ඩොලර් ගේන කුණු- 2කොටස

in hive-133716 •  2 years ago 

ඉවත ලන ප්ලාස්ටික් බෝතල් වලින් ඩොලර් ගේන කතාවෙ දෙවනි කොටස තමයි දැන් කියන්න සූදානම් වෙන්නෙ..පලවෙනි කොටසෙ කතා කරේ පසුබිමයි බෝතලේ පොඩි කෑලි වලට කපාගෙන flakes හදාගන්න එක වෙනකන්..ඒක මෙතනින්ගිහින් බලන්න පුලුවන්.අද කියන්නෙ ඒ පුංචි ප්ලාස්ටික් කෑලි වලින් නූල් හැදෙන හැටි ගැන.

කලින් සටහනේ කිව්ව වගේ යාන් ප්ලාන්ට් එකේ තමයි මේ ක්‍රියාවලිය සිද්ද වෙන්නෙ. යාන් ප්ලාන්ට් එකේ ප්‍රධාන අංශ දෙකක් තියෙනව. එකක් POY ( pre oriented yarn ) අංශය. මේකෙදි තමයි අර පුංචි ප්ලාස්ටික් කෑලි ලොකුම විපර්‍යාසෙකට භාජනය වෙන්නෙ. මේ POY මැශින් එකට ඇතුලු කරන flakes වල මුලින්ම ජල වාශ්ප හා dust එක වගේ තියෙන කොටස් ඉවත් කිරීමකට ලක්වෙනව. ඊට පස්සෙ මේ flakes, extruder නම් උපකරණයක් තුලින් යනව. මේකෙදි සිද්ද වෙන්නෙ flakes රත් වෙලා දිය වීමක් ( melt). එතනින් නිපදවන melt එක ඊට පස්සෙ පොම්ප මගින් ඉහළට රැගෙන ගිහින් ෆිල්ටර් දෙකක් මගින් ගමන් කරනව. මේ ෆිල්ටර් මගින් melt එකේ තියෙන අනවශ්‍ය කොටස්, ඝන කොටස් වගේ ඒව පෙරීමකට ලක් කරනව. මේක ඉතාම සියුම් වගේම වැදගත් ක්‍රියාවලියක්. මේ ෆිල්ටර් වල සිදුරක ප්‍රමාණය මයික්‍රෝ මිලිමීටර් 5 ක් වගේ කුඩායි. මෙතනින් ෆිල්ටර් වෙන melt එකේ අපද්‍රව්‍ය තිබොනොත් ඒකාකාර නූලක් ( yarn එකක් ) ලබාගන්න බැරි වෙනව.

Screenshot_2022-08-21-23-46-49-079_com.google.android.youtube.jpg

ඊට පස්සෙ මේ මෙල්ට් එකට තව වර්ණක හා රසායන ද්‍රව්‍ය කීපයක් එකතු වෙලා hoppers නම් උපාංග තුල තියෙන කුඩා සිදුරු වලින් නූල් වලට සමාන දෙයක් පහලට වැක්කෙරෙනව. මේ නූල් වලට සමාන දේ ට තමයි pre oriented yarn කියල කියන්නෙ. ඊට පස්සෙ මේවා තරමක් විශාල නූල් පන්දු ලෙස winder නම් උපකරණ මගින් එතීමකට ලක් කරල තත්ව පාලන අංශය වෙත යවනව.

මෙ pre oriented yarn ( POY) වලින් රෙදි විවීමක් කරන්න බෑ. හරියට පොලිතීන් වගේ ශක්තිය අඩුයි සමට සුවපහසු නෑ.ඒ නිසා මේ POY ඊළඟ අංශය වෙත, ඒ කියන්නෙ Draw Textured Yarn (DTY) වෙත යොමුකරනව.මේ අංශය තමයි මම භාරව හිටියෙ. මේකෙදි කලින් ආපු POY, ඇදීමකට හා twist කිරීමකට ලක් වෙලා ඇගට සුවපහසු, ශක්තිමත් බව වැඩි, fabric නිශපාදනයට ගන්න yarn නිශපාදනය වෙනව.

IMG_20220904_213943.jpg

මේ නිශපාදනය තමයි ඊළගට ඇසුරුම් අංශය වෙත ගිහින් වෙළදපොල වෙත යන්නෙ. ලංකාවෙ වගේම ලෝකයෙත් ඉතාම ප්‍රසිද්ද ආයතන වලට මේ yarn අලෙවි කරන නිසා ඒවගේ ගුණාත්මක බව පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න උනා.

දවස් හතම පැය විසි හතරම දුවන ෆැක්ටරියක් නිසා නිදහසක් නම් තිබ්බෙම නෑ කවදාවත්. හිටපු ගමන් රෑ එකට දෙකට ෆැක්ටරියට දුවන එක සාමන්ය සිදුවීමක් උනා. DTY වෙන්න කලින් තියෙන POY එකේ වගකීම් බාරව හිටපු රමල් එක්ක නැවතිලා හිටියෙ ෆැක්ටරියට කිට්ටු තැනක. රමල් කියන්නේ මගේ කැම්පස් එකේ හොස්ටල් එකෙත් room mate. Final year එකේ project එක කරෙත් එකට. අන්තිමට ජොබ් එකට ඇවිල්ලත් ප්ලාන්ට් එකේ වැදගත්ම කොටස් දෙකේ වගකීම බාරගන්න උනේ අපි දෙන්නට.
ඔන්න ඕකයි ප්ලාස්ටික් බෝතල් වලින් ඩොලර් ගේන කතන්දරේ..තව දන්නෙ නැති දෙයක් තියේ නම් පහලින් අහන්න..සුබ දවසක්!

-ceylonese eye-

IMG-20220904-WA0008.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Oyalage eke me yarn hadanwa kiyala danan hitiye na 🙊

me wage weda kochchara ape rate karnna puluwnda.