දෙවියන්ට කැප වූ අවාරේ ( 1 කොටස )

in hive-133716 •  2 years ago  (edited)

FB_IMG_1663998334034.jpg

කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ වගේම කොච්චර ලිව්වත් එපා වෙන්නෙ නැති මාතෘකාවක් තමයි සිරීපාදෙ කියන්නෙ..දෙවන වතාවටත් අවාරෙ සිරීපාදෙ යන්න පුලුවන් උනා දැනට සති දෙකකට විතර කලින් නිකිණි පෝය දවසෙ. ඉතින් ඒ ගමනේ මතක සටහන් ටිකක් බෙදගන්න ඕන කියල හිතුන නිසා ආපහු පාරක් අවාරේ සිරිපා ගැන කියන්නයි යන්නෙ.

මීට කලින් වතාවක් අවාරෙ සිරීපාදෙ යනවනම් දැනගන්න ඕන සාමන්ය කරුණු ගැන මං ලියපු post එක මෙතනින් බලන්න පුලුවන්.

IMG-20220909-WA0002.jpeg

කතාව පටන් ගත්තෙ සුපුරුදු පරිදි සති දෙකක් විතර ගමන පස්සට ගිහින් එනව කියල කියපු දෙතුන් දෙනෙක්ම එන්නෙ නැතුව..පෝයට කලින් දවසෙ සිකුරාද ඉදන් සදුද වෙනකන්ම මට නිවාඩු හම්බෙලා තිබ්බෙ..මුල් දවස් දෙකේ ගමන ගියොත් ඉතිරි දවස් දෙකත් ගෙදරට වෙලා rest කරන්න පුලුවන් නිසාත් සෙනසුරාදා පෝය දවසෙ උඩ මලුව අරින නිසා සිකුරාද සෙනසුරාද තමයි යන්න ප්ලෑන් කරගත්තෙ. උදේ 3.30 විතර අම්බලන්ගොඩින් නැග්ගෙ පානදුරට යන්න. පානදුරෙන් බදුල්ල- මඩකලපුව බස් එකේ ගිහින් උදේ 6.30 වගේ වෙනකොට රත්නපුරේ බැහින්න පුලුවන් උනා. උදේට කඩේකින් කාල පලාබද්දල බස් එකෙන් ශ්‍රීපාද ගමට යනකොට 9 විතර වෙන්නැති. බස් එකෙන් බැහැපු ගමන් මගේ බෑග් එකේ පටිය කැඩුන..ඒක නරක පෙරනිමිත්තක්ද.. මේ වගේ ගමන් වලදි අපේ සංස්කෘතිය එක්ක බැදුනු දේවල් ටිකක් තියනවනෙ..පේ වෙලා යන එක, කෝඩු චාරිත්‍ර , කට වරද්දගන්නැතුව යන් කියනව වගේ ඒව. ඒව හරි සුන්දරයි ඒ නිසා ඒව පිළිපැද්දට කමක් නෑ කියන එකයි මගේ අදහස නම්.. ඒ දේවල් ඇත්ත උනත් බොරු උනත්.

FB_IMG_1663998312027.jpg

අපි රත්නපුර පාරෙන් නැගල හැටන් පාරෙන් බහින්න තමයි ප්ලෑන් කරන් ගියේ. කොහොම හරි අපේ සෙට් එකේ කෝඩු කාරයෙකුත් ගියා. පළවෙනි සිරීපාදෙ වන්දනාවම අවාරේ එකක්..ලේසි නෑ ඒකත්. කොහොම හරි කෝඩු චාරිත්‍ර කරන්න ඕන බඩු ටිකත් පහල කඩේකින් අරගෙන, බෑග් එකේ පටියත් යන්තන් අටවගෙන, ශ්‍රීපාද ගමේ පන්සලටත් ගිහින් ආශිර්වාද ලබාගෙන තමයි අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තෙ. පහල පොඩි පොඩි කඩවල් ටිකක් නම් ඇරල තිබ්බ. ඊට පස්සෙ නම් මොකක්වත් කඩයක් නෑ.. ඕන කරන ඔක්කොම දේවල් අරගෙන යන්න ඕන.

FB_IMG_1663998329166.jpg

FB_IMG_1663998270512.jpg

ගමන පටන් ගනිද්දි නම් හොදට ඉර පායල තිබ්බෙ. ලොකු සීතලක් තිබ්බෙත් නෑ. උඩට යන්න යන්න සීතල, මීදුම, හිරිකඩ වැටෙන්න ගත්ත..පරිසරය ගැන නම් කියන්න වචන නෑ..පුදුම ලස්සනක්..නෙලුම් කුලුන උඩට නැග්ගම දිව්‍යලෝහෙට ලඟයි කිව්වට ඇත්‍තටම දිව්‍යලෝකෙටයන පාර සිරිපා අවාරේ කියලයි මට නම් හිතෙන්නෙ.

FB_IMG_1663998256691.jpg

කුරුවිට එරත්න පාරයි රත්නපුර පලාබද්දල පාරයි එකට එකතු වෙන හැරමිටිපාන නැත්තන් ගල්වන්ගෙඩිය අම්බලමේ රෑට නවතින එක තමයි අපේ පළවෙනි දවසෙ ප්ලෑන් එක උනේ..කලුවර වැටෙන්න කලින් යන්නත් ඕන, ලයිට් වත් වතුර වත් නෑ කොහේවත්.
මග දිගට පිංතූර ටිකකුත් අරගෙන හිමින් හිමින් අපි සීත ගගුල ගාවට ආව. එතන තමයි දවල්ට කන්න ප්ලෑන් කරේ. ඒ හරියට එද්දි සීතල හොදට දැනෙන්න පටන් අරං තිබුනෙ .ඒ නිසා ඔක්කොටම කලින් උණු උණුවෙ කිරි කෝපි එකක් හදාගෙන බිව්ව. ගෙදරින් අරන් ආපු පාන් තමයි දවල් කෑම. එතන ගල් තලාවෙ වැතිරිලා ටිකක් විවේක අරගෙන ආපහු ගමන් පටන් ගත්තෙ එතන ඉදන් ඉදිකටුපානෙ හමීරගෙ කෝඩු චාරිත්‍ර ටිකත් ඉටුකරාට පස්සෙ..

FB_IMG_1663998289291.jpg

FB_IMG_1663998286107.jpg

ටික ටික හවස් වේගෙන කලුවර වීගෙන එනව..මීදුමත් වැඩි වෙනව..තව පැය දෙකක් විතර ගමනක් තමයි අපේ පළවෙනි නවාතැනට තිබ්බෙ.. ඒ වෙනකොටත් කට්ටියගෙ fitness level ටිකක් බැහැල තිබ්බෙ..කොහොම හරි යාන්තම් කලුවරවැටීගෙන එනකොට ගල්වංගෙඩිය අම්බලමට යාගන්න පුලුවන් උනා අපට..

FB_IMG_1663998296561.jpg

අපේ සෙට් එකේ පස් දෙනෙක් හිටියා. මෙඩිකල් ෆැක්ල්ටි out උන ඩොක්ටර්ල දෙන්නෙක් හෙමිල්, හමීර, සියලුම ප්‍රථමාදාර, බෙහෙත් සපයන්න. වෘත්තීමය ඵොටෝග්‍රැපි- ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉමේශ්, සියලුම ෆොටෝ වීඩියෝ ටික ලස්සනට ගන්න. කලින් gym instructor කෙනෙක් වෙලා හිටපු සොහාන්, ඕන වෙලාවක සියලු බර කරට අරන් උඩට නගින්න සහ නිකන් සුපුන්, main organiser.

FB_IMG_1663998292539.jpg

ගමනෙ හොදම ටික පටන් ගත්තෙ ඊට පස්සෙ..ඒ ටික ඊළග කොටසින් අරං එන්නම්. එතකන් සුබ දවසක්!

-Ceylonese Eye-

IMG-20220911-WA0020.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Mn 5 parak gihin thiyanawa siripade eth awareta gihin naane eka parak wath...

මම ගියේ එකම එක පාරයි. ඒ මම ගොඩාක් පුංචි කාලේ. අවුරුදු දහයේදී වගේ. අපි නැග්ගේ රෑ. පාන්දර ඉර සේවයත් බලල තමා බැස්සේ. උඩට ගියා. කළුවරයි. මොකුත් පේන්නේ නෑ. කවුද මගේ ඔලුව බිම ගැහුවා. මට මොකුත් පෙනුනේ නෑ. පස්සේ මම උඩදී නොතේරෙන කමට කීව. අපෝ මොකුත් දැක්කේ නෑ . මේකටද අපි මෙච්චර දුරක් ආවේ. මම නම් ආයේ එන්නේ නෑ කියල. ඒ කීව කීවමයි මොනතරම් ගමන් ගියත් තව අද වෙනකන් ශ්‍රී පාදේ යන්න බැරි වුණා.

එහේ යද්දි වචන වරද්ද ගන්නෙපා කියන කතාවෙ ඇත්තක් තියෙනව වගේ 😁

Aware siripade karunakarana ekath harima wenas experience ekak

Ow..wenasma, hodama experience ekak 😊

නගින්න සහ නිකන් සුපුන්, main organiser.

😅😅
මම වගේ. මමත් main organiser හැබැයි.

මේක මාර ලස්සන ගමනක් කියලා මම දැකලා විතරයි තියෙන්නෙ. දවසක යයිද දන්නෙත් නෑ.

eka parak hari yannama ona gamank 😊

ඒක නම් නියම ගමනක්.අපි සෙට් එකත් අවාරෙ ගියා. දැරණියගල පාරෙ. ඒකනම් භයානක ගමනක් වුණා.

😍 marune..mn e patten gihinma na.

matath yanna aasa hithuna photo tika dakkama

😊😊❤️ meka yannama ona ekak..