මම මේ ලෝකෙ යන්න ආසම තැන් වලින් එකක් තමයි යාල ජාතික වනෝද්‍යානය කියන්නෙ. එහේ තියෙන නිදහසට සත්තුන්ට, විෂේශයෙන් දිවියො දකින්න..ලෝකයේ වැඩිම දිවි ඝනත්වයක් සහිත කලාපය යාල කියල කියන්නෙ. ඉතින් යාලෙ යන හැමෝගෙම ultimate goal එක තමයි කොහොම හරි දිවියෙක් දැකගන්න එක. ඒකටත් වාසනව තියෙන්න ඕන හැබැයි ලන්කාවෙ වෙන කිසිම වනෝද්‍යානයකට වඩා වැඩි අවශ්ථාවක් තියෙනව යාලෙදි දිවියො දකින්න..
අද කියන්නෙ මීට සති දෙක තුනකට කලින් යාල ගියපු වෙලාවෙ ගත්ත පිංතූර කීපයක් ගැන..
ඒ දවසෙත් "goal" එක සපුරගන්න අපට පුලුවන් උනා..අමාරුවෙන් හොයල හොයල බලනකොට, ඉර බැහැගෙන යන ලස්සන සන්ද්‍යාවක රුක්විල ගල උඩ දි හම්බුනා "හසලක" කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොටියව..පෙනුමෙන් නම් පූර්ණ පරිණත අවධියට තාම ආපු නැති sub adult පිරිමි සතෙක්..එතන හිටපු සංචාරකයො හැමෝගෙම සිත් සතුටු කරල ලංකාවට ඩොලර් ගොඩකුත් ඉස්සරහටත් ගේන්න එයාට එදා පුලුවන් උනා..
තව දෙයක්.. යාලෙදි දිවියො දකින්න අමාරුයි නම් වලහෙක් දකින්න ඊට වඩා සෑහෙන්න අමාරුයි. වාසනාවකට අපට වලස්සු 5 දෙනෙක් ම දකින්න හම්බුන සෆාරිය පුරාවට. වලස් අම්මයි පැටවු දෙන්නෙකුත් 😍. පහු ගිය දවස් වල තිබ්බ වැස්ස නිසා වේ හුඹස් වලින් එලියට එන වේයොන්ගෙ
රස බලන්න තමයි මේ වලස්සු ටික ඒ දවස් වල එලි බැහැල හිටියෙ..
ඒ කොහොම උනත් , wild life වලදි ලංකාව ගොඩක්ම ප්‍රසිද්ධ අලින්ටනෙ . හැබැයි අලි බලන්න නම් යාලට වඩා හොද තැන්, වනෝද්‍යාන ඕන තරම් තියෙනව..යාලෙත් අලි නැතුවම නෙවෙයි අතරින් පතර දකින්න පුලුවන්. සෆාරිය ඉවර කරන්න ඔන්න මෙන්න තියල හම්බුන දළ තියෙන ආඩම්බරකාරය තමයි පහළ ඉන්නෙ..
යාල ඇතුලෙ වන සංරක්ශන දෙපාර්තමේන්තුවේ බන්ගලෝ එකක නැවතිලා තමයි මේ ගමන ගියේ..ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්න පුලුවන්.
කුරුල්ලො, මුවෝ, කිඹුල්ලු වගේ තව නානාප්‍රකාර සත්තු දකින්නත් පිංතූර ගන්නත් එදා අපට පුලුවන් උනා. වැස්ස නිසා මඩ වෙලා ගස් කොළ පාට වෙලා තිබ්බ යාල වෙනදට වඩා ගොඩක් වෙනස් වගේ පෙනුන. හැබැයි phone එකේ සිග්නල් කදුලක් නැති මහ වනන්තරේ මැද්දෙ ගත කරකරනකොට දැනෙන ඒ නිදහසට නම් තාමත් ලෝබ හිතෙනව..
-ceylonese eye-
ඒ ෆොටෝස් වල ලස්සන!ඒ කොටියගෙ ආඩම්බරේ😍
තාම එක දවසක් වත් යන්න බැරිවුණාට පුදුම ආසාවක් තියෙන්නෙ මට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤️..mamath mulinma awrudu dekakata wtra udadi giye..eda idan one of the favorite places..if you need a person with a camera I'm more than happy to join 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Math safari ekak gihin na thama. Yanda asai meka dakkama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ida tibbot matat kiyanna 😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔරිජිනල් ෆොටෝ ටික දාන්නෙ නැද්දෝ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
original ewai format eke awlk nisa uploAD wenne na 😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
RAW fomat eka nisa
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
yanna asama than walin ekak. Mama giya gamane kotinwawath walahawath balanna labun na.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
walahek nm dakina eka sahenna rare.habai me dawaswala nm tikak eliye innawa. Kotiyat dakinna lucky day ekak wennona 🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Photos tika lassanai 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit