැකියාව තිබුණා .

ඔයාලගේ අදහස් මගේ අදහස් වලට වඩා වෙනස් වෙන්න පුළුවන් .ඉතිං ආසයි දැනගන්න ඔයාලගේ අදහස් .

අවසානයේ කියන්න තියෙන්නේ මේ වසංගතයෙන් ආරක්ෂා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සියලු දෙනාට .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Some people in our country, have a very hypocritical mental level. even if someone goes ahead with something, they are trying to hit somthing with mud. there can be even more mistakes in people who talk highly of the culture of membership.

kamak na ithim me bari amaru kale monwa hari karla kiyak hari hewwane

One person in my site came to me and ask for 3000 LKR reload ....Reason was to play PUBG... His daily salary was around 2000LKR.... I rejected the request... So pathetic....

සිරාවටම
එයාට පුළුවන් දේ එයා මාර්කට් කරනෝ..
ඒක එයාගෙ අයිතිය..
ඒකට බනින අය, කුණුහරප කමෙන්ට් දාන අය එයාට අදාලම නෑ.

ඇය තරුවක් ද

This is a serious question.

ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්ට ඕනිදේ කරන කෙනෙක් 😌